මේ දවස්වල බඩුමිල ගණන් කියලා හැමෝම කියනවනේ, කලින් නිකම් දුන්න දේවලුත් දැන් ගනන් ගිහින්. සමහර දේවල් පාවිච්චි කරන්න කරන්න ඉල්ලුමට සැපයුමක් දීගන්න බැරිවෙනවනේ .මේ දවස්වල මූනුපොතේ බ්ලොග් සටහන්වල නිව්ස් සයිට්වල හොන්දට පාවිච්චි කරන දෙයක් තමයි මඩ, මම දැක්ක කාටුන් වලත් තියනව අපේ කට්ටිය ගහන මඩ ගැහිල්ලට මඩ ඉවරවෙලා උෟරෝ මඩ නැතුව වේලි වේලි ඉන්නවා. මඩ නැතුව වේලෙන(-----) කවුරු හරි ඉන්නවනම් මෙන්න තැන
Saturday, 23 January 2010
Thursday, 21 January 2010
Avast! Free Antivirus 5.0.377
මෙන්න ඇවාස්ට් පාවිච්චි කරන අයට සුබ පනිවිඩයක් , මෙතනින් වැඩිවිස්තර ගන්න.
Posted by චතුරංග රූපසිංහ at 10:48 2 comments
ඇගේ ගමන වළකනු බැරිවිය ඔවුනට
{දිවයින}
එක් සත්‍ය කතාවක්
ඇය නමින් ශ්‍යාමලී. ශ්‍යාමලී උපන්නෙ හද්දා පිටිසර ගමක. ශ්‍යාමලීගෙ තාත්තා ගුරුවරයෙක්. අම්මා රැකියාවක් කළේ නෑ. ගෙදර දොරේ කටයුතු හොඳින් කරගෙන තමන්ගෙ කැදැල්ලෙ හැම අවශ්‍යතාවක්ම නොපිරිහෙලා ඉටුකරමින් හොඳ ජීවිතයක් ගත කළා.
දැන් ඔන්න පුංචි ශ්‍යාමලී පාසල් යන වයස. ඇය ගමේ ප්‍රාථමික ඉස්කෝලෙ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කළා. පුංචි ශ්‍යාමලී හරිම දඟකාරයි. ඒ වගේම කට කාරයි. ඇස්වහක් කටවහක් නෑ දක්ෂකම් එමටයි. එයාට කිසිම දවසක කිසිම දෙයක් දෙපාරක් කියන්න ඕන නෑ.
පංතියෙ ගුරුතුමීට අමතක වෙලා හරි බැරිවීමකින් හරි යම් වැරැදි දෙයක් හරි එහෙම නැත්නම් පුංචි අඩුපාඩුවක් හරි ඇතිව යම් දෙයක් කියා දුන්නොත් ටීචර් අපේ ගුරු අත්පොතේ තියෙන්නෙ ඔහොම නොවෙයිනේ" ශ්‍යාමලී නැගිටල මහ හඬින් එහෙම කියන්නෙ පංතියට විතරක් නෙවෙයි දෙපැත්තෙ පංතිවලටත් ඇහෙන්නයි.
"ගුරු අත්පොත" ඔයා දන්නෙ කොහොමද ගුරු අත්පොත ගැන?" ගුරුතුමිය අහන්නෙ පුදුමෙන්.
"අපේ තාත්තා පළමුවැනි ශ්‍රේණියෙ ගුරු අත්පොතක් ගෙනැල්ලා අම්මට දුන්නා. අම්මා මට ඒකෙන් පාඩම් කියලා දෙනවා" ශ්‍යාමලී චණ්ඩියා වගේ කිව්වා.
ගුරුතුමියට ටිකක් කේන්ති යන්න ඇති. "ඔයා ඉස්කෝලෙ නාවට කමක් නෑ. ගෙදර නැවතිලා අම්මගෙන්ම ඉගෙන ගන්න" ඇය එහෙම කිව්වා.
"හා ටීචර්. මම හෙට ඉඳලා එන්නෙ නෑ. හැබැයි වාර අවසාන විභාගයට එනවා" ශ්යාමලිත් පරාද නෑ. ඒ පාසලේ උගන්වන වෙන ගුරුතුමියකගෙ දුවකුත් ශ්‍යාමලීගෙ පංතියෙම හිටියා. එයා මධුවන්ති. මධුවන්තිගෙ අම්මා එයා හරියට වැඩ කරනවද කියල බලන්න නිතර නිතර ඒ පංතියට එනවා. ඒ ගුරුතුමිය හැමදාම ශ්‍යාමලීගෙ පොතුත් අරගෙන බලනවා. ඒ පොත් පුරාම රතු පාටින් හරි දාලා.
"උඹට මොකෝ මේ වගේ වැඩ කරන්න බැරි?" ඒ ගුරුතුමිය එයාගෙ දුවට ශ්‍යාමලීගෙ පොත් පෙන්නලා අහනවා. මධූගෙ ඇස්වල කඳුළු පිරිලා. ගුරුතුමිය හෙවත් ඒ අම්මා කේන්තියෙන් ශ්‍යාමලීගෙ පොත එයා ළඟට විසි කරලා ගස්සාගෙන පිටවෙලා යනවා. "මධූ..... ඔයා අඬන්න එපා ඔයාට බැන්නෙ ඔයාගෙ අම්මනේ" ශ්‍යාමලී ලොකු අම්මා වගේ කියනවා.
දැන් ශ්‍යාමලී දෙවැනි පංතියෙ. ඒ කියන්නෙ මධුවන්තිගෙ අම්මගෙ පංතියෙ. ශ්‍යාමලී දක්ෂ නිසාත් මධුවන්ති දක්ෂකම්වලින් ටිකක් අඩු නිසාත් ගුරුතුමිය ටික ටික ශ්‍යාමලීට වෙනස්කම් කරන්න පටන් ගත්තා. හැබැයි ශ්‍යාමලී නම් ඒ මොකවත්ම ගණන් ගත්තෙ නෑ. ඒ එයාගෙ හැටි. ඒ වුණාට ඉස්කෝලෙ සිද්ධ වෙන හැම දෙයක්ම ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර අම්මට කියනවා.
මේ පාසල ඈත එපිට දුෂ්කර ගමකනේ තියෙන්නෙ. ඒ ගමට පොදු ප්‍රවාහන පහසුකම් අඩුයි. ඉතිං ගුරුතුමීලා, පාසලට එන්නෙ හැම දවසෙම වගේ පරක්කු වෙලා. පරක්කු වෙලා ආවට මොකද යන්නෙ නම් වේලාසනින්. ගුරුතුමීලා පරක් වෙලා එන නිසා සිසුනුත් ඒ ක්‍රමේට පුරුදු වුණා. එයාලත් පරක්කු වෙලා එන්න පටන් ගත්තා.
දවසක් උදේ පාන්දර ආපු විදුහල්පතිතුමා වේවැලත් තියාගෙන ගේට්ටුව ළඟට වෙලා හිටියා. සීනුව ගැහුවට පස්සෙ ආපු හැම ළමයෙක්ම ගේට්ටුව ළඟ නතර කර ගත්තා. දැන් වෙලාව නමයටත් කිට්ටුයි. ළමයි පනහක් විතර ප්‍රමාදෙට අහුවුණා.
"ඇයි පරක්කු වුනේ? මම තමුසෙලා ඔක්කෝටම ගහනවා" විදුහල්පතිතුමා කේන්තියෙන් කිව්වා.
"ලොකු සර්... අපි පරක්කු වුණා කියලා අපට ගහනවා නම් අන්න අපේ ටීචර්ලා අපටත් වඩා පරක්කු වෙලා එනවා. එයාලටත් ගහන්න ඕන." පුංචි ශ්‍යාමලී වීරයා වගේ කිව්වා. විදුහල්පතිතුමාට කට උත්තර නෑ.
