Friday 26 February 2010

අපි වෙනස් වුනා

අපි වෙනස් වුනා, අලුත් උනා, නරකුත් වුනාද මන්ද?

කොහොම වුනත් ගොඩක් දෙනාගේ ඉල්ලීම පරිදි පරන ඇදුම ගලෝල වෙන එකක් ඇන්ද.
කෝමද? මේක

Thursday 25 February 2010

Auto CAD (ඔටෝ කැඩ්) සිංහලෙන්

සමහරු මෙයට ඔට කැඩ් කියාද හදුන්වයි. පාඩමට ඇතුලත් වීමට ප්‍රථම අපි Auto CAD කුමක් සදහා කවුරුන් පාවිච්චි කරනවාදැයි බලමු.

ගෘහ නිර්මාන ශිල්පීන්,
සැලසුම් ශිල්පීන්,
වාස්තු විද්‍යගදයින්,
සිවිල් ඉංජිනේරුවන්
විදුලි යාන්ත්‍රික ඉංජිනේරුවන්,
මිනුම් ශිල්පීන්.

Auto CAD කවුලුව මේ ආකාරයට දිස්වේ.


















මෙය Auto CAD පාඩමක් නිසා Menu ආකාරයට පැහැදිලි නොකර පාඩමක් ආකාරයට ඉදිරියට ගෙනයාමට මම බලාපොරොත්තු වෙමි.


Units

Auto CAD මගින් යම් දෙයක් ඇදීමට පෙර අප විසින් අප භාවිතා කරන මිනුම් වර්ගය Auto CAD වෙත ලබාදිය යුතුය.
ඒ සදහා
Format ----> Units ක්ලික් කරන්න

එවිට පහත කවුලුව විවෘත වනු ඇත


මෙහි
Length
Type ----> දිග මැනීම පිනිස අප විසින් භාවිතා කරන ඒකක වර්ගය.
Precision ----> අප බලාපොරොත්තු වන නිවැරදි තාවය.

Angle
Type ----> කෝණ මැනීම පිනිස අප විසින් භාවිතා කරන ඒකක වර්ගය.
Precision ----> අප බලාපොරොත්තු වන නිවැරදි තාවය.

Drawing units for Design Center blocks
When inserting block into this drawing. Scale them to
මෙලෙස සදහන් වනතැන
අපි භාවිතා කරන ඒකකයේ මිමි වර්ගයක් යොදන්න.

උදා Architectural නම් Feet හෝ inches
Decimal නම් Millimeters හෝ meters

මෙ පිලිබද වැඩි කරුණු ප්‍රමාණයක් ඉදිරි පාඩම් වලින් බලාපොරොත්තු වන්න.


ඇදීමේ විධානයන් සමග ඉදිරි දිනක හමුවෙමු.



Wednesday 24 February 2010

Auto CAD

සමහරුන්ට මතක ඇති මම බ්ලොග් එක පටන් ගන්න කොට කීව Auto CAD කියල දෙන්නම් කියලා. ඉතින් මේ හදන්නේ ඒ පොරොන්දුව ඉටු කරන්න. මගේ අදහස කොටස් වශයෙන් U tube එකට දාන්නයි. වෙනත් ක්‍රමයක් තියනවන්ම් කියන්න. පලමු කොටස හෙට උදයේ බලාපෙරොත්තු වෙන්න. දැන් ඉගෙන ගන්න කැමති අය AutoCAD 2007 දාලා තියාගන්න.

ඒ වගේම මම කැමතියි පංතියට සහභාගි වෙන්න කැමැත්තේන් ඉන්න අය අදුන ගන්න. අඩුම 5 දෙනෙකුටවත් ප්‍රයොජනයක් තියනවනම් තමා මම පටන් ගන්නේ. නැත්නම් ඉතින් මම වෙන මහන්සියට තේරුමක් නැහැනේ.
හරි එහෙනම් පංතියට සහභාගි වෙන අය (එනවෝ) කිය හරි කියලා යන්න

