Monday 31 May 2010

මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..........2

කට්ටිය ගොඩක්ම කැමතිවුන මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට.......... පොස්ට් එකේදි මම කීවා තවත් දේවල් ටිකක් පසුව ඉදිරිපත් කරනබව. ඒ පොරොන්දුව ඉටුකරන්නයි මේ හදන්නේ. මේ පාර කියන්නේ විරිදු ගැන නෙමේ කවි ගැනයි. පහුගිය කාලය කියන්නේ අපේ බ්ලොග් අවකාශයෙත් වැඩියෙන්ම කවි ගැන කතා කරපු කාලේ වෙන්න ඇති. සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය තුල අන්තර්ජාල කාව්‍ය සාහිත්‍ය පිලිබද බොහොම උනන්දුවෙන් ත්‍රෙඩ් එකක් පවා පටන් ගන් ලැබුවා. ඒ වගේම ලාංකීය සිතුවිලි තුලින් ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කවිමඩුවක් අන්තර්ජාලය තුල පැවැත්වුවා. මගේ පුද්ගලික අදහස නම් සමහර විට එය පිලිබද ගිනස් පොතේ කට්ටිය දැනුවත් කලානම් මුලින්ම, ගිනස් වාර්තාවක් වන්නට ඉඩ තිබුනා අන්තර් ජානය තුල වැඩි පිරිසක් එකතුවී අඩු කාලයකින් දින 4 ක් වැනි කවි 3950 ක් ලිවීම නිමිත්තෙන්. 3950 ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? නේද?


හා හා කොහොම හරි මේ දවස් වල කවි පිලිබද වවිධ පොස්ට් බ්ලොග් අවකාශයට එකතුවුනානේ. මතකද මෙන්න මේ පොස්ට් එක. මේක ලීවේ Freedom මෙන්න මේ පොස්ට් එකට පාදකවුනු සැබෑ කවි මඩුවේ රූපරාමු කිහිපයක් යූ ටියුබ් වලින් මට දක්නට ලැබුනා.
බලන්න කවිමඩුවක අපූර්වත්වය

ඉහත Freedomගේ උඩුගිය හි පොස්ට් එකෙහි විවාදය පමනක් බැලීමටනම් 7B බලන්න

1

2

3

4

5

6

7A

7B

8A

8B

Sunday 30 May 2010

මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..........

ලියන්න මාතෘකාවක් නැතුව හොය හොය ඉන්නකොට අපේ වාසල සහොදරයා මූනුපොතේ බෙදහැරපු අපූරු විරිදු කවි පංතියක් හම්බවුනා. ඉතින් හිතුවා ඒත මෙහෙම බෙදාගත්තොත් හොදයි කියලා හැමෝම එක්කම. එහි තියන අපූර්වත්වය නිසාම මම ඒක අහගෙන ටයිප්කලා කවි ටික.


ජයමංගල ගී තාලෙට - ඉග බිග බට දඩුනලා
ජයපැන්බොන සෙනග රැලක් - ඉදසිටි හඩ තල තලා

රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසගනොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

මැල්ලුමකට වෙල්පලා - නෙලන්න සිහිනිග සලා
යනවිට රණ මොනරිවගේ - මගෙ හද කුල්මත් කලා
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

අඩ සදවන් නලලතේ - චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කලඔට - කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

මුහුදෙහි රල පෙල ගැසී - ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට - ආසිරිමල් වැසි වසී
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

නැහැඹුල් හද කිතිකැවී - නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න - එනවද මදු මාදවී
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න - එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

කරදර බාදක මැද්දේ - දිවි ගග පහලට ඇද්දේ
ගල්පරදැක පෙරමුනේ - මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් - ඉමුද පරවි ජොඩුවක්
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න - එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............

මෙන්න මේ තියෙන්නේ ඒ මම දැක්ක වීඩියෝ එක

පස්සේ එ ලගම තිබිලා මේක ගායනා කරන කෙනා විය හැකි තව වීඩියෝ එකක් ලැබුනා මෙන්න ඒක


මෙකත් බලලා තවත් විරිදු ගැන හොයද්දි තවත් අපූරූ විරිදු පන්තියක් හම්බවුනා. මේ විරිදු පංතිය කියන්නේ පාසල් 12 වසර ශිෂ්‍යාවියක් අපි කවුරුත් දන්න බටුවන්ගල ඉස්කොලේ. අරුනසර් තමයි මේ මුදාහැරලා තිබ්බේ. බලන්නකෝ ඒකත්


තවත් අපූරූ දෙවල් ගොඩක් හම්බවුනා. තවත් දවසක ඒ ටිකත් දාන්න බලාපොරොත්තුවෙමින් අදට මම යනවා. ‍

Thursday 13 May 2010

සොමාවතී වැඩසටහනින් පසු

උපුටා ගැනීම DhammaMedicine ගූගල් සංගමයෙනි

දයාබර යාලුවේ..

පින කියන්නෙ ජීවිතේට සැප උදා කරල දෙන දෙයක්. ඒ නිසා ම නේ බුදු රජාණන් වහන්සේ වදාළේ පින කියන්නේ සැපයට නමක් කියල. ඒත් සමහර උදවිය පින් කරන්ට ගිහිල්ලත් පව් පුරෝ ගන්නවා. නුවණ නැතිකම ද අවාසනාව ද කියල නො තේරුනත්,පින් කරන්න ගිහින් පවු පුරෝ ගන්න එපා කියල ඉල්ලන්න යි මේක ලියන්නේ...