"දුවන්නයි කිව්වෙ පංතිවලට" එතුමා තරමක කේන්තියෙන් කිව්වා. ළමයි හූ කිය කියා පංතිවලට දිව්වා.
"ශ්‍යාමලී මෙහාට එනවා. තමුසෙ පංති නායක කමට සුදුසු නෑ. තමුසෙගෙ කට වැඩියි." එදා පංතියට ආපු ගමන්ම පංතිය බාර ගුරුතුමිය ශ්‍යාමලීගෙ පංති නායක පදක්කම ගලවලා වෙනත් ළමයකුට පැළැන්දුවා.
"ඒක හරි ෂෝක් අම්මෙ. මොනිට්රස් කියල මට තමයි හැමදාම පංතියෙයි, මිදුලෙයි තියෙන බලු කක්කා අරගෙන දාන්න ඕන. දැන් මම ඒකෙන් නිදහස්. අම්මා දුකෙන් කථා කරන කොට පුංචි ශ්‍යාමලී හිනා වෙවී කිව්වා.
Posted by චතුරංග රූපසිංහ at 09:20 2 comments
Wednesday, 20 January 2010
නම් තැබීම
අපේ රටේ ඇමතිමන්ඩලය චීනයට ගියොත් ( මම කීවේ චීන පාර්ලිමේන්තුවට )මෙන්න මේ විදියට නම් වෙනස් කරන්න වේවි. මට මේක හම්බුනේ මූනු පොතෙන්, අපේ මකර උන්නෙහේත් මට මතකවිදියට මේගැන ලියල තිබ්බ. ඉතින් ඒකට ලින්ක් එක දාන්න ගිහින් මකර රජදහනේ පොස්ට්වලින් බාගයක්ම් බැලුවා. මම දැකපු බ්ලොග්වලින් වෙනස්ම බ්ලොග් එකක් තමයි ඒක. අනේ එත් මට ඔන ලිපියනම් හොයාගන්න බැරිවුනා. කව්රුහරි දැක්කොත් කමෙන්ටුවක් දාන්නකෝ..........
Posted by චතුරංග රූපසිංහ at 23:02 9 comments
Sunday, 17 January 2010
බෝමලුවේ මල්
හැමදාම ලිපියක් හරි වීඩියෝ එකක් හරි පින්තූරයක් හරි දාන එකේ , අද හිතුනා සින්දුවක් දාන්න. කියන්නෙ කවුද කියලනම් දන්නෙ නෑ, හැබැයි ලස්සනට කියනවා. කියන්නෙ පොඩිඑකෙක්. ඇස්දෙක පියාන අහගෙන ඉන්න පුලුවන්. බලන්නකෝ ඔයගොල්ලොත් මේක දාන්න හේතුව වුනේ රෝසවලාකුලු
Posted by චතුරංග රූපසිංහ at 17:55 1 comments
Friday, 15 January 2010
සීතල නුවරඑලියේ නොදුටු තැනක්
හැමෝම දන්වනේ පුන්චි එංගලන්තය කියන්නෙ කොහෙද කියලා මීට කලින් ඒ ගැන ලිපියක් නුවන් අයියා ලියල තිබ්බා මෙන්නමෙතනින් බලන්නකෝ ඒක කොහොම වුනත් මම අද ලියන්න යන්නෙ නුවරඑලිය ගැන නම් නෙමේ නුවර එලිය යනකොට හම්බවෙන රම්බොඩ උමං මාර්ගය ඔයගොල්ලෝ දන්නව නේ
කොලඔ ඉදන් නුවරඑලිය පැත්තට උමග පහුකරල ටිකදුරක් යද්දි ලස්සන දර්ශනයක් අපේ ඇස් වලට අසුවෙනවා


මේ තියෙන්නේ පාරෙන් වම් පැත්තේ පින්තූර ගත්තේ මෙතනින්

මෙන්න මේක මම අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක්

Posted by චතුරංග රූපසිංහ at 07:50 10 comments