Monday 31 May 2010

මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..........2

කට්ටිය ගොඩක්ම කැමතිවුන මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට.......... පොස්ට් එකේදි මම කීවා තවත් දේවල් ටිකක් පසුව ඉදිරිපත් කරනබව. ඒ පොරොන්දුව ඉටුකරන්නයි මේ හදන්නේ. මේ පාර කියන්නේ විරිදු ගැන නෙමේ කවි ගැනයි. පහුගිය කාලය කියන්නේ අපේ බ්ලොග් අවකාශයෙත් වැඩියෙන්ම කවි ගැන කතා කරපු කාලේ වෙන්න ඇති. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය තුල අන්තර්ජාල කාව්‍ය සාහිත්‍ය පිලිබද බොහොම උනන්දුවෙන් ත්‍රෙඩ් එකක් පවා පටන් ගන් ලැබුවා. ඒ වගේම ලාංකීය සිතුවිලි තුලින් ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කවිමඩුවක් අන්තර්ජාලය තුල පැවැත්වුවා. මගේ පුද්ගලික අදහස නම් සමහර විට එය පිලිබද ගිනස් පොතේ කට්ටිය දැනුවත් කලානම් මුලින්ම, ගිනස් වාර්තාවක් වන්නට ඉඩ තිබුනා අන්තර් ජානය තුල වැඩි පිරිසක් එකතුවී අඩු කාලයකින් දින 4 ක් වැනි කවි 3950 ක් ලිවීම නිමිත්තෙන්. 3950 ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? නේද?


හා හා කොහොම හරි මේ දවස් වල කවි පිලිබද වවිධ පොස්ට් බ්ලොග් අවකාශයට එකතුවුනානේ. මතකද මෙන්න මේ පොස්ට් එක. මේක ලීවේ Freedom මෙන්න මේ පොස්ට් එකට පාදකවුනු සැබෑ කවි මඩුවේ රූපරාමු කිහිපයක් යූ ටියුබ් වලින් මට දක්නට ලැබුනා.
බලන්න කවිමඩුවක අපූර්වත්වය

ඉහත Freedomගේ උඩුගිය හි පොස්ට් එකෙහි විවාදය පමනක් බැලීමටනම් 7B බලන්න

1

2

3

4

5

6

7A

7B

8A

8B

6 comments:

සහන් සටහන් said...

මරේ මරු...............

ගීත් (සහෘදයා) said...

ඒ මරු අයිටම්ස් නේ බං උබත් හොයා ගන්නේ. මල් 7 යි. සේරම බාගෙන අයිපොඩ් එකට දා ගත්තා ආයෙ ආයෙම අහන්න.

ගීත් (සහෘදයා) said...

ඉන්නට බැහැ පාඩුවේ -ඒකයි බ්ලොග් ලියනුයේ
වැලි කතරේ උණුසුම දැන් -ටික ටික වැඩි වෙන කලේ
මම කැමතියි උබලට ......උබලා කැමති නෑ මට......
මම කැමතියි උබලට ......උබලා කැමති නෑ මට......


:D

වැප් said...

තව තියනවා නම් හොයලා දාමු .....

Nishacharaya said...

මේක නම් පට්ට ........

Shirosh said...

නිකන් ඇවිල්ලා යන්න හිතුණා.