සෝමාවති මහා සෑය අභියස අසිරිමත් පින්කමක් පැවැත්විලා දැන් දින දෙක තුනක් ගත වෙලා ඉවරයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පින්කමට සහභාගී වෙලා තිබෙනවා. සහභාගී වෙන්න නො හැකි වුනත් අන්තර්ජාලය ඔස්සේ පින්කමට සම්බන්ධවුන පිරිසකුත් හිටියා.

කොහොම නමුත් ඒ අසිරිමත් පින්කමේ දී සෝමාවතී මහා සෑ රජුන් උදෙසා,දහස් ගණනින් මල් පූජා වුනා. පහන් පූජා වුනා. විදුලි ආලෝක පූජා වුනා. ධජ පතාක පූජා වුනා. අසිරිමත් බුදු ගුණසජ්ඣායනා වුනා. ලක්ෂගණනින් දන් පැන් පූජා වුනා... ඒ ගැන ඔබ මට වඩා දන්නව ඇති.. එහෙම නේද..? ඉතින් බුදු සමිඳුන් ගේ වචනය සිහි කරන කෙනෙකුට නම් හිත හිතා සතුටු වෙන්න පුලුවන්, අප්‍රමාණවිදියට සතුටු වෙන්න පුලුවන්, අනන්ත පින් කම් ඒ පින් බිමේ දී සිද්ධ වෙලා තිබෙනවා.

නමුත් පින්කමට සම්බන්ධවුන සුලුතරයක් අය වගේ ම පිට ඉදන් කටකතාවලින් තොරතුරු රැස් කර ගත්ත සමහර මාධ්‍යවල අයටත් මේ සා විසාල පින්කමක් අනුමෝදන් වෙන්නවත් පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ අය හෙව්වෙ පින්කමෙත් වැරදි... "ගංවතුර ගැලුවලු.. මිනිස්සු පොඩි වුනාලු. මිරිකුණාලු. තෙරපුනාලු.." අදෝනා ගොඩයි.. ඒත් පින්කමට සම්බන්ධවුන අය නම් ඒ වගේ දේවල් කිව්වෙ නැහැ... ඒ අය කිව්වෙ "හරිම ලස්සන පින්කමක්" කියල යි. පින් කර ගන්නවත් පිනක් නැති මිනිස්සු ගැන අපිට නම් කණගාටු යි.

දයාබර යාලුවේ..ඔබට මතක ද දන්නෙ නැහැ, කොසොල් රජතුමා පවත්වපු අසදිස දානය. අසදිස දානයක් කියන්නේ වෙන කෙනෙකුට ඒ වගේ දානමය පිනක් කරන්න බැරි මට්ටමේ පින්කමකට. ඒ පින්කම එතරම්ම අසිරිමත්.. නමුත් ඒ දානමය පිනත් අනුමෝදන් වෙන්න නො හැකි වුන කෙනෙක් හිටියා. ඒ කෙනා ගැන අනුකම්පාවෙන් බුදු රජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනාව වත් පවත්වන්නෙ නැතිව වැඩම කරපු හැටි ඔබ කියවල ඇති.

මෙතනදිත් ‍පින්කම් කරන්න ගිහින් අඩුපාඩු හොය හොයා පවු කරගන්න උදවිය ඉන්නවා. අනිත් ‍දේ තමයි,සැප පහසුව හොය හොයා, පින් කරන්න හිතන්න එපා. බුදු රජාණන් වහන්සේ පාරමී පුරන්න කෙතරම් නම් වෙහෙස වුනා ද.. ජීවිතේ පවා පූජා කළා. ඉතින් ඇයි අපිට බැරි තවත් කෙනෙකුට දොස් නොකියා, පොඩි පිපාසයක්,තදබදයක් ඉවසන්න... ඇත්තෙන් ම පිපාසයක් බඩගින්නක් ඉවසන්න බැරි කෙනා මාරාන්තික දුක් වේදනා කොහොම ඉවසන්න ද...?

පිපාසය, බඩගින්න වගේ ම මාරාන්තික වේදනාත් ඉවසීමෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රව හැටියට යි බුදු රජාණන් වහන්සේ සබ්බාසව සුත්‍ර දේශනාවේ දී දේශනා කොට වදාළේ... ඉතින් මේ වගේ දෙයක් ද්වේශය ඇති කරගන්නෙ නැතිව, ඉවසන්න බැරි කෙනා කොහොම ද නිවන් මගේ ගමන් කරන්නේ..එයා කොහොම ද ඒ අමා නිවන් දකින්නේ..

ඒ නිසා පින්වත් යාලුවේ,අපි හැම දෙයක් තුළින් ම සන්සිදෙන්න පුරුදු වෙමු. අපි සෝමාවතියට පූජා කරපු ලක්ෂගණන් මල් ගැන හිතල සතුටු වෙමු. දකුණු දළදා වහන්සේට පූජා කරපු ධජ පතාක ගැන හිතල සතුටු වෙමු. දල්වපු පහන් ආලෝක ගැන හිතල සතුටු වෙමු.. පූජා කරපු දන් පැන් ගැන හිතල සතුටු වෙමු. සජ්ඣායනා කරපු තෙරුවන් ගුණගැන හිතල සතුටු වෙමු... ඒ අසිරිමත් පින්කම ගැන හිත හිතා සතුටු වෙමු... එතකොට ඔබට අප්‍රමාණ පින් රැස් වේවි. ඒ පින් ඔබට හැමදාව සැපත පිණිස පවතීවි.

ඒ නිසා ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමති යි. ඒ අසිරිමත් පින්කමට සහභාගී වෙලා හෝ එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින් පින්කමට සම්බන්ධ වෙලා හෝ ඔබ දොවා ගත්ත පින් කිරි කලේට, එක එක මාධ්‍ය සහ කට කතා ඔස්සේ පැතිරෙන ගොම බින්දු එකතු කර ගන්න එපා !!!

සිල් රකිනා සග රුවන රැකේවා..
පිල් බෙදනා මිස දිටු දුරු වේවා..
කල් නො යවා බුදු සසුන රැකේවා..
ගෞතම සසුනේ පිහිට ලැබේවා...

සදා සැනසිල්ල වේවා...
තෙරුවන් සරණයි..!!!

කවිමඩුවේ මගේ කවි අග සිට මුලට

නාපු කෙනෙක් තව පාරක් නානවද
දැන් දිල් මොන එහෙකට නාවනවද
ඇදුම් සියල්ලත් පෙගිලා නේද
නෑව මදෑ දැන්වත් ගෙඩ යන්නැත්ද

# 1298
ගම ගැන කවිද එන්නේ නැත රචනාය
කවිනම් බලන් මෙන්න මේ වගෙ එවාය
කවියක් ලියාගන්නට බැරි බරවාය
ගමේ එව්න් සමගත් කවි කිව්වාය

# 1292
හිපො කැමති වැඩිපුර මඩටනේ අක්කා
වැඩි පුර මඩ තියෙන්නේ ගමේ නොවැ ලොක්කා
ඒ නිසා හිපෝ විගහින් ගමටම දක්කා
දාපන් පසන් මලයෝ කරනව මක්කා

# 1285
ඉලන්දාරියා සහනා මඩ නානා
වල් හරකුන් දෙදෙනෙකු වැනිය ගමේ සිටිනා
දිල් සමගින් බිගුවා එහි හරකුන් බදිනා
ගොන් කකනු දෙකක් ලෙසසලකමු අපි සොදිනා

# 1257
නුවර කියන්නේ ගමක්ද නගරයක්ද
ගමේ නගරයේ වෙනස දන්නේ නැද්ද
ගම ගම දැන් කී සැරයක් කීවාද
මෙච්චරවෙලා ගම කීවේ නගරයටද

# 1249
පිස්සුද මල්ලී පිස්සුද ඈ පිස්සුද
ගම්මානෙට බර වැඩියි කියනනේ කව්ද
බලහන් මල්ලී හරියට බලහන් දැන් බලනවද
වැඩිපුර ඇත්තේ නගරය ගැන ඇති කවි නෙවෙද

# 1225
පබලු නගේ උඔ බය නැතිව හිටින්
කෑගැහුවට ගමේ ඉන්න කොරවක්කන්
තනියක් දැනෙන් නැතිවෙන්නට උඹෙ ලගින්
ඉන්නෙමි සෑම විට මම මතකයට ගනින්

# 1206
අම්මට උඩු සහන් දාන්න පහක්

මම මේ දුවන්නේ මසුරන් ගේන්නයි
ගෙනවිත් සහන්ගේ මුඛයේ ඔබන්නයි
එ කියු කතාවට එකත් හිතට මදියි
නගරයේ අගය දන්නේ නගරයේ අයයි


# 1197
තියෙනා තරම් අදමිටු කම් වල යෙදිලා
ඉන්නේ වගෙයි කට්ටිය සිල් ගත් බළලා
කම් සැප සොයන් එක එක තැන් වල ලැගලා
කව්ද දන්නේ නැහැ බලපන් ගම්වල සොයලා

# 1185
මුත්තලා අත්තලා කිත්තල පනත්තලා
වගේ ඉන් බිගුවා සහ සුමින්දලා
දාගෙන කෑ ගැහුවත් අන් අය රවට්ටලා
ගමට වඩා නගරහොදයි නේ බොලා

# 1169
ගැරඩින් සර්පයන් හිකනල් ආදී සතුන්
දමා හදන කසියා රැගෙන බොමින්
කියෙව්වාර බොරුවට මහ හයියෙන්
විසදුම ඉස්පිරිතාලෙයි වුනොත් ගිලන්

# 1159
ලිදේ ඉන්න ගෙම්බන්
වැනිය ගමේ කොල්ලන්
කරමුද සත්කාරයක් දැන්
දාමුද එලියට අල්ලන්

# 1128
කවුරු කවුරු කීවත් ගම හොදයි කියා
හැම හදිසියටම දුවඑන්නේ කොහෙද කියා
දන්නෝ දනිති මොකදැයි බොරු මෙලෙස කියා
ගමට වඩා නගරයමයි අපිට කියා

# 1121
ඇත්ත ඇත් බලන් නගේ
කී දෙනෙක්ද ගමට අගේ
වැඩි පිරිසක් නගරෙ වගේ
ගමට දුවන්න ගහමු නගේ

# 1107
ගමේ ඉන්න කෙල‍්ලෝ කකුල් දෙකවම ඇදාලා
නැත නගරයේ මෙන් හොද හැටි එය පලාලා
ඉතින් කියනවද පාොඩ්ඩක් සිතාලා
ගමද නගරයද හොදයැයි කියාලා

# 1096
නගරය හොදයි ගමට වඩා නේද මලේ
නගරය හොදයි ගමට වඩා නේද මලේ
නගරය හොදයි ගමට වඩා නේද මලේ
නගරය හොදයි ගමට වඩා නේද මලේ

# 1091
තිරය දල්වන්නට තිබ්බා වෙලාවක්
ඇයිද පරක්කූ නැත්දෝ කලාවක්
එන්න කමක් නෑ දැන් නෑ පමාවක්
නගරය නේද හොද නැත්නම් නෑ සමාවක්

# 1084
කොස් දෙල් පොලොස් ලෙලි ගහගෙන තම්බන්
කනවා වගෙද නගරයේ සොසේජස් බන්
විනාඩියෙන් ක්ෂනිකව ආහාර තම්බන්
කනවා අපි නොවෙයි ගමේ වගේ ඉබ්බන්

# 1074
තට්ටු ගනන් බිල්ඩින වලට නැග්ගාම
හිරු උදාව දැක ගත හැක එලෙසින්ම
ගලනා දිය දොතක් ගන්නට නම් හොදම
ඇරගන්නකො ඔය තියනා කරා...ම

# 1062
අන්න එහෙම එන්න එන්න පබලු නගේ
ගමට වඩා නගරයමයි අපට අගේ
නගරෙ ඉන්න අපිට නැහැ ගම අගේ
නගරේ හොදයි ගමට වඩා නේද මගේ

# 1057
හිතන හිතන තැන්වල shop ගමේ කොහෙන්දෝ
දකින දකින තැන්වල cup el ගමේ කොහෙන්දෝ
පෙනෙන පෙනෙන තැනවල වාහන ගමේ කොහෙන්දෝ
නගරෙ වගේ සැපයක් ගමේ කොහෙන්දෝ

# 1040
ගම හොදයි කිය කියා
හැමොම නගරෙට ගියා
අනේ නිකන් බොරු නොකියා
කියන්න නගරය හොදයි කියා

# 969
කවි කියන්න කවි බලන්න
වතුරංගත් ආව ඔන්න
ඉටිපන්දම අතකින් ගෙන
පහන පත්තු කලා මෙන්න

# 125
සුමින්දටයි කෙල්ලක් ඔනෑ කීවේ
නමුත් මටයි කෙල්ලන් මුන් හෙව්වේ
අත ගන්නට කෙල්ලක් හා මම පේවේ
මොකද සුමින්දයෝ උඹ ඉප්පන් කෑවේ

# 122
මොකදෑ මෙතන මට දැන් වෙන්නට යන්නේ
කව්දෑ කීවේ ඇයි මගුලක් සෙට් වෙන්නේ
මන්දෑ මෙහෙම කීවේ නෑ තේරෙන්නේ
බන්ඩෑ වැඩ නැති කපුවෙක්ද මම නම් නැහැ දන්නේ

# 94
අලුත් අලුත් විදියට කවි ගොතන්නට
අලුත් අලුත් කවි පද රස විදින්නට
අලුත් අලුත් කවියන් දැක බලන්නට
කවිත් රැගෙන එනවද ගොඩවදින්නට



# 40
එක එක කොල්ලෝ කුරුට්ටන් ගැන වද වෙන්න එපා
ලොකු ලොකු කතා ගැන උන් කියනා හිතන් එපා
මක මක දුකෙන් ලියනා කවි බැවින් අපා
දැක දැක මෙලෙස සුමින්දයෝ උන් කිච කරන්නෙපා

# 13
කනයා නැති තැනට කනියා පංඩිතයා
කනයා නැති තැනට කනියා පංඩිතයා
කනයා නැති තැනට කනියා පංඩිතයා
කනයා නැති තැනට කනියා පංඩිතයා

# 9
කනියා ඉන්න තැන හැමවිට අපි දන්නා
තියනවා වචන ඩබලක් හැමෝම දන්නා
මෙහෙමයි හා අනිත් වචනය මෙන්නා
මට බඩගින්යි දැන් නම් මම කන්නා

# 5
පදයක් ලියන්නට මට පැය දෙකක් යතේ
මොනවා ලියන්නද කියලා නැතය හිතේ
කල ආරාදනාවට අක්කේ සොදුරු හිතේ
තැන්කිව් කියමි දැන් නම් නිදි මතය වතේ


# 3
රස කර කර කවි ලියන්න
බැරිම වුනොත් බලන් ඉන්න
තොරු මෝරු හැප්පෙන තැන
හාල් මැස්සා නැග්ගා ඔන්න

කවි මඩුව අදයි - ආරාධනය ඔබටයි

ආරාධනාවයි
ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ
අන්තර්ජාල කවි මඩුව අද උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ

එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ

විශේෂ දැනුම් දීම්
1. අද උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/

Wednesday 12 May 2010

සොමවතිය හා කටකතා 2 (පෙරදිනයේ මම ලියූ ලිපිය හා සම්බන්දිතයි)

පෙරදිනයේ මම ලියූ මෙම ලිපිය හා සම්බන්දිතයි

මුලින්ම මම සමාව අයදිනවා මගේ පිලිතුරු ප්‍රමාද වීම සම්බන්දව. හේතුව ඊයේ ටමම ලිපිය පොස්ට් කලාට පසුව නැවතත් ඔන්ලයින් පැමිනීමට හැකිවුයේ දැන්.

@ මල් මාමා

මල් මාමා ට මුලින්ම කියයුත්තේ මෙය කිසිම දේශාපාලන රැස්වීමක් වූවේ නැහැ. මන්දයත් මෙයට පක්ශ 3 ට ම අදාල පුද්ගලයන් පැමින සිටි නිසා. සොමාවතී ප්‍රදෙශයේ දැනට අවුරුදු 3 කට පෙර මෙලෙස වැඩ සටහනක් සංවිදානය නලා නම් මෙච්චර සෙනගක් පැමමිනේයයි අපිට කිසි ලෙසකින් බලාපොරොත්තු විය නොහැකියි. නමුත් ජනාධිපතිතුමා සහ සරත්ෆොන්සේකා මැතිතුමා එක්ව මෙම යුද්ධය ජයග්‍රහනය කලායින් පසුවයි මෙලෙස දෙයක් එහි පැවැත්වීමට හැකිවුනේ. එ පිලිබද කුහක නොවී සදහන් කිරීමයි එතනදී වුනේ. අනෙක් කාරනය නම් මෙම උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබීමයි. මෙම කාරනය නිසා යම් යම් දේශපාලයින් පැමින් තිබුනා. රටේ ජනගහනයේන් 1/13 ආසන් ප්‍රමානයක් රැස්වන තැනකට දේශපාලයින් හොම්බ දැමීම අනිවාර්යයෙන් විය යුතුතක්.(ලංකාව තුල) නමුත් පැමිනෙන ජනයා(බහුතරයක් ,ඔබ වගේ අය හැර) විචක්ශන බුද්ධියෙන් සිතන නිසා මෙය එතර්ම් ප්‍රස්නයක් නැහ මන්ද යත් සිදුවන දේ ඔවුනට පැහැදිලිව තේරෙන නිසා

@ මාතලන්

තිසරනය එකම සරන ලෙස සලකන. පන්සිල් පද පහ රැකීමට යම් තරමකට හො රැකීමට තැත්කරන භාග්‍යවත් බුදු රාජානන් වහන්සේ පිලිබද නොසැලෙන ශ්‍රද්දාවකින් සිටීම අන්ද බක්තිකයන්ට ලෙස සලකනවා නම් ඒ පිලිබද මම තවදුරටත් කීමට යන්නේ නෑ. නමුත් ඔබ කියන්නේ බුදු රැස් බැලීමට මෙතරම් ජනතාවක් පැමිනුනා යි මනම් මම මෙන්මේ උදාහරන ඔබට කියන්නම්

සාමාන්‍යයෙන් යුද්දය පැවති කාලයේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ස්වාමීන වහනසේ විසින් අවුරුද්දකට මෙවැනි වැඩසටහන් 2 ක් හො ඊට වැඩියෙන් පැවැක් වූවා සාමනෘයෙන් එවැනි වැඩසටහනකට ලකෂ 4 ක් 5ක් පමන පිරිසක් සහබාගී වෙනවා. නමුත් මෙම වැඩසටහන යුද්ධය අවසන් වීමට පසුව තීබු ප්‍රදාන වැඩසටහනක් ඉතින් අනිවාර්යයෙන් ජනතාව බිය සැක නැතිව එලියට බසින කාලයක්. එබැවින් මේ වැඩසටහනට සහබාගීවිමට මහ මෙව්නා අසපු සංචිතයට සම්බන්ද සියලු දෙනාගේ දැඩි කැමැත්තක් තිබ්බා ඒ නිසයි මෙතරම් සෙනගක් පැමිනීයේ.

@ තරිදු

පිංවත් ස්වාමීන්වහන්සෙලා හා රැස්ව සිටි ජනතාව එලෙස ඉල්ලීමෙන් සාර්තක වු අවස්තාවන් රැසක් මම පුද්ගලිකව අත්දැක තිබෙනවා. එ මෙන්ම ‍ෛඑචර්යාතමක සිදුවීම් කීපයකට මමත් මූනදීලා තිබෙනවා. නමුත් මෙම අවස්තාවේදී වැටුනු වර්ශාපතය දැඩි ලෙස වැඩ සටහනට බපපෑ බව නම්මම පිලි ගන්නවා මම කලිනුත් කීවා 25% පමන පිරරිසක් එවෙලේම ආ පසු හරී ගියා කියා. 25% කියන්නේ ලක්ශ 2.5 ක් පමන පිරිසක්.මෙය සැලකිය යුතු තත්වයක්.

නියඟය තියෙන පලාත් වලට වැස්ස දෙන්න ගංවතුර එන පලාත් වලට ඒව නවත්තන්න මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් උදව් ගන්න පුලුවන්නෙ ?

ඇත්තටම් ඔබ යම්තරමකට හෝ බුද්ධචරිතය ආහ්‍රිත සිදූවිම් දන්නවා නම් එලෙස වුන අවස්තා පිලිබද අනිවාර්යයෙන් දැන ගත යුතුයි. නමුත් ඔබ සිතනා ලෙස ඔබ ඇසුරු කල ස්වාමීන්වහස්සෙලා කුලකය ගෙන සෑම කෙනාම එලෙස මැනීම එතරම් නිවැරදි නැහැ.

ඹබද අනෙක් මහනවූ බොහෝ අය ලෙසම දර්මය කටපාඩම් කරගත් නමුත් එය මනසින් මෙහෙය නොවු (යොනිසොමනසිකාරයේ නොයෙදූ) හිස් මිනිසෙක්.ඔබට භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ධර්මය නිවැරදි ලෙස අවබොද වුනානම් ඔබ කවරදාවත් සංගසමාජය ගැන කල කිරී උත්සාහය අත හරින්නේ නෑ.

@කැලුම්

මෙතන සිදුවූ දෙය මම තවදුරටත් පැහැදිලි කරන්නම්

සොමාවතියට පැමිනෙන පාරේ සොමාවතියේ සිට කිලොමීටර 20 ක් පමන දුරට වන තුරු තැනින් නැක ඩොසර් මගින් රථගාල් තනා තිබුනා. එමෙන් එම පාරට වැටෙන් අතුරුපාරවල් වලද රථගාල් තිබුනා. ආපසු යනවිට පොලිසිය කලේ මුලින්ම තිබෙන රථගාල සම්පූර්නයෙන් හිස් කර දෙවන රථගාල හිස්කිීමට යෑමයි. මෙහිදී මුලින්ම පැමිනි නිසා සොමාවතියේ ආසන්නම තිබූ අතිවිශාල ප්‍රදාන රථගාල් වල තිබූ වාහන හෙල්ලීමටවත් හැකි වුනේ නැහැ. තවද එම පාර තැනින් තැන පටු පාලම් වලින් යුතුයි එමෙන්ම තැනින් තැන ජලයට යටවීද තිබුනා මෙවැනි තැන්වලින් වාහන ද්විත්වයක් එක පාර යැමේ හැකියාවක් නැහැ. නමුත් පොලිසීය වාන 2 බැගින් ගමන්කිරීමට සැලැස්වීම නිසා මෙවැනි තැනවල දැඩි අතනිපෙලකට ගැනීමේ ප්‍රස්න පැමිනුනා. මෙම පුස්නය පොලීසය හොදින් අවබොද් කැග්තතේ නෑ. නමුත් ස්වාමීන් වහන්සේලා බැදිහත්වී හොදින් සංවිදානය වී වාහන ගාල්වලින් ඉවතට ගැනීමත් හා තනි පෙලකට ගැනීමත් සමග සීග්‍රයෙන් වාහන ඉවත්වී යන අයුරු අපට දක්නට ලැබුනා. පොලීසියෙන් පැවසුවේ පසුදා දහවනතුරුත් වාහන සියල්ල එලියට ගැනීමට නොහැකි වේ යයි කියායි. නමුත් ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් පසුව රාත්‍රී 9 පමන වනවිට වාහන සියල්ල ඉවත්වූ බව අපට දැනගන්නට ලැබුනා. මෙලෙස පොලිසියේ වැඩවලට ස්වාමීන්වහන්සෙලාට අත දැමීමට සිදුවූයේ රැස්වසිටි පිරිස කෙරෙහි උන්වහන්සේලාගේ සිත් තුල ඇති කරුනාව නිසාමයි. තවද අකාර්යක්ශම ‍ෙපාලිස් සේවාවයි.පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේද පැය 4 ක් පමන වාහන මෙහෙයවූ බව මට අසන්නට ලැබුනා.

@ සාගර

තරිදු පිලිබද ඔබේ කියමනත් සමග මම එකගයි.

@ awak

අනිවාර්යයෙන් තෙමුනා. නමුත් වැස්සට ඔව්න්ව නැවැත්වීට හැකිවුනේ නෑ. මේ සංසාර ගමන තුල ඔව්න් අනන්තවක් මෙලෙස වැස්සට කෙමෙන්න ඇති. මෙය නවත්වා නොගත හොත් ඉදිරියටත් කෙතරම් මෙලෙස වැසිවලට ට තෙමෙදැයි ඔවන් සිතන්නට ඇති. එමනිසා එම ගමනත නැවැත්වීමට දරන මේ උත්සාහයෙදී වැඩි පිරිසකට වැස්ස ආශිර්වාදයක් වුනා. පෙර දින රාත්‍රියේත් සැරසිලිවලට නිදි මැරූ සමහරු වැස්ස නිසා හොදින් දියබාවී නින්ද යන්නේ නැතුව එලිවනතුරු දර්මදෙශනයට සවන් දුන්නා.

@Anonymous

වැඩසටහන අන්තිමට ස්වමීන් වහන්සේ කිව්වේ කුමක්ද? හුග දෙනෙක් ආව කාරනය ඉ‍ටුවුන් නැති බවයි. ඒ කියන්නේ බුදු‍රැස් විහිදුන් නැති බවයි. වැස්සෙන් වැඩසටහන සාර්ථක නොවූ බව උන්වහන්සේ නොකියා කිවා. එය මාර බලයක් කියලයි කිව්වේ. කොහොම හරි වැස්ස නිසා උන් වහන්සේගේ කවි කොල පවා කියවා ගත නොහැකි විදියට පෙගී ගොස් තිබුනා. කිහිප දෙනුකු අතරමං වී ඇතිබව කී උන් වහන්සේ සංසරේ අතරමං වීම බලන විට මේ අතරමං වීම සුලු දෙයක් කී අතර ඉක්මනට ඒ අය නැවත හමු වෙයි කියාද කිවා

ඔබත් සමග මම එකගයි උන්වහන්සේ මෙලෙස පැවසුවා.

@samantha

අනතුරනම් කොතැනත් තියනවා එසෙනම් කිසිම වැඩසටහනක් සංවිදානය නෙකර ඉන්නයි වෙන්නේ. අනතුර් නැති තැනක් ඔබ මට කියන්න මම එතන විය හැකි අනතුරු අඩුම 5ක් වත් කියන්නම්. පැහැදිලිවම මෙම වැඩ සටහන් පටන් ගැනීමට ප්‍රතම සොමාවතිය අවට ප්‍රාදශය දැඩි දූවිලිකින් පිරී පැවතුනා . වැස්ස ලැබී තිබුනේ නැහැ

@Kaniskha Dilshan

හිස් තරකවලට පිලිතු බැදීමට ඔබගත් වෙහෙසට මම ස්තූතිය පලකරන්නම්. ඔබත් සමග මම එකගයි.

@හෝමෝ සේපියන්ස්

මෙතන යම් අඩු පාඩුවක් වෙච්ච බව නම් පිළි ගත යුතුයි. ඥාණානන්ද හාමුදුරුවෝ කවදාවත් ප්‍රාතිහාර්ය ග්න කියමින් පිරිස එක් රැස් කළ බව මම නම් අහල නෑ. 2001 දී අනුරාධපුරට සිල් ගන්න ලක්ෂයක් රැස් වෙනවයි කියල ප්‍රචාරය කළාම අපේ අන්‍යාගමික මිතුරෝ ඔට්ටු ඇල්ලුවේ පණස්දාහක් වත් ගේන්න බෑ කියල. හැබැයි ඒ වැඩසටහනට 450,000ක් සහභාගි වුනා. ඥානානද හාමුදුරුවන්ට පිරිස ගෙන්වන්න ප්‍රාතිහාර්ය ගැන කියන්න කොහොමටවත් වුවමනාවක් නැ.

ඔබත් සමග එකගයි

නමුත් අනික් අතට සෝමාවතියේ මේ ප්‍රාතිහාර්ය කතාව 2000 ව්තර ඉඳන් එන කතාවක්. මට හිතෙන්නේ යම් පිරිසක් (සෝමාවතිය භාර හාමුදුරුවන්) විසින් ඥාණානද හාමුදුර්වන්ව පාවිච්චි කළා කියල තමයි හිතෙන්නේ.

එහෙම දෙයක් මම දකින්නේ නැහැ.පාවිච්චි කරන්න අත්සාහ කරන්න ඇති නම්ත් උන් වහන්සේ එලෙස ලෙහෙසියෙන් රැවටිය හැකි පුද්ගලයෙන් නෙවෙයි. මෙතන පැවැත්වූවන් සාමාන්‍ය වැඩසටහනනක්

මීට කලින් මෙලෙස වැඩසටහන් ගොඩක් දිවයිනේ විවද ස්තානවල පවත්වා තියනවානේ

Tuesday 11 May 2010

සොමාවතිය හා කටකතා

පෙරෙදා දින සොමාවතියහි සිදුවූ සිදුවීම සම්බන්දයෙන් මේ වන විට විවිධ කට කතා ප්‍රචාරය වෙමින් පවතී. එහි පුරා දින 3 ක් සිටිමින් සහබාගී වු පුද්ගලයකු වශයෙන් පැතිර යන කට කතා නිසා සත්‍ය සිදුවීම මෙසේ ඔබ හමුවේ දිග හරිමි.


අප සොමාවතියට ලගා වූයේ 7 වන දින රාත්‍රී 8.30 පමණය. එදින ලක්ශයකට ආසන්න ජනතාවක් පැමින සිටි අතර ඒ ඒ තැන්ව ල පැදුරු එලා ඔව්න් ඉදගෙන සිටිනු දක්නට ලැබුනි.මෙදින ලා හිරිපොදක් හැර කිසිම වර්ශාවත් පතිත නොවීය. අපත් සමග සිටි වැඩිහිටියන් චෛත්‍ය ලග ඉදගෙන සිටින අතර තුර අපත් සමග ගිය තරුන පිරිස චෛත්‍ය අලංකරන කටයුතුවලට මධ්‍යම රාත්‍රීවනතුරු උදව් වීය.

පසුදා එනම් 8 වන දින පාන්දර 4.00 පමන සිට අතිවිශාල ජනතාවක් සොමාවතිය බලා දිගින් දිගටම ඇදෙන්නට විය.රාත්‍රී වනතුරු වර්ශාවක් ඇත නොහැලිනි. නමුත් අධික අව් රස්නයකින් ජනතාව පීඩා විදිනි. නමුත් සියලු පීඩාවන් දරාගෙන හ්‍රද්ධාවනත ඔව්න් ඉවසා සිටියේය.රාත්‍රී 7.00 පමණ වන විට ලක්ශ 9.00 පමන ජනතාවක් රැදී සිටි අතර වාහන සියලුම නැවතුමු පලවල් පිරී පාර දිගට කිලොමීටර් 20 ක් දුරට නවතා තිබෙනු දක්නට ලැබුනි. අන්තිමට වැඩසටහනට හසබාගීවිමට පැමිනි ජනතාව කිලොමීටර් 20 ක දුරක් වාහන වලින් පැමිනීමට නොහැකිව පයින් පැමින තිබිනි. පසුදා පාන්දර 8.00 පමන වනතුරුත් වැඩසටහන අවසාන වූ පසුත් වන්දනා කිරීම සදහා ජනතාව එන අයුරු දක්නට ලැබැනි.

මෙලෙස අතිවිශාල ජනතාවක් සහබාගී වුයේ මගේ දැක්මට හැටියට යුද්දය ඉවරවීම හා දීර්ග කාලයකට පසු පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබෑ වැඩසටහනක් නිසා විය හැකිය. එසෙම යම් පිරිසක් බුදු රැස් බැලීමටද පැමිනියා විය හැක. මොව්න් වැඩි පිරිසක් මහමෙව්නා අසපු සංචිතයට සම්බන්ද නිසා බුදුරැස් බැලීමටම පැමිනි පිරිස ඉතා ස්වල්පයක් වෙන්නට ඇත.බුදරැස් විහිදෙන සොමාවතිය යන වැකිය ප්‍රවාරය කලත් පූර්ව ප්‍රචාරක කටයුතුවලදී බලෙන් බ්‍රද්‍රරැස් විහිදවන කතාවක් කිසිවක සදහන්වූයේ නැත.

රාත්‍රී 9.30 පමන වර්ශාවක් ඇද හැලිනි. මෙය අතිශයින්ම විශාල වරශාවක් වූ අතර පය 1.30 කට අදික කාලයක් එය පැවතිනි. පින්වත් ස්වාමීණ වහන්සේලා සමග පැමින සිටි පිරිස වර්ශාව නැවැත්වා දෙන ලෙස පින්වත් දෙවිවරුනගෙන් ඉල්ලා සිටි අතර ඉනුත් වි 30කට පමණ පසු වර්ශාව නැවතිනි. නමුත් සොමාවතිය ආසන්න ප්‍රදේශය පුරා අකුනු හා විදුලි කෙටීම් දක්නට ලැබිනි. ඉන් පසු පහන් වනතුරු එක වතුර බිදක් හො අහසින් නොවැටුනු අතර පොලොන්නරුව ප්‍රදෙශයට අකුනු ගසමින් වසිනා අයුරු එලිවෙන තුරු දක්නට ලැබිනි.

රාත්‍රී අැතිවූ වර්ශාවෙන් පසු සමහරු හොදින්ම තේමී සිටි නිසා ආපසු යෑමට උත්සහ කරන අකාරය දක්නට ලැබිනි. රාත්‍රී සිට ජනතාව නැවත සොමාවතියෙන් ඉවත්ව වාහව වල නැගී ගෙදර යෑමට පනගෙන තිබුනි. නමුත් 75% වඩා පිරිසක් ධර්මය අසමින් වැඩ සටහනට සහබාගීවී සීතල උසුලමින් සිටින ආකාරයද අපට දක්නට ලැබැනි


සොමාවතියට පැමිනි වාහන ප්‍රමානය ආරක්ශක අංශවලට අනුව 70000 ආසන්න ප්‍රමානයකි. මේ වනවිට සොමාවතියෙන් එලියට යන පාරතැන් 5 කින් වතුරට යටවී තිබූඅතර සමහර වාහාන වතුර මැද නතරවී තිබිනි.
එාමන්ම පොලිසිය මොඩ ලෙස වාහන හසුරුවා වාහන දැඩි ප්‍රමාදයකට ලක්කර තිබිනි.

මේ අතර තුර කාලායෙදී ගොනුන් ඇල්ලීමට උත්සහා දරනුලැබූ කාන්තාවක් හා අලින්ට දමා සිබූ විදුලි වැටේ පැටලී කාන්තාවක් අනතුරට ලක්වී තිබිනි.ගුවන් හමුදාව පැමින ඔව්න් රොහල් ගත කෙරුනි.

අප වැඩ සටහන ඉවර වී ආපසු රථයට පැමිනියේ උදේ 9.00 පමනය. 9.00 සිට හවස 5.00 පමන වන තුරු අපට යෑමට හැකිවූයේ මීටර 10 ක් වැනි දුරකි. එපමනටම වාහන පොලිමක් පැවතුන අතර ැාත්‍රී 2.00 ගමන් ආරම්බ කල වාහන අපට මීටර් 100 පමණ ඉදිරියෙන් දක්නට ලැබුනි.
මෙහිදී වාන පොලිම අතරතුර අපද අනෙක් ජනයාද අහාර සම්පාදනය කර ගන්නා අයුරු දක්නට ලැබුනි.


මෙලෙස වාහන පොලිමක් තිබුනද අදික කලබලයක් දක්නට නොලැබූ අතර. ජනතාව ඉවසිලිවන්තව රැදී සිටින අයුරු දක්නට ලැබුනි.මෙලෙස දැඩි වාහාන පොලීමකට එක් හේතුවක් වූයේ පොලිසියේ දැඩි අකාර්යක්ශම තාවයයි. පසුව පොලිසිය ඉවත්කර අසපුවේ පිනිවත් ස්වාමීන් මහන්සේලා වාහන පාලනය කරන අයුරු අපට දක්නට ලැබුනි.


මෙයයි සෑබෑ තත්වය. සිරස හා අනෙකුත් විවිධ මාධ්‍ය පුවත් මවා වැරදී ප්‍රචාරයන් යවා තමන්ගේ චැනලය මාකට් කීරීමට දරන ලද උත්සාහය ම් වනවිට බොහො දෙනෙකු අසුවී ඇත එම නිසා මෙසේ මගේ අත්දෑකීම ඔබ සමග බෙදා ගත් අතර . මට මෙහෙි වැරදි අඩු පාඩු බැලීමටද කාලයක් ඉතිරිව නැති නිසා මෙලෙසම පොස්ට් කරමි. අඩුපාඩු වලට කමත්වා.