Saturday 20 February 2010

අපේ සින්ඩිය සහ අලුත් සින්ඩිය

ඇත්තටම අන්තර්ජාලය ප්‍රයොජනවත් ලෙස යෙදවීමට, අපේ සින්ඩිය මම හිතන්නේ මට වගේම ඔයගොල්ලන්ටත් ගොඩක් උපකාරි වෙන්න ඇති. ලෝකය ගැන, තාක්ශණය ගැන, දේශපාලනය, ආගමික, විනෝදාත්මක වගේ මෙකී නොකී නොයෙකුත් දේ ගැන ඔයගොල්ලෝ ලියන දේවල් කකුල් දෙක ගාවටම ගෙනත් දුන්නේ අපේ සින්ඩිය. එක එක කාලවලදී එක එක ආකාරයට වෙනස්වෙමින්, අලුත්වෙමින් හුදකලා ගමනක අපේ සින්ඩිය ආව. මේ දුර එන කොට විවිද බාදක වැට කඩොලු අතරින් එන්න වුනේ, සමහර කාල වල සින්ඩියත් එක්ක හිටපු සින්ඩියේ දියුනුවට යම් තරමකින් දායක වුන අය සින්ඩිය අත හරලා ගියා. සමහරු අලුතෙන් ආව. සින්ඩියට තනියට හිටියේ කොත්තු විතරයි. නමුත් කොත්තු හිටියේ සින්ඩියට සැතපුම් ගනගක් ඈතින්. කොහොම වුනත් පසුගිය දවසක සින්ඩිය ආයෙත් වෙනස්වුනා. මම වගේම සමහරු ඒ වෙනසට එතරම් කැමතිවුනේ නෑ. ඉතින් එහෙම වුන එකෙන් වාසියක් වුනා. සින්ඩියට සහොදරියක් හම්බවුනා. මෙන්න මෙතන එයා ඉන්නවා ගිහින් බලන්න. (හැබැයි මම එහෙම නෙමේ එයාව හැදුවේ, හැදුවේ අපි නවුරුත් දන්න වැප්)

කොහොම වුනත් දැන් අපේ සින්ඩියේ තනියට තව කෙනෙක් ඉන්නවා. දැන් දෙන්නම මීට පස්සේ ඔය‍ ගොල්ලෝ ලියන එවා ගෙනත් දෙයි. අපේ සින්ඩියටයි අලුත් සින්ඩියටයි දෙන්නටම සහයොගයෙන් දිග ගමනක් යන්න හැකිවෙන්න ඔන. මම හිතනවා ඔය ගොල්ලොත් මාත් එක්ක එකග වෙයි කියලා.

Wednesday 17 February 2010

ප්‍රජනන සෞඛ්‍ය පිලිබද සින්හලෙන්
















අන්තර්ජාලය තුල ප්‍රජනන සෞඛ්‍ය පිලිබද සින්හලෙන් දැනුවත් කරන අඩවියක් මට මුන ගැහුනා. මම හිතුවා ඒක ගැන ඔයගොල්ලනුත් දැනුවත් කරන එක හොදයි කියලා.

සමහරු මේ ගැන දන්නවත් ඇති.

ඔවුන් පවසන ආකාරයට මේය පවත්වාගෙන යන්නේ වෛද්‍යවරුන් විසින්මයි.

මෙහි පවතින අනිත් වැදගත් කාරනය තමයි ඹබට යම්කිසි ගැටලුවක් තිබේනම් අන්තර්ජාලය හරහා සිංහලෙන්ම වෛද්‍යවරයකු මුනගැසීමට හැකියාවයි.




Tuesday 16 February 2010

ජංගම දුරකථන භාවිතයේදී ඔබ මේගැන සැලකිලිමත් වුනාද?

මේ ගැන ඉතා වැදගත් ලිපියක් විදුසර පත්‍රයේ පලවී ඇත එහි පහත සදහන් මාතෘකා ඔස්සේ ලිපිය විහිදීයයි.


1 අත්‍යවශ්‍ය හදිසි අවස්‌ථාවක දී හැරෙන්නට
කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා
දිරිමත් නො කරන්න

2 ජංගම දුරකථන සංවාද සඳහා
ගත කරන කාලය සීමා කරන්න


3 ජංගම දුරකථනයේ අභ්‍යන්තර ඇන්ටනාව
කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන
පරිදි භාවිත කරන්න


4 දුරකථන සංඥා (Signal) වඩාත් හොඳින්
පවතින ප්‍රදේශවල දී පමණක්‌ දුරකථන
ඇමතුම් ලබාගැනීමට කල්පනාකාරී වන්න


5 රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන
ක්‍රියා විරහිත කර තබා ගැනීම වඩාත් සුදුසු වෙයි


6 හිසට සහ කනට සෘජුව ම සම්බන්ධ
කෙරෙන ජංගම දුරකථන උපාංග (Headsets)
පැළඳීමෙන් වළකින්න

7 ජංගම දුරකථනයේ ආදේශකය "වොසෙරා"

මෙතනින් ලිපියට යන්න





Monday 15 February 2010

ආයෙත් සුහද හමුවක් තියමුද ?

කියල කතාවක් මේ දවස්වල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තුයනවා.

ඉතින් මම හිතුවා පොඩි චන්ද විමසීමක් කරල බලන්න.
ඔන්න දකුණු පැත්තේ උඩ තියනව චන්ද කොලේ,
හොර නෑ බොරු නෑ දිනුව හෝ පැරදුනා කියල ලැබෙන දේකුත් නෑ .
ඒකට කමක් නෑ ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාෂ කරල යන්න.

Thursday 11 February 2010

දැන්වීමයි (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී)

මම රන්දිකා රණවීර. මට මේ දිනවල ඉමහත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ. මට පමණක් නොවෙයි myblog.lk තුලින් blog ලියහැමට මේ ප්‍රශ්නය ඇතැයි සිතමි. අපගේ blog අඩවි වලට ඇතුලත් වීමට නොහැකිව ඇත. කෙසේ හෝ blogger හී පිහිටුවන ලද නව අඩවියේ ලිපි පල කලද ඒවා සින්ඩියේ පල නොවන්නේ තවමත් පොරොත්තු ‍ලැයිස්තුවේ රැඳී සිටින බැවිනි.

එබැවින් මම
Anything & Everything හරහා මගේ අලුත් ලිපියට link එකක් දීමට අවස්ථාවක් ලබා ගතිමි

රන්දිකා රණවීර






Monday 8 February 2010

නුහුරු නමුත් වටිනා ගීත ඇල්බමයක්











අප්පච්චී ( appachchi )

මම හිතන විදියට මේ ගීත ඇල්බමය ලංකාවෙ ගොඩක් දෙනෙක් අහල නැහැ. දැනට අවුරුදු 4/ 5 කට පමණ පෙර නිපදවූ ඇල්බමයක් වුනත් මේක රෙකෝඩ්බාර් වල විකීනීමට දාල තිබුනේ නැහැ. ඉතාමත් ලස්සන හරවත් ගීත 14 ක් මේ ඇල්බමයේ අඩංගුයි. ඒක මම කියනවට වඩා ඔයගොල්ලන්ට අහලම තීරනයකට එන්න පුලුවන්. මේ ඇල්බමයේ නිර්මාන කතාව බොහෝම ලස්සනයි. මම ඒ ගැන ඉදිරි ලිපියකදී කියන්නම්.





බොහෝ දුර
පියමං කරන සද,
දකින්නට හගින්නට
ඇවැසිවූ මනුෂ්‍යත්වය සොයා
පඩු පැහැගත් වලා අතරින්,
නික්මීගත් සරා සද ඔහුමවිය.........
" ආදරනීය අප්පච්චී "
මම ඔහු ඇමතුවෙමි..........
කිසිදිනෙක නාදුනන මා,
ඔහුට දියනියක්ම වීය.........
සුවහසක් දරුවන්ගේ
දුක්ඛ දෝමනස්සයන් හමුවේ
ඔහුගේ දෑසට නැගුනු කදුලුවල
මනුෂ්‍යත්වයේ පැහැය මම දුටිමි.
දහසක් ගැරහුම් මැද නොසැලී,
නොනැවතී ඉදිරියටගිය,
ජීවමාන බුද්ධත්වයේ ප්‍රතිමූර්තිය
එහුම වීය..........
මෙහි ගැයෙන සෑම පදයකම ඇත්තේ
" ඒ සැබෑ මිනිසාගේ කථාවයි "
එහි රචකයා මා ද,
නැතහොත් ඔහුගේ
අපරිමාණ මනුෂ්‍යත්වයදැයි
අද ද මම නොදනිමි...........
දුව
මෙතනින් ගන්න

විශේෂ ස්තුතිය
මෙවැනි ගීත ඇල්බමයක් අපිට ලබාදීමට මූලිකවුනු ආර් එස් පින්නපොල ගුරු පියනන්ට
නදීකා විජේසිංහ සොයුරියට

Saturday 6 February 2010

ඇඩ් සදහා රැවැට්ටීම




අද මම ලක්බිම පත්තරය බලන්න කියල ගිය ලක්බිම සයිට් එකට, පත්තරය බලද්දී තිබ්බ ඇඩ් එකකට මගේ ඇහැගියා. ඹය උඩින් තියෙන්නේ ඒක, ඉතින් මම ඒක උඩ ක්ලික් කරල, ඒ සයිට් එකට ගියා. ඒකෙත් මේ විදිහටම තිබ්බා තවත් එක එක ඇඩ් එක්ක, ඔය විදියට මේ පින්තූරෙ උඩ ක්ලික් කරකර මම සයිට් කිහිපයකටම ගියා. අන්තිමට නැවතුනේ මෙන්න මෙතනින්. වීඩියෝ එකක් නම් එතන නැහැ. තිබ්බේ ගූගල් ඇඩ් ගොඩක්, දන්නේ නැති අය ඇවිත් මේ ඇඩ් උඩත් ක්ලික් කරල බලනවනේ. එතනින් එහාට වෙන දේ ගැන මම කියන්න ඔන නැහැනේ. මේ ගොල්ලෝ කාලෙක ඉන්දන් මේ වදියට කට්ටිය රවට්ටනව .ලක්බිම වගේම දිවයින පත්තරෙත් මේ විදියටම දානවලු. ඉතින් මේ ගැන පුලුවන්නම් ඔයාලගේ යාලුවොත් දැනුවත් කරන්න. මේවට ක්ලික් නොකර ඉන්න එක තමා කඑන්න තියෙන්නේ.

Thursday 4 February 2010

අපි නොදන්න සුනෙත්

මෙහෙම කියද්දී ඔය ගොල්ලෝ ඔක්කොටම මතක්වෙන්නේ කාලයක් ලංකාවේ ජනප්‍රිය වෙලා තිබ්බ අපිනොදන්න ලයිවු වැඩසටහන කීවොත් මම හිතන්නේ මම නිවැරදියි. මතකද ඒකේ හිටපු චූටි මල්ලී, චූටි මල්ලීගේ වෙඩින් එක පසුගිය දා පැවත්වුනාලු. ඉතින් මේ, චූටිමල්ලි නැත්නම් සුනෙත් ගැන සුනෙත් වැඩ කරන ආයතනයේ යහලුවන් කියන කතා, බලන්නම වටිනවා.

මේ ටිතත් බලලම ඉන්නකෝ



මේක නම් ගිහිල්ලමයි බලන්න වෙන්නේ



Wednesday 3 February 2010

ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු

වලපනේ දිසාවේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර නිදහස්‌ සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්‌වා ඉතා අප්‍රකටව පැවතීමේ හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා යටපත් කළ බිමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේJද්‍රd මණික යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

උහුන් ජාත පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක

මන්ඨාෙච්න බලපති වී

උහුන් ජාත පුතුරාක

කේවේසස්‌ථ මණ්‌ඨක වායිමන

කේවේසස්‌ථ රක්‌ඛ පදියම බලපති වී

(උපුටා වරිග පූර්ණිකා පුස්‌කොල ග්‍රන්ථය)

විජයගේ පැමිණීමට පෙර කේවේසස්‌ථාන පරපුරේ පෙළපත වරිග පූර්ණිකාවට අනුව,

* කේවේසස්‌ථාන රජු

* සොලිස මණ්‌ඨක රජු

* සකුදල ගිරි රජු

* පඡ්ජල මූණ රජු

* කේසි කෙහෙළියපුර රජු

* විපුලත්තාන රජු

* සුගුලිත රජු

ඉතිරිය