Friday 30 April 2010

8 වනදා සෝමාවතියට එන ඔබට......

DhammaMedicine ගූගල් සංගමයෙන් උපුටා ගැනීමකි

~ සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමකි. ඒ වෙත යන මාර්ගය ද වැටී ඇත්තේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන් ය. වල් අලි සහ වල් ඌරන් ගහණය. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න. අප ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න. තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව ගැන ද නිතර සිතන්න. භූමියේ මෙන්න මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට වගබලා ගැනීම බුද්ධිමත් ඔබ සතුය.

~ සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙමු. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරමු. සියළු අපද්රව්ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්න. වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන්න.

~ භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතය. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩා යෝග්ය වේ. ඉටිරෙදි ප්රමාණවත් නොවනු ඇත.

~ කිසිදු ආවරණයක් රහිත භූමියකි. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවූවා වැනිය. කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේ.

~ විශ්රාම ශාලා වැනි නවාතැන් පහසුකම් භූමිය තුළ අපේක්ෂා නොකරන්න.

ප්රවාහන පහසුකම්:
~ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පහත නගර වලින් 8 වන දින උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇත. පිටත්වන වේලාවන් සහ ආසන වෙන්කිරීම් සඳහා අදාළ ඩිපෝව අමතන්න.
කොළඹ කොටුව/පානදුර/ගාල්ල/මාතර/අකුරැස්ස/තංගල්ල/කෑගල්ල/මහනුවර/බදුල්ල/ගම්පහ/ඇඹිලිපිටිය

~ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන සේ බස් රථ වෙන්කරවා ගත හැක. මේ සඳහා ද ඔබට ආසන්නම ඩිපෝව හා සම්බන්ධ වන්න.

~ පෞද්ගලික වාහන මගින් පොළොන්නරුව දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධවිය හැක. මෙය 8-9 දෙදින පුර ක්රියාත්මක වේ.

~ කොළඹ හා තදාසන්න ප්රදේශ වල පින්වතුන් හට කඩුවෙල මහමෙව්නා අසපුව (+94 112537337) අසලින් 8 දින උදෑසන පිටත්වන විශේෂ බස් සේවාව හා සම්බන්ධ විය හැක. ටිකට් පතක් රු.700 යි. මැයි 02 දිනට පෙර ආසන වෙන් කිරීම සිදුකළ යුතු ය.

~ මීට අමතරව ඔබට ආසන්නම මහමෙව්නා අසපුව හරහා වැඩි විස්තර ලබා ගත හැක. Mahamevna website

ආහාර පාන:
සියළු කටයුතු සඳහා අවශ්ය ජල පහසුකම් මේ වනවිට සපිරෙමින් පවතී. පැමිණෙන සියළු දෙනා තම පරිභෝජනය සඳහා වතුර බෝතලයක්, කෝප්පයක්, පිඟානක් රැගෙන පැමිණීම ඔබේත් අන් අයගේත් පහසුව පිණිස හේතුවනු ඇත. 8 වන දින දැන්සැල් මගින් ආහාර නොසැපයෙන අතර වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් සිය අවශ්යතා සපුරා ගැනීමට කටයුතු කළ යුතුය. 9 දින උදැසන පමණක් ආහාර දන්සැල් ක්රියාත්මක වේ. පානීය ජලය හා ගිලන්පස දන්සැල් 8 දින උදෑසන සිටම භූමිය පුරා ක්රියාත්මක ය.

වැඩි විස්තර අවශ්ය නම් ඊමේල් මගින් අප වෙතින් විමසන්න.

තෙරුවන් සරණයි!!!

Tuesday 27 April 2010

ලේක්හවුස් සිංහයා හා නෝර්වේ

මකරා විසින් පලකරනලද මෙය මූනුපොතෙන් උපුටා ගන්නා ලදී



රාජ්‍ය මාධ්‍යයහි හැසිරීම ඉතාමත් හෙදින් මෙයින් පැහැදිලිවේ

Saturday 24 April 2010

ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ

මේක නොකියා ඉන්නයි හිතන් හිටියේ. නමුත් දිගන් දිගටම ෆේස්බුක් ජීටොක් හා ස්කය්ප් හරහා අසන නිසා ලියලා දාන්නයි හදන්නේ. බ්ලොග් මැරතන් එක නිල වශයෙන් නිවේදනය කරපු දිනවල ලාංකීය සිතුවිලි වලින් SBU එකට මේල් එකක් මගින් ඉල්ලිමක් කලා සමගාමී විකාශයකට තොරතුරු සපයන ලෙස. ඊට පිලිතුරු ලෙස කාලිංග මහතා එවා තිබුනා. එය ලබා දෙන බව. ඒ අනුව ලාංකීය සිතුවිලි කන්ඩායම් පූර්ව ප්‍රචාරක කටයුතු පටන් ගත්තා. ඊයේ දිනයේ ලාංකීය සිතුවිලි කන්ඩායම මගින් නැවතත් SBU එකට මේල් පනිවිඩයක් යැව්වා. දැනට ලියාපදිංචි වි සිටින තරග කරුවන්ගේ විස්තර ලබාදෙන ලෙස. නමුත් එයට අද රාත්‍රී 8.00 වන තෙක් කිසිම ප්‍රතිචාරයක් SBU එකෙන් දැක්වූවේ නෑ. කාලිංග ඉද්‍රනාම ශාකුන්තල තීපවරක්ම සම්බන්ද කරගන්න හැදුවත් ඔවුන් මග හැර ගියා. රාත්‍රී 8.00 මැරතන් පටන් ගත් පසුව ඔව්න් අපිට තොරතුරු එවා තිබුනා. නමුත් අප් එකින් එක එවා ඇතුලත් කල යුතුව තිබුනා විශේෂ නාලිකාවට. මෙවැනි කුමන්ත්‍රනයක් බලා පොරොත්තුව සිටි අපි අපට හැකි පමණින් මැරතන් එක සදහා සහභාගීවන බ්ලොග් වල තොරතුරු සොයා ගෙන තිබුනා. ඒ නිසා අපිට යොදන්න තිබුනේ අඩු බ්ලොග් සංක්‍යාවක්.


මෙන්න මේකයි සිදුවීම කාලිංග මහතා අපට දැන්වුයේ ඔහු විශාල වශයෙන් කාර්ය බහුල වීම මත එය අපට එවීමට නොහැකි වූ බව. මෙය කියවන ඔබ එයින් කියවෙන්නේ කුමක්දැයි තේරුම් ගනීවී.

අවසන් වශයෙන් කියනනේ මේය ලාංකිය සිතුවිලි වලින් කරන නිල නිවේදනයක් නොවන බවයි. මෙය මගේ පුද්ගලික පුකාශයකි. මෙම සිදුවීම කාලිංග ශකුන්තල හා ඉද්‍රනාම ඇතුලු SBU සියලුම ඇඩ්මින් වරුනගේ සැබෑ නිරුවත බ්ලොග් අවකාශයට නිරාවරනය වීමක් ලෙස මම දකිමි.

නමුත් ලාංකීය සිතුවිලි විකාශයෙන් තරගය නරඹන විශාල පිරිසක් සිටීම ඔවුනගේ කුමන්ත්‍රනය අසාර්ත වූ බවට එක් සාදකයකි.

SBU සොයුරනි ඔබ අපට කලදෙයට පුද්ගලිකව මගේත් ලාංකීය සිතුවිලි වල මාගේ සොයුරන්ගේත් කිසිම අමනාපයක් නැත. වැරැද්ද කලේ අපයි ඒ ඔබලාව විශ්වාස කිරීමෙනි. ඔබලාට සදා ජය
------------------------------------------------------------------------------------------
පසු ලිවීම

මෙම ලිපියට ප්‍රතිචාර ලෙස ඔව්න් තම නිල බ්ලොගයෙහි දැමූ ලිපියට මෙතනින් පිවිසෙන්න.

මෙම සිදුවීම හා සම්බන්දිත අදහස් දක්වන ලද අනෙකුත් බ්ලොග් ලිපි





ඔටෝකැඩ්

ඔටොකැඩ් ගැන ලියන්නයි හිටියේ. ඒත් දැන් මොකද්ද මොකද්ද වගේ. බලමු ඊලග පොස්ට් එකේ ඉදන් මොකද කරන්නේ කියලා

ඔන්න මාත් දුවනවා

ඔන්න එහෙනම් මාත් දුවන්න ගත්තා.මැරතන් එක පටන් ගද්දීම කරදරයක් වුනානේ. අපේ SBU යාලුවෝ හන්දා.දැන් හරි ඔක්කොම දේවල්. මිනිසුන් විශ්වාස කිරීම ගැන පාඩමක් ඉගෙන ගත්තා.

මැරතන් වෙලාව ලගයි....................

එන්න මැරතන් බලන්න ...... වතුර ගහන්න........... එක්වන්න...........
ලාංකීය සිතුවිලි විශේෂ නාලිකාව සමග





මැරතන් මැරතන් මැරතන් ! ! ! ! ! ! ! !

සිංහල බ්ලොග් මැරතන් 2010

Thursday 22 April 2010

ඉන්ටර්නෙට් බ්ලොග් සමග මගේ ජීවිත කතාව සහ අනංමනං සහ දිගම ලිපිය සහ :D! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !

මාතෘකාව නිකන් පොස්ට් එකක් වගේ වූනා. :D කොහොම හරි මම අද කියන්න යන්නේ මට ගොඩක් සතුටුදායක දෙයක් ගැන. අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි. ඉතින් මම තීරණය කලා මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියලා දාන්න. ඉතින් මෙන්න මෙහෙමයි වුනේ.............



මගේ නම ඉතින් දනනවනේ මම ඉස්කෝලේ ගියේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට. ඒක තියෙන්නේ වරකාපොල කෑගල්ල අතරමැද නුවර පාර අයිනේ.



මේ තියෙන්නේ පාරට පේන හැටි

හරි ඉතින් ඉස්කොලේ ගැන නෙමේනේ කියන්න යන්නේ ඒක හන්ද ඒ ගැන ඔය ඇති. ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා අවුරුද්දකට පස්සේ මම තීරණය කලා IT පැත්තෙන් ඉස්සරහට යන්න. ඊට පස්සේ සල්ලි සල්ලී කියලා බලන්නේ නැතුව :D ගත්තා කොම්පියුටර් එකක්. තුන් පාරම විභාගෙ කරන්න වුන හන්ද කොම්පියුටර් එක ගෙදර තියාන ඒකෙන් එතරම් වැඩක් නොගෙන තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. මෙන්න මේ අවුරුද්දේ මැද අම්මට බර බරේ දාලා ගත්තා SLT Sity Link ෆෝන් එකක් නෙට් කනෙක්ෂන් එකකුත් එකක. ඔන්න ඔහොමයි මම නෙට් එකට ඉස්සෙල්ලාම පය ගැහුවේ. ඉතින් නෙට් ගත්තට පස්සේ නෙට් ඇවිල්ලා මුලින්ම හෙව්වා සීගිරිය ගැන, මට හොදට මතකයි. වැඩකට නේමේ, නිකන් මොනා හරි හොයන්න ඔන හන්දා :D පස්සේ හැමදාම නෙට් එනවා. ඔහේ මොකක් හරි බලනවා යනවා. එච්චරයි, වැඩිවෙලාවක් ඉන්නේ නම් නෑ ඇයි ඩයල් අප්නේ. මම ඒ දවස් වල නෙට් එකෙන් කිලා ප්‍රයොජන ගත්තේ වයිරස් ගාඩ්එක අප්ඩේට් කරන එක විතරයි.

පස්සේ දවසක් මට අපේ පැත්තේ අයියා කෙනෙක් දුන්නා xp sinhala කියලා සොෆ්ට්වෙයාර් එකක්. මමත් ගෙදරඇවිත් දාලා බැලුවා ඒක. ෆෝල්ඩර් රීනේම් කරන්න පුලුවන්, සින්හලෙන් නමක් දාන්න පුලුවන් එච්චර තමා මම දැක්කේ, ඒකේ ප්‍රයෝජනවිදියට. ආ කියන්න බැරිවුනානේ, මගේ කීබොර්ඩ් එකේ සිංහල තියනවා ඒක හන්දා සිංහල ටයිප්කිරීම ගැන ප්‍රස්නයක් වුනේ නෑ. ඔන්න ඉතින් නෙට් ආපු වෙලාවක මට නිකමට ගූගල් වල ගහලා බැලුවා මොකක් හරි වචනයක් මට දැන් නම් ඒ මොකද්ද කියලා මතක නෑ. හැබැයි ඒකේ රිසල්ට් වලට ආව සයිට් වලින් 3/4 කම සුපුන් සුදාරක කියලා නම තියනවා. මම ඉතින් හිතුවා මෙච්චරම මෙයාගේ නම තියෙන්නේ මෙයා හෙන වැඩකාරයෙක් වෙන්න ඇති කියලා. මොකද ඒ දවස්වල නෙට් එක කියන්නේ මට හරි අමුතු තැනක්(අපේ සුදාරක මලයාට අපහාස කිරීමේ චේතනාවක් එහෙම නැ ඔන්න)

කොහොම කොහොම හරි අන්තිමට මම ඔය එක එක ඒව සර්ච් කරද්දී දවසක් මට හම්බ වුනා පහන් ලබාදීපු rss කියවන එකත් සමග ෆයර්ෆොක්ස් එක. ඒක භාවිතා කරලා මම ඉස්සෙල්ලාම බ්ලොග් කියවන්න ගත්තා. ඒ දවස්වල් මම කරන්නේ නෙට් එනවා වයිරස් ගාඩ් එක අප්ඩේට් කරනවා එකෙන් ඔක්කෝම ලිපිටික වෙනවෙනම ටැබ්වල එකපාර ඔපන්වෙන්න දානවා ඔපන් වුනගමන් නෙට් ඩිස්කනෙක්ට් කරලා කියවන්න ගන්නට් එක එක. ඉතින් ඒක හන්දා කමෙන්ට් දැමිල්ලක් නම් වුනේ නෑ. කියවනවා විතරයි.

මෙන්න මේ විදියට දවස් ගෙවිලා යද්දී බ්ලොග් වල තිබිලා මට හම්බවුනා සිංහල බ්ලොග් කරුවනගේ සංසදය කියලා එකක් ඉතින් ගිහින් බැලුවා. ගියේ කෙලින්ම් සිංඩියට මෙන්න මේ දවස්වල කොහොම හරි RSS කියවන එක කැඩුනා මොකද්ද වුනේ කියලා නම් මම දන්නේ නෑ. ඊට පස්සේ බ්ලොග් කියවන්න මම දිගටම පාවිච්චිකලේ සිංඩිය. ඒ දවස්වල සිංඩියේ මතක හැටියට බ්ලොග් 150 - 200 ත් අතර ගානක් තිබ්බේ. දාන හැම පොස්ට් එකක්ම කියවනවා.ඇත්තටම බ්ලොග් මට දැනුම උල්පතක් වුනා කීවොත් නිවැරදියි.

මටත් හිතුනා කාලයක් යනකොට බ්ලොග් එකක් පටාං ගත්තොත් හොන්දයි කියලා. මේ වන විට බ්ලොග් කියෝලා ඒ ගැන යම් තරමක අවබෝදයක් මට තිබ්බා. ඉතින් පටංගත්තා "ඔබ දන්නවාද" කියන නමින් බ්ලොග් එකක්. පරණ බ්ලොග් කරුවන්ට සමහරවිට මතක ඇති ඒක. එක් සිංඩියට ඉල්ලුවාම ඇඩ්කරා කියලා ආපු ඊ මේල් එකෙන් මම මගේ අන්තර්ජාල පලමු යාලුවව අදුනා ගත්තා. ඒ තමයි කාලිංග සහොදරයා. මට ඒ දවස්වල ගොඩක් උදව් කලා. මම දන්නේ නැති දේවල් කියලා දෙමින් ඔහු. ඒ කාලයෙදි මට උදව් කරපු අනිත් සහෝදරවරු තමයි ශාකුන්තල හා මලිත්ත. ඇත්තටම ඔවුන්ට මම අදත් ස්තූතිවන්ත වෙනවා ඒ ගැන.

ඔබ දන්නවාද බ්ලොග් එක මම මාස කිහිපයක් කරගෙන ගියා. පස්සේ කුමක් හෝ හේතුවක් නිසා ඒක මකලා දැම්මා. ඊටත් මාස කිහිපයකට පස්සේ තමයි මම මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්දතාවයක් ලබාගත්තේ.මේ කාලය වනවිට මම සිංගප්පූරු ඉන්ෆොමැටික් ආයතනයේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරු ඩිග්‍රියක් කරන්න පටන් අරන් තිබුනා . පූර්න කාලීන නෙට් කිබිල්ල මට හරි පහසුවක් වුනා ඉගෙනීම් කටයුතුවලට. හරියටම දැනට අවුරුද්දකට පෙර අප්‍රේල් 21 දිනක මම ආයෙත් පටං ගත්තා බ්ලොග් එකක් ලියන්න. ඒ තමයි මේ Anything & Everything . අන්තරජාල සම්බන්ද තාව වෙනස් වුන හන්දා මට දවස පුරාම ඔන්ලයින් ඉන්න පුලුවන් වුනා.
ඉතිං මේ කාලයේදී මට වැඩි වැඩියෙන් බ්ලොග් කියවන්නටත් කොමෙන්ට් දමන්නටත් හැකියාවක් ලැබුනා. අපේ ශාකුන්තල වගේම මමත් ෆලෝව් නොකරපු බ්ලොග් එකක් නැති තරම්. බලන්න ඔයාලගේ බ්ලොග් එකෙත් මම මගේ මල්ලට දැනුම පුරෝගෙන යනගමන් ඉන්න රූපයක් අනිවාර්යයෙන්ම ඇති.



මේ ඉන්නේ මම, ඔයාලගේ බ්ලොග් එකෙනුත් මල්ලට දාගෙන යන ගමන්.

මගේ බ්ලොග් එක ගැන කියනවා නම් මම එච්චර දක්ෂ ව්දියට ලිවීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් නොවන බව මේ ලිපියෙන්ම ඔයාලට මොනවට පැහැදිලි වෙනවා ඇති. මම ගොඩාක්ම කලේ අනිත්අයට වැදගත් කියලා හිතෙන දෙයක් ඉදිරිපත් කිරීම තමයි. ගොඩාක් දුරට මම ලියන දේවල් අඩුයි. මම ගැනනම් නැතිම තරම්. මගේ බ්ලොග් එකේ එක ලිපියකටවත් කොමෙන්ට්ස් නැතිවෙලානම් නෑ. හැබැයි අනිත් අයට වගේ කමෙන්ට්ස් 50 60 ගනන් තිබිලත් නෑ වැඩිම කොමෙන්ට් සංක්‍යාව තමා 10 මම බ්ලොග් 600 කට වඩා ෆලෝව් කරලා තිබ්බට මගේ බ්ලොග් එකේ ඉන්නේ නම් 35 ක විතර පිරිසක් ඔයාලා දැන් බලනකොටනම් සමහරවිට එක්කෙනෙක්වත් නැතිවෙන්නත් පුලුවන් මොකද අද මම ෆලොව් අයින් කරලා ගූගල් ෆ්‍රෙන්ඩ් කනෙක්ටර් දැම්මා මම අරාධනා කරනවා හිටපු අයටයි හිටපු නැති අයටයි කැමතිනම් ආයෙත් එකතුවෙන්න කියලා.

මෙන්න මේ අවුරුද්දේ මම දාපු ලිපිවලින් විශේෂ ලිපි කීපයක්

Huawei මොඩම් අන්ලොක් කිරීමට, Unlock Huawei HSDPA Modem

මීට අමතරව ඔාටා්කැඩ් පිලිබද ලිපි ‍පෙලක් ලියන්න ආරම්භ කලා මැරතන් දවසේ ඒ ලිපි පෙල ඉදිරියට ලියන්න හිතාගෙනයි ඉන්නේ.

ඒ වගේම මාගේත් එක්ක ජීටෝක් ස්කයිප් හා ෆේස්බුක් මගින් ඇදිනගත්තු
කාලිංග ඇතුලත්මුදලි
මලිත්ත
ශාකුන්තල
රන්දිකා රනවීර
ප්‍රවීන් ඉද්‍රනාම
දසුන්
ඇන්ත්‍රැක්ස්
චමිලද අල්විස්
බිගුවා
ශාලික ගයාන්
වැප්
වානක අරුණ මුනසිංහ
චතුරංග සම්පත්
තාරක
රොකියා
බුද්ධි
කණියා
කාවින්ද කොටුවේගෙදර
ලිශ්
මාදව හබරකඩ
මගේ මරනය
මැක්ස්
නලියා
නුවන් අභයසිංහ
පහන්
රන්දික
රන්දීර
සහන්
අයි සමන්
සරත්ගුනතුංග
සසික නානායක්කාර
ශ්‍රී සානු
සුපුන් සුදාරක
සුමින්ද හේමාල්
සූ
තේජාන්
තිලින ගුනසේකර
බින්කු
දුකා

මලී
සරදියෙල්
තරිදු
සසේන්ද්‍ර
සිතිජ සහන්
ඩනිශ්ක
ඇතුලු සියලුම අන්තර්ජාල යාලුවනුත් මතක් කරන්න ඔන.
(අනේ වැරදිලා හරි නමක් බැරි වුනානම් සොරි වෙන්න ඔන)

ලිපිය ‍ගොඩක් දිග වුනා දැන්නම් නවතින්නයි හදන්නේ අමාරුවෙන් මෙච්චර වෙලා කියෝපු ඔයගොල්ලන්ටත් ස්තූතියි. අද නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඔන්න

Wednesday 7 April 2010

මැරතන් මැරතන් මැරතන් මැරතන්.! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !!!!!!

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ක්‍රියාත්මක කරනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉසවුවට ඔන්න මමත් ලියන්නයි හදන්නේ. මේ බ්ලොග් එකමයි භාවිතා කරන්නේ. මේක අමාරු වැඩක් නෙමෙයි. එන්න ඔබත් හිත හිතා ඉන්න දෙයක් නැහැ.


සිංහල බ්ලොග් මැරතන් 2010


Monday 5 April 2010

බුදුරැස්‌ විහිදෙන සෝමාවතිය




සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි

එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක්‌ ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක්‌ ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක්‌ කලක්‌ භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.

තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ "මණිඅගිය" නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි.

ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස්‌ වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය.

කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස්‌ විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක්‌ විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක්‌ මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.

සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස්‌ විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක්‌ පමණ තිබුණි.

1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක්‌ තොටක්‌ නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක්‌ වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක්‌ සපයයි.

වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක්‌ මහාසෑය සාරා තිබුණි. තව වතාවක්‌ කොත ගලවා තිබිණි. සිංහල බෞදAධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක්‌ බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස්‌ විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය.

2008 වසරේ මම සෝමවතී මහා සෑය වන්දනා කරන්නට ගියෙමි. 2008 පෙබරවාරි මස ස්‌වර්ණමාලි මහාසෑය වන්දනාව බඳු වන්දනාවක්‌ කිරීමට සෝමාවතියේද හැකියාවක්‌ ඇත්නම් කෙතරම් අගේදැයි අපට සිතුණි. මහා සෑය වන්දනා කොට මල් පුදා, දම්සක්‌ පැවතුම් සූත්‍රය සඡ්Cධායනා කොට දෙවියන්ට පින් දී අප විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ සිරිලක වනසන බියකරු ත්‍රස්‌තවාදය ඉක්‌මනින් නිමාවක්‌ දකින්නට අවස්‌ථාවක්‌ අපට සලස්‌වාදෙන ලෙසයි. ත්‍රස්‌තවාදී භීෂණය දුරු වූ විට සෝමාවතී මහාසෑ වන්දනාවක්‌ කරන බවට චෛත්‍ය රාජයාණන් වහන්සේට වන්දනා කොට ප්‍රාර්ථනා කළෙමි. තිස්‌වසරක්‌ පුරාවට පැවති බිහිසුණු ජාතිවාදි ත්‍රස්‌තවාදය අවසන් වූයේ ලක්‌වාසීන්ගේ වාසනාවටය.

මහාසෑ වන්දනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අප ගොස්‌ දවල් දෙකට පමණ පහමුණේ ශ්‍රී සුමංගල ස්‌වාමීන් වහන්සේත් සමග මහා සෑ වන්දනා කොට පිරිත් කියා මෙම වෙසක්‌ මාසයේ 8 වැනි සෙනසුරාදා සෝමාවතී මහා සෑ වන්දනාවක්‌ සංවිධානය කිරීමට ආශිර්වාද ලබාගන්නා වේලෙහි අප සියලු දෙනා මවිතයට පත් කරමින් මහා සෑයෙන් රැස්‌ විහිදෙන්නට විය.

අතීතයේ ශ්‍රී විභූතිය සිහිකරමින් ශෛලමය ආසනයක්‌ මත තැන්පත් කෙරුණු අඩි නවයක්‌ උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ එදිනට පූජා කෙරෙනු ඇත. මහාසෑයට නිරතුරුව සුවඳ දීම පිණිස පිච්චමල් පඳුරු පනහකින් සමන්විත සුවිශාල මල් පෝච්චි පනහක්‌ මහා සෑය වටා පිදෙනු ඇත.

දැනට සෝමාවතිය වනාහි අති දුෂ්කර වූ ප්‍රදේශයකි. එහි පානීය ජලය මෙන්ම සනීපාරක්‍ෂක සේවාවන්ද, නවාතැන් පහසුකම්ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද නොහැකිය. ඒනිසා සෝමාවතී වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සල් පවත්වා පින් කිරීමට කැමැති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වාෘ පින්වත් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන මෙම උතුම් වන්දනාව ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේලාගේ අනුහස්‌ පැතිරූ සිරිලක පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිරීමට හේතුවේවාෘ

මුනිඳු ගෞතම අප තිලෝගුරු - බුදුරැසින් ලොව දසත විහිදූ
සුමුදු බුදුවදනින් සදා සෙත - ලොවට සිරි සැප සතුට සෑදූ
පුබුදුවන මුනි ගුණය කැටිකොට - උතුම් සෝමාවතිය සෑදූ
දකුණු දළදා සමිඳු වඳිනෙමු - දෑත නළලේ තබා සාදූ

(සෝමාවතී මහ සෑ වන්දනාව පිළිබඳ තොරතුරු සඳහා - 0112 413025)

කිරිබත්ගොඩ
ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේ