Tuesday 11 May 2010

සොමාවතිය හා කටකතා

පෙරෙදා දින සොමාවතියහි සිදුවූ සිදුවීම සම්බන්දයෙන් මේ වන විට විවිධ කට කතා ප්‍රචාරය වෙමින් පවතී. එහි පුරා දින 3 ක් සිටිමින් සහබාගී වු පුද්ගලයකු වශයෙන් පැතිර යන කට කතා නිසා සත්‍ය සිදුවීම මෙසේ ඔබ හමුවේ දිග හරිමි.


අප සොමාවතියට ලගා වූයේ 7 වන දින රාත්‍රී 8.30 පමණය. එදින ලක්ශයකට ආසන්න ජනතාවක් පැමින සිටි අතර ඒ ඒ තැන්ව ල පැදුරු එලා ඔව්න් ඉදගෙන සිටිනු දක්නට ලැබුනි.මෙදින ලා හිරිපොදක් හැර කිසිම වර්ශාවත් පතිත නොවීය. අපත් සමග සිටි වැඩිහිටියන් චෛත්‍ය ලග ඉදගෙන සිටින අතර තුර අපත් සමග ගිය තරුන පිරිස චෛත්‍ය අලංකරන කටයුතුවලට මධ්‍යම රාත්‍රීවනතුරු උදව් වීය.

පසුදා එනම් 8 වන දින පාන්දර 4.00 පමන සිට අතිවිශාල ජනතාවක් සොමාවතිය බලා දිගින් දිගටම ඇදෙන්නට විය.රාත්‍රී වනතුරු වර්ශාවක් ඇත නොහැලිනි. නමුත් අධික අව් රස්නයකින් ජනතාව පීඩා විදිනි. නමුත් සියලු පීඩාවන් දරාගෙන හ්‍රද්ධාවනත ඔව්න් ඉවසා සිටියේය.රාත්‍රී 7.00 පමණ වන විට ලක්ශ 9.00 පමන ජනතාවක් රැදී සිටි අතර වාහන සියලුම නැවතුමු පලවල් පිරී පාර දිගට කිලොමීටර් 20 ක් දුරට නවතා තිබෙනු දක්නට ලැබුනි. අන්තිමට වැඩසටහනට හසබාගීවිමට පැමිනි ජනතාව කිලොමීටර් 20 ක දුරක් වාහන වලින් පැමිනීමට නොහැකිව පයින් පැමින තිබිනි. පසුදා පාන්දර 8.00 පමන වනතුරුත් වැඩසටහන අවසාන වූ පසුත් වන්දනා කිරීම සදහා ජනතාව එන අයුරු දක්නට ලැබැනි.

මෙලෙස අතිවිශාල ජනතාවක් සහබාගී වුයේ මගේ දැක්මට හැටියට යුද්දය ඉවරවීම හා දීර්ග කාලයකට පසු පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබෑ වැඩසටහනක් නිසා විය හැකිය. එසෙම යම් පිරිසක් බුදු රැස් බැලීමටද පැමිනියා විය හැක. මොව්න් වැඩි පිරිසක් මහමෙව්නා අසපු සංචිතයට සම්බන්ද නිසා බුදුරැස් බැලීමටම පැමිනි පිරිස ඉතා ස්වල්පයක් වෙන්නට ඇත.බුදරැස් විහිදෙන සොමාවතිය යන වැකිය ප්‍රවාරය කලත් පූර්ව ප්‍රචාරක කටයුතුවලදී බලෙන් බ්‍රද්‍රරැස් විහිදවන කතාවක් කිසිවක සදහන්වූයේ නැත.

රාත්‍රී 9.30 පමන වර්ශාවක් ඇද හැලිනි. මෙය අතිශයින්ම විශාල වරශාවක් වූ අතර පය 1.30 කට අදික කාලයක් එය පැවතිනි. පින්වත් ස්වාමීණ වහන්සේලා සමග පැමින සිටි පිරිස වර්ශාව නැවැත්වා දෙන ලෙස පින්වත් දෙවිවරුනගෙන් ඉල්ලා සිටි අතර ඉනුත් වි 30කට පමණ පසු වර්ශාව නැවතිනි. නමුත් සොමාවතිය ආසන්න ප්‍රදේශය පුරා අකුනු හා විදුලි කෙටීම් දක්නට ලැබිනි. ඉන් පසු පහන් වනතුරු එක වතුර බිදක් හො අහසින් නොවැටුනු අතර පොලොන්නරුව ප්‍රදෙශයට අකුනු ගසමින් වසිනා අයුරු එලිවෙන තුරු දක්නට ලැබිනි.

රාත්‍රී අැතිවූ වර්ශාවෙන් පසු සමහරු හොදින්ම තේමී සිටි නිසා ආපසු යෑමට උත්සහ කරන අකාරය දක්නට ලැබිනි. රාත්‍රී සිට ජනතාව නැවත සොමාවතියෙන් ඉවත්ව වාහව වල නැගී ගෙදර යෑමට පනගෙන තිබුනි. නමුත් 75% වඩා පිරිසක් ධර්මය අසමින් වැඩ සටහනට සහබාගීවී සීතල උසුලමින් සිටින ආකාරයද අපට දක්නට ලැබැනි


සොමාවතියට පැමිනි වාහන ප්‍රමානය ආරක්ශක අංශවලට අනුව 70000 ආසන්න ප්‍රමානයකි. මේ වනවිට සොමාවතියෙන් එලියට යන පාරතැන් 5 කින් වතුරට යටවී තිබූඅතර සමහර වාහාන වතුර මැද නතරවී තිබිනි.
එාමන්ම පොලිසිය මොඩ ලෙස වාහන හසුරුවා වාහන දැඩි ප්‍රමාදයකට ලක්කර තිබිනි.

මේ අතර තුර කාලායෙදී ගොනුන් ඇල්ලීමට උත්සහා දරනුලැබූ කාන්තාවක් හා අලින්ට දමා සිබූ විදුලි වැටේ පැටලී කාන්තාවක් අනතුරට ලක්වී තිබිනි.ගුවන් හමුදාව පැමින ඔව්න් රොහල් ගත කෙරුනි.

අප වැඩ සටහන ඉවර වී ආපසු රථයට පැමිනියේ උදේ 9.00 පමනය. 9.00 සිට හවස 5.00 පමන වන තුරු අපට යෑමට හැකිවූයේ මීටර 10 ක් වැනි දුරකි. එපමනටම වාහන පොලිමක් පැවතුන අතර ැාත්‍රී 2.00 ගමන් ආරම්බ කල වාහන අපට මීටර් 100 පමණ ඉදිරියෙන් දක්නට ලැබුනි.
මෙහිදී වාන පොලිම අතරතුර අපද අනෙක් ජනයාද අහාර සම්පාදනය කර ගන්නා අයුරු දක්නට ලැබුනි.


මෙලෙස වාහන පොලිමක් තිබුනද අදික කලබලයක් දක්නට නොලැබූ අතර. ජනතාව ඉවසිලිවන්තව රැදී සිටින අයුරු දක්නට ලැබුනි.මෙලෙස දැඩි වාහාන පොලීමකට එක් හේතුවක් වූයේ පොලිසියේ දැඩි අකාර්යක්ශම තාවයයි. පසුව පොලිසිය ඉවත්කර අසපුවේ පිනිවත් ස්වාමීන් මහන්සේලා වාහන පාලනය කරන අයුරු අපට දක්නට ලැබුනි.


මෙයයි සෑබෑ තත්වය. සිරස හා අනෙකුත් විවිධ මාධ්‍ය පුවත් මවා වැරදී ප්‍රචාරයන් යවා තමන්ගේ චැනලය මාකට් කීරීමට දරන ලද උත්සාහය ම් වනවිට බොහො දෙනෙකු අසුවී ඇත එම නිසා මෙසේ මගේ අත්දෑකීම ඔබ සමග බෙදා ගත් අතර . මට මෙහෙි වැරදි අඩු පාඩු බැලීමටද කාලයක් ඉතිරිව නැති නිසා මෙලෙසම පොස්ට් කරමි. අඩුපාඩු වලට කමත්වා.

41 comments:

සුරාගේ අඩවිය said...

ඔබගේ මේ ලිපිය සත්‍යක් ලෙස මම ද ප්‍රකාශ කරනවා. සෝමාවතිය වන්දනාවට අපි ශ්‍රද්ධාවෙන්මයි පැමිනුනේ විවිධ මාධ්‍යන් හරහා සෝමාවතිය වන්දනාව පිලිබද අභුත වෝදනා කිරීමට සැදී පැහැදී සිටිති. සිරස වැනි අභුත වෝදනා ඉදිරිපත් කරන මාධ්‍ය ආයතන මේ සිදුකරන ලබන ලාමක ක්‍රියා වලට අනුකම්පාවක් මයි සිත තුල රදවා ගත යුත්තේ. සියළු අසත්‍යන් පරදවා යම් කාලයක සත්‍ය ජයගනී. මේ නිසා අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න.

Anonymous said...

අනේ පවු දුක හිතෙනවා රජතුමා වෙනුවෙන් කාපු කට්ටට.

මාතලන් said...

බුදූ හාමුදුරුවො මේ වගේ අය දකින්නෙ නැතුව නිවන් දැකපු එක ලොකුම ලොකු දෙයක්.

අන්ධ බක්තිකයන්ට, ලොවේ සිඳුවූ අවසන් සිඳූවීමවත් මුල් සිඳුවීමවත් නෙවෙයි මේ.

සුරාගේ අඩවිය said...

මල් මාමාට හිතුන දේ ලියන්න කලින් දෙවරක් හිතන්න නැති නම් මෙලොව පරලොව අහයපත වෙනුවෙන් පවතීවී - අප සරණ යන්නේ දේවාති දේව වූ බ්‍රහක්මාතී බ්‍රහක්ම අතිමානුශීය වූ භාග්‍යවත් බුදුරජානන් වහන්සේවයි බුදුරජානන් වහන්සේ නමකට සමාන කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ නැහැ - උන්වහන්සේ දේශනාකොට ධර්මයයි අප සරණ යන්නේ - ඒවගේම බුදුරජානන් වහන්සේගේ ශ්‍රවක සංඝරත්නයයි අප සරණ යන්නේ - මාතලන් කියන කථාවත් අපභ්‍රන්සයක් මයි - තිසරණය කිලිටු නොකරගන්න - ධර්මයේ හැසිරෙන්න - තමන් උසුලන් ඉන්නේ බබයක් තරම් වූ ශරීරයේ දෙතිස් කුණප කොටස් නේ හිත පිරිසිදු කරගන්න . අනුන්ගේන ලැබේන වැරදි ප්‍රකාෂ වලට නොරැවටී සත්‍ය කරා යන්න - හුලගට වැනෙන තුත්තිරි ගස් නම් වෙන්න එපා. තමන්ගේ හෘරද සාක්ශියෙන් විමසන්න. තෙරැවන් සරණයි!!!

ත‍රිඳු said...

මම ටීවී බලන්නෙ නැති නිසා සිරස ම්නා කිව්වද කියල මම නම් දන්නෙ නෑ. හැබැයි මේ ලියල තියෙන එක පොඩි දෙයක් ගැන නම් නොකියාම බෑ.

අනේ ඇත්තට අර පින්වත් ස්වාමීන් වහන්සේලා ඉල්ලුවම දෙයියෝ වැස්ස නවත්තනවද ? එහෙම වෙනවනම් හරි ෂෝක් නෙ. නියඟය තියෙන පලාත් වලට වැස්ස දෙන්න ගංවතුර එන පලාත් වලට ඒව නවත්තන්න මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් උදව් ගන්න පුලුවන්නෙ ?

Kelum said...

@ත‍රිඳු -එච්චරක් නම් මදැ,,,, පින්වත් හාමුදුරුවරුන්ට පොලීසියට වඩා හොඳින් වාහන හසුරුවන්නත් පුලුවන් කියන්නෙ.. මහන වෙලා හිටියට උඹට ඕව බෑනෙ,,
බොදු පින්බිම් වල සිදු වේ යැයි කියන හාස්කම් උඩ දාන සියල්ලන් තේරුම් ගත යුතු කරුනක් නම් මෙයින් බුදු දහමට අගතියක් මිස සතේක වාසියක් නොවන බවයි

Anonymous said...

මේ ලිපිය කියන හැටියට පින්වත් ස්වාමීන්වහන්සේලාට පොලිසියට වඩා හොඳින් වාහන හසුරුවන්න පුළුවන් කියන කතාව නම් මාත් පිළිගන්නවා. මොකද උන්නාන්සෙලාට පුළුවන්නෙ ට්‍රැෆික් එකක් උනාම වාහන ප්‍රාතිහාර්යයෙන් ඍධියෙන් යවලා හෙලිකොප්ටර් වගේ වෙන තැන්වල බස්සන්න. කොහෙද පොලිසියට ඒව කරන්න පුළුවන්ද?

සාගර said...

@තරිඳු, ඔයා හැම වෙලාවෙම ඔයාට මහණකමේදී උන සිද්ධීන් එක්ක සංඝයා වහන්සේලා එක්ක තරහෙන් කතාකරන්නේ. කියන සමහර දේවල් හරි උනත් තමන් ගැන අධි තක්සේරුවක් තියාගන්න එපා. දෙපැත්තම හිතල බලන්න. හීරලුවෙක් වීම වීර ක්‍රියාවක් නොවෙයි. මහණකමේ ඉන්න බැරිවීමම බෞද්ධ දර්ශනය ඔබ උකහාගෙන ඇති ප්‍රමාණය කදිමට කියාපානවා. බොරු රැඩිකල් බවක් ගන්නෙ නැතුව සාමාන්‍ය සරල මිනිසෙක් වෙන්න. අනාගතයේදී පල දෙන්නෙ දැන් කරන දේවල්. ඔබට සුභ අනාගතයක්.

awak said...

මේ දවස්වල බවුද්ද කට්ටියගෙ මේ වැඩ නිසා බෞද්ධයො හොඳට උපේක්ෂාව ප්‍රගුණ කරනවා. පැය 1.30ක් හොඳටම වැස්සෙ තෙමිල පස්සෙ කියනවා ඊටපස්සෙ වැස්සෙ නෑලු. අනේ හාමුදුරුවොල මාරයි නේද මෙයාල.

ඔරුව පෙරලුනොත්? පෙරලුන පිට හොඳයි කියනවා...

Anonymous said...

මොනවද මේ කියන්නේ බොරු. මේ මහත්තය දන්නේ නැතිව ඇති ඔය මුලු වැඩසටහනම අන්තර් ජාලය ඔස්සේ දුන් බව. මමත් ඉතා ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි කිරිබත්ගොඩ ස්වමීන් වහන්සේ. කරන සේවය අතිවිශිෂ්ටයි. ඒත් මේ වැඩ සටහන බලපු කෙනෙක් හටියට කණ්ගා‍ටුවෙන් වුනත් මට කියන්න සිදුවන්නේ මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනී කරනය වෙලා කියලයි.
වැඩසටහන අන්තිමට ස්වමීන් වහන්සේ කිව්වේ කුමක්ද? හුග දෙනෙක් ආව කාරනය ඉ‍ටුවුන් නැති බවයි. ඒ කියන්නේ බුදු‍රැස් විහිදුන් නැති බවයි. වැස්සෙන් වැඩසටහන සාර්ථක නොවූ බව උන්වහන්සේ නොකියා කිවා. එය මාර බලයක් කියලයි කිව්වේ. කොහොම හරි වැස්ස නිසා උන් වහන්සේගේ කවි කොල පවා කියවා ගත නොහැකි විදියට පෙගී ගොස් තිබුනා. කිහිප දෙනුකු අතරමං වී ඇතිබව කී උන් වහන්සේ සංසරේ අතරමං වීම බලන විට මේ අතරමං වීම සුලු දෙයක් කී අතර ඉක්මනට ඒ අය නැවත හමු වෙයි කියාද කිවා.

ත‍රිඳු said...

@සාගර

මට ඇත්තටම තරහක් නෙමේ තියෙන්නෙ කනගාටුවක්.මොකද මම ඒ හාමුදුරුවන්ව ඉස්සර බොහොම අගය කරපු නිසා. මම කිසිම හාමුදුරු කෙනෙක් ගැන පෞද්ගලිකව මුකුත් කියන්න යන්නෙ නෑ. මම කොච්චර හොඳට ඒ අයව දන්නව උනත් මට ඔප්පු කරල පෙන්නන්න සාක්ෂි නැති නිසා.

මම හීරලුවෙක් වීම අනිවාර්යයෙන්ම වීර වැඩක් තමා. හීරලු නම ගන්න බයේ, සමාජයෙන් මොනා කියයිද බයේ, කොච්චර සිවුරු අරින්න ඕනකම තිබ්බත් බයට එහෙම නොකර සිවුරේ ඉඳන් ඔක්කොම ජරා වැඩ කරල ඊට පස්සෙ බොරු රඟපෑම් කරල මිනිස්සුන්ව රවට්ටල රහත් වෙන්න ඔන්න මෙන්න ඉන්නව වගේ ඉන්න සමහර "ස්වාමීන් වහන්සේලා" අතර මම වීරයෙක් බව මම අඩම්බරයෙන් කියා හිටිනව.

මහණ ජීවිතේ කියන්නෙ මොකද්ද කියල අත්දැකීමෙන් දන්නෙ නැති, කව්රු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් මවල පෙන්නපු ලෝකයක අතරමං උන ඔබ මම බුද්ධ දර්ශනය කොච්චර උකහාගෙන තියෙනවද කියන එක ගැන කතා කරන එකනම් විහිලුවක්. මේ ගැන මෙයින් මත්තට මම ආපහු කතා කරන්නෙ නෑ.

අන්තිම වශයෙන් මම "උකහා ගත්තු" එක දෙයක් කියන්නම්. මගේ බුදු හාමුදුරුවෝ, මට අවබෝධ උන බුදු හාමුදුරුවෝ තුට්ටු දෙකේ මැජික් පෙන්නනන මැජික් කාරයෙක් නෙමේ.

Kanishka Dilshan said...

අනේ ත‍රිඳු ඔයාට පුදුම කණගාටුවක් නෙ තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව ගැනවත් ඔයාට තේරෙන්නෙ නැද්ද. එතනට ගිහිපු අය තුට්ටු දෙකේ මැජික් බලන්න ගියා කියලා හිතන්න ත‍රම් ඔයාගෙ මොලේ කෙටියිද?
බුදුහාමුදුරුවො තුට්ටු දෙකේ මැජික් පෙන්නනන මැජික් කාරයෙක් නෙමේ කියන එකද ඔයා ඔයත‍රම් මහන්සිවෙලා අවබෝධ ක‍රගත්තෙ. මම හිතන්නෙ අපි බොහෝ දෙනෙක් ඒක අවබෝධ ක‍රගත්තෙ 11 පන්තියෙදි.
ඔයා මහණකම අතහැරියා කියන එක වීරයෙක් වගෙ කිය කිය යන එක අතහ‍රින්න ඒක වීරකමක් නොවෙයි මෝඩකමක්. ඔයාගෙ චින්තනයට අනුව A කුලකය යම් ආකාරද A' කුලකයද ඒ ආකාරමයි කියලයි ඕන කෙනෙක්ට පේන්නෙ. ඔයාගෙ අච්චාරු site එකෙ මම දාපු comment එකක් තාම "awaiting moderation."
ඔයාගෙ පහත අණුවණ ප්‍රකාශයෙන්ම පෙනෙනවා ඔයායි මෙතන අන්තවාදියා කියලා
ඔයාගෙ ප්‍රකාශය: "බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ කවද හරි බුද්ධාගම නැති වෙන්නෙ හාමුදුරුවරු නිසාම තමා කියල"
ඇත්තටම බුදුන් වහන්සේ එහෙම දේශනා ක‍රලා තියෙන්නෙ එහෙමද?
@මල් මාමා
මල් මාමා ගැනනම් කතාක‍රලා වැඩක් නෑ මොලයක් තියන මිනිහෙක්ද කියලත් හිතෙනවා comment එක දැක්කාම.
awak සහ ටැබුවා ගැන නම් කතාක‍රන්න දෙයක් ඉතුරු වෙලාම නෑ.

V said...

ශ්‍රද්ධාව භක්තියයි අතර වෙනස 10 වසරේ හරි 11 වසරේ හරි මුල පාඩමේම කියලා දෙනවා.පොඩ්ඩක් බැලුවොත් හොදයි.

Unknown said...

ඔය රංචු පිටින් බුදු කරන්න යන අසපු හාමුදුරැගොල්‍ ලෝ කවදාවත් නිවැරදි දහම් රකින හෝ දෙසන අය නෙවෙයි. කාලෙන කාලෙට වල්ගතරැ උල්කාපාත වගේ ඇවිත් යන අය මිසක් සැමදා ධාර්මිකව බැබලෙන තරැ නෙවෙයි. සෝමාවතිය යනු මහවැලිගගේ පිටාර නිම්නයේ පවතින කුඩා විහාරයක් (ජළ ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය) මහවැලි ගග පිටාරය ගළන විට වර්ග සැතපුම් ගනනාවක් අඩි 30-50 විතර යට වෙනවා.
හදිසි ගංවතුරක් ගැළුවානම් ලක්ෂ ගානක් අනතුරේ සුනාමි ව්‍යසනයට වඩා වැඩි විනාසයක් වෙන්නේ ධර්මය දැනගත්තාට මදි විචක්ෂන බුද්ධියකුත් තිබිය යුතුයි මේ වැනි දෙයක් සවිධානය කරන අයට.
ඒ මිනිසුන්ගෙ පැත්ත ජළ ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය ලංකාවේ පවතින අති විශේෂ පරිසර පද්ධතියක් (එවන් එකම පරිසර පද්ධතිය)හිතන්න බලන්න ලක්ෂයක පිරිසක් වාහන 10,000 පමන ගෝල් පේස් වගේතැනකත් එකවර ගියොත් වෙන විනාශය, රෑ එලිවෙනක් අහිංසක අලින්ට වෙඩි දදා ලක්ෂ 8 ක පිරිසක් වාහන 40,000 වලින් වූ විනාසය ගැනිය හැකිද?
බුදුන් වහන්සේද වනගත විය ඒ හුදකළාව බවුන් වැඩීමට,වස් වැසිමටයි. උන් වහන්සේ ධර්මදේශනා සිදු කලේ ජනයාට රැස්විය හැකි ජනයාට පහසුකම් සහිත පරිසරයට හානි නොවන ස්ථාන වලයි.

පිටස්තරයා said...

ෂහ්.. මාර සැදැහැවත් බවුද්ද ගැන්සියක් ඉන්නවනේ මේ හීරලුවට බුද්දාගම කියල දෙන්ට.. මල් හතයි...

මේ අර වාහන හසුරුවන හාමුදුරවන්ට පොඩි ප්‍රාතිහාර්ය සීන් එකක් දාලා උදේට ගම්සභා හන්දියෙ තියෙන ට්‍රැෆික් එක අයින් කරලා දෙන්ට පුලුවන්නම් ආයේ කියල වැඩක් නෑ.. මැක්සා!!!!

මචන් තරිඳු.. උඹට අමතක වුනාද මේ සෙට් එකට බණ කියන්නවත් බුදු හාමුදුරුවො කැමති වුනේ නැහැ කියන එක...

Kanishka Dilshan said...

"පිටස්තරයාට"
මාතෘකාව එකක් ඔයා දොඩවන්නෙ අනිකක්. ඔයාටත් පුදුම ගැටලු තමයි තියෙන්නෙ.අනික අවශ්‍ය දේත් නොවෙයි කතා කරන්නෙ.
"ප්‍රාතිහාර්ය සීන්"ලු "ගම්සභා හන්දියෙ තියෙන ට්‍රැෆික් එක" ලු "බවුද්ද ගැන්සියක්" ලු...
ඔයා කියවන දේ ඔයාවත් දන්නෙ නෑ වගේ!

Danfun said...

QUOTE -පින්වත් ස්වාමීණ වහන්සේලා සමග පැමින සිටි පිරිස වර්ශාව නැවැත්වා දෙන ලෙස පින්වත් දෙවිවරුනගෙන් ඉල්ලා සිටි අතර ඉනුත් වි 30කට පමණ පසු වර්ශාව නැවතිනි. -UNQUOTE

අනේ මහත්තයෝ, මෙතෙන්ට එනකම් මං කියෙව්වා. මේක දැක්කාට පස්සේ මෙතැනින් එහාට නම් කියවලා වැඩක් නෑ කියලා හිතුණා. මෙතන ඉඳපු කට්ටියගේ විමසුම් නුවණ ගැන මේ කරපු වැඩෙන් හිතාගත්තැකි නොවැ.

Anonymous said...

“බුදරැස් විහිදෙන සොමාවතිය යන වැකිය ප්‍රවාරය කලත් පූර්ව ප්‍රචාරක කටයුතුවලදී බලෙන් බ්‍රද්‍රරැස් විහිදවන කතාවක් කිසිවක සදහන්වූයේ නැත.”

අපේ මිනිස්සුන්ට බුදුබණ දේශනා කරන්න කලින්, සිංහලයි, සාමාන්‍ය දැනීමයි, ඕනෑම දෙයක් තුල විචක්ෂණ බුද්දියෙන් විමසා බල්ලනයි, උගන්නල හිටියනම් හරි වගේ …!

ත‍රිඳු said...

@Kaniskha Dilshan

1. මහණකම අතඇරීම මෝඩකමක්ද වීරකමක්ද කියල උපදෙස් මම දවසක්වත් මහණකමේ නොහිටපු ගිහියෙක්ගෙන් දැන ගන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

2.ශ්‍රද්ධාව ගන 11 වසරේ ඉගනගෙන ඇති බව කිව්වත් අන්ධ භක්තිය යනු කුමක්දැයි තාම ඉගන ගෙන නැති හැඩයි.

3.ඔබේ කිසිම කමෙන්ට් එකක් මගේ බ්ලොග් එකේ රඳවාගෙන් නෑ. සමහර විට මොකක් හෝ තාක්ෂණික දෝශයක් වෙන්න ඇති. කරුණාකර පුලුවන්නම් ආපහු ඒක දාන්න.

4.ඇත්තටම බුදු හාමුදුරුවෝ එහෙම කියල තියෙනව. සුත්‍රයේ නම පටන් ගන්නෙ සද්ධර්ම කියල. හරියටම නම මතක නෑ.

Kanishka Dilshan said...

@ත‍රිඳු...
මම මෙතන කතා කලේ අන්ධ භක්තියෙන් එම වැඩසටහනට ගිය අය ගැන නොවේ. පොදුවේ එතන සිටි අය ගැනයි 800,000 කින් 100,000 ක්ම අන්ධ බක්තිකයන් කියලා කියන්න බෑනෙ. ඇයි අපි සුලුත‍රයක් ගැන විත‍රක් කතා ක‍රන්නෙ. බුදුන් වහන්සේ ගැන ඇති ශ්‍රද්ධාව නිසායි බොහෝ දෙනා එයට සහභාගී උනේ. එලෙස එවැනි වැඩසටහනකට සහභාගීවීමේ ව‍රද කුමක්ද. ඇයි අපි ඔවුන්ට "අන්ධ බක්තිකයන්" යැයි ලේබල් ගසන්නේ.
බුදුන් වහන්සේ එහෙම නොවෙයි තරිඳු දේශනා ක‍රලා තිබෙන්නේ. මම ඒක ධර්ම දේශනයකදී අහලා තියනවා. බුදුන් වහන්සේ දේශනා ක‍රල තිබෙන්නේ දුස්සීල මහණුන් පිලිබදවයි. දුස්සීල මහණුන් සහ හාමුදුරුවරුන් එකම කුලකයකට දැමීමෙන් මට ඔබගේ තියන අන්තවාදය කුමක්දැයි පැහැදිලි වෙනවා. ශ්‍රී සද්ධර්මය කියන්නේ බොහොම ගැඹුරු දෙයක් ඒක නිසා. එහි ඇති කරුණු ගැන සදහන් කිරීමේදී බොහොම
@
කල්පනාකාරී වෙන්න ඕන. නැත්නම් එක නඩයක් ඉන්නවා ධර්මයේ වැරදි කියන්න බලාගෙන ඔවුන්ට එම වැරදි සහිත කරුණු හොද ගොදුරක් වෙයි.
"ඇත්තටම බුදු හාමුදුරුවෝ එහෙම කියල"
බුදුන් වහන්සේ ගැන සදහන් කිරීමේදී "කියල තියනව" කියන වචනය භාවිතා ක‍රන්නෙ ඔයාගෙ තියනවයි කියල හිතාගෙන ඉන්න රැඩිකල් බව පෙන්වන්නද.දේශනාකියලා වචනයක් ඔයාගෙ ශබ්ද කෝෂයේ නැද්ද. මම බොහෝ අවස්ථාවල දැකල තියනව ඔයාගෙ මේ හැසිරීම.

Taboo Subjects said...

QUOTE -පින්වත් ස්වාමීණ වහන්සේලා සමග පැමින සිටි පිරිස වර්ශාව නැවැත්වා දෙන ලෙස පින්වත් දෙවිවරුනගෙන් ඉල්ලා සිටි අතර ඉනුත් වි 30කට පමණ පසු වර්ශාව නැවතිනි. -UNQUOTE

ඇත්තනේ ළමයෝ. ශබ්දයේ වේගය අඩුයිනෙ. ඒනිසා ඒ ආයාචනය දිවිය ලෝකෙ ශක්‍ර දේවේන්ද්‍රයාට ඇහෙන්න වෙලාවක් යනවා. ශබ්ද තරංග දිවිය ලෝකෙට ගමන් කරන්නත් එපායැ. ඒකයි ඔය මිනිත්තු තිහේ පරක්කුව. අහපු ගමන් වැස්ස නතර කළා, මයෙ හිතේ.

හෝමෝ සේපියන්ස් said...

මෙතන යම් අඩු පාඩුවක් වෙච්ච බව නම් පිළි ගත යුතුයි. ඥාණානන්ද හාමුදුරුවෝ කවදාවත් ප්‍රාතිහාර්ය ග්න කියමින් පිරිස එක් රැස් කළ බව මම නම් අහල නෑ. 2001 දී අනුරාධපුරට සිල් ගන්න ලක්ෂයක් රැස් වෙනවයි කියල ප්‍රචාරය කළාම අපේ අන්‍යාගමික මිතුරෝ ඔට්ටු ඇල්ලුවේ පණස්දාහක් වත් ගේන්න බෑ කියල. හැබැයි ඒ වැඩසටහනට 450,000ක් සහභාගි වුනා. ඥානානද හාමුදුරුවන්ට පිරිස ගෙන්වන්න ප්‍රාතිහාර්ය ගැන කියන්න කොහොමටවත් වුවමනාවක් නැ.

නමුත් අනික් අතට සෝමාවතියේ මේ ප්‍රාතිහාර්ය කතාව 2000 ව්තර ඉඳන් එන කතාවක්. මට හිතෙන්නේ යම් පිරිසක් (සෝමාවතිය භාර හාමුදුරුවන්) විසින් ඥාණානද හාමුදුර්වන්ව පාවිච්චි කළා කියල තමයි හිතෙන්නේ.

බයෙන්ද ප්‍රේමේ, ටැබූ ඇතුළු සමහරු බලන් ඉන්නේ මේ වගේ වැරද්දක් පේනකම් තමයි. යාඤා මද්‍යස්තාන වල කැඩිච්ච ඒ.සි. එක, අහිමි වෙච්ච ජීවිතයට වඩා ඉහළින් තිබ්බ මේ අවජාතක රැළ, පෘතග්ජන භික්ෂුවක් අතින් වැරැද්දක් වෙන තුරු බලා ඉන්නේ බුද්ධාගමට අපහාස කරන්න. ඒ අතර හොරකම් නිසා සිවුරෙන් පන්නපු හීරළුවෙකුත් මෙතෙන්ට ඇවිත් අමුතු කතා කියන්නේ තරහ පිරිමහ ගන්න. සෝමාවතියට යන පාරෙදි මරපු මිනිස්සු ගැන කතා කරන්න කට නො ඇරිච්ච බයෙන්ද ප්‍රේමෙලා ස්වභාවික හේතු නිසා වෙච්ච මරණ උලුප්ප දක්වන්න යන හැටි දක්කම හිතෙන්නේ “අනේ, අපොයි” කියල. තමන් බුද්ධාගමට අයිති නැති බව කියන ටැබූ මොන උලවුවකට බෞද්ධයන්ට වෙන දේවල් ගැන කතා කරනවද? ඒවා බෞද්ධයන් බලා ගනී. ඔබතුමා ලෙක්චර් දීගෙන ඉන්න.

පිටස්තරයා said...

@Kaniskha Dilshan

අනේ නෑ මචං... මම මේ බැලුවේ ඔය ප්‍රාතිහාර්ය පාරක් දාලා රටට වැඩක් කර ගන්ට පුලුවාන්ද බලාන්ට... මේ අර ස්‍රද්දාවට මොකවත් කිව්වා නෙවෙයි ඕං...

මේ ගම්සභා හන්දියටත් වැඩිය අද තිඹිරිගස්යායෙ ට්‍රැෆික් එක වැඩියි.. එතනටත් කස්ටියක් සෙට් කරල දෙන්ට හොඳේ.... එන්නෙම නැත්තන් අර ඉසිපතනාරාමයේ චෛත්‍යයෙන් බුදුරැස් විහිදෙනවය කියන්ටකො මම කිව්ව කියල....

ආ.. ඒ ගමන් තව එකක්... මේ දවස් වල ඔය හවසට හවසට වහින එකත් ටිකක් ෂේප් කර ගන්ට බැරි වෙයිද දෙව් බබුන්ට කියල... මොකද එතකොට ට්‍රැෆිකුත් නෑ.. කිසි අවුලක් නෑ නෙ... ටික වෙලාවක් තෙමි තෙමි ඉන්න වෙනවද දන්නේ නෑ නේද????

Kanishka Dilshan said...

@Taboo
QUOTE::ඇත්තනේ ළමයෝ. ශබ්දයේ වේගය අඩුයිනෙ. ඒනිසා ඒ ආයාචනය දිවිය ලෝකෙ ශක්‍ර දේවේන්ද්‍රයාට ඇහෙන්න වෙලාවක් යනවා. ශබ්ද තරංග දිවිය ලෝකෙට ගමන් කරන්නත් එපායැ. ඒකයි ඔය මිනිත්තු තිහේ පරක්කුව. අහපු ගමන් වැස්ස නතර කළා, මයෙ හිතේ.::QUOTE
ෂා හ‍රි සෝක් නේ ටැබූවා දන්න දේවල්.
යේ මෙන්න ලංකාවෙ ටැබූගෙන් අලුත්ම සොයාගැනීමක් දිවිය ලෝකෙ තිබෙන්නෙ පෘථිවියේ සිට 768*0.5 miles දුරින් හැතැප්ම 384ක් දුරින්. හිහිහි...අපිට මාර මැජික්.
"විද්‍යාවෙන් උපන්දා හිටන් ඔළු කුහරෙ පුරවාගෙන හිටපු අවිද්‍යාව දුරු කරගත්තා"
මෙහෙම කියන ටැබූලා ගැන කව‍ර කතාද....
සාම්ප්‍රදායික භෞතික විද්‍යාව කරපින්නගෙන හිතනවා මහා විද්‍යර්ථියො වගෙ.
සමහ‍ර විට මෙයා කියන අවිද්‍යාව (විද්‍යාව)' වෙන්න ඇති.
සුලු සිද්ධින් නිසා සෘද්ධි ප්‍රාතිහාර්‍ය වැනි දෑ අවතක්සේරු ක‍රන ඔහෙලගෙ තියන අන්තවාද මුස්ලිම් අන්තවාදයට සමානකලත් ව‍රදක් නෑ.

Kanishka Dilshan said...

@පිටස්තරයා
අනේ නෑ මචං... මම මේ බැලුවේ ඔය ප්‍රාතිහාර්ය පාරක් දාලා රටට වැඩක් කර ගන්ට පුලුවාන්ද බලාන්ට... මේ අර ස්‍රද්දාවට මොකවත් කිව්වා නෙවෙයි ඕං...
අනේ මන්දා පිටස්ත‍රයො ඔහෙට පිලිතුරක් දෙන්න මට පුදුම කම්මැලියි. ඔහෙග comment කියවන්න බැරිත‍්රම් චාටර්නෙ. පල් හෑලිවගේ. කියවලා අදහසක් ගන්න බෑ. රටේම නැති වල්පල් කියවනවා.
කවුද කියලා හොයාගන්න බැරිවිදියට බොරු නම් දාගෙන වල් බූරු නිදහස පාවිච්චි ක‍රන්න ඔහෙට ලැජ්ජා නැද්ද.

චතුරංග රූපසිංහ said...

මුලින්ම මම සමාව අයදිනවා මගේ පිලිතුරු ප්රබමාද වීම සම්බන්දව. හේතුව ඊයේ ටමම ලිපිය පොස්ට් කලාට පසුව නැවතත් ඔන්ලයින් පැමිනීමට හැකිවුයේ දැන්.
@ මල් මාමා
මල් මාමා ට මුලින්ම කියයුත්තේ මෙය කිසිම දේශාපාලන රැස්වීමක් වූවේ නැහැ. මන්දයත් මෙයට පක්ශ 3 ට ම අදාල පුද්ගලයන් පැමින සිටි නිසා. සොමාවතී ප්රාදෙශයේ දැනට අවුරුදු 3 කට පෙර මෙලෙස වැඩ සටහනක් සංවිදානය නලා නම් මෙච්චර සෙනගක් පැමමිනේයයි අපිට කිසි ලෙසකින් බලාපොරොත්තු විය නොහැකියි. නමුත් ජනාධිපතිතුමා සහ සරත්ෆොන්සේකා මැතිතුමා එක්ව මෙම යුද්ධය ජයග්රරහනය කලායින් පසුවයි මෙලෙස දෙයක් එහි පැවැත්වීමට හැකිවුනේ. එ පිලිබද කුහක නොවී සදහන් කිරීමයි එතනදී වුනේ. අනෙක් කාරනය නම් මෙම උත්සවයට රාජ්යහ අනුග්රඑහය ලැබී තිබීමයි. මෙම කාරනය නිසා යම් යම් දේශපාලයින් පැමින් තිබුනා. රටේ ජනගහනයේන් 1/13 ආසන් ප්රදමානයක් රැස්වන තැනකට දේශපාලයින් හොම්බ දැමීම අනිවාර්යයෙන් විය යුතුතක්.(ලංකාව තුල) නමුත් පැමිනෙන ජනයා(බහුතරයක් ,ඔබ වගේ අය හැර) විචක්ශන බුද්ධියෙන් සිතන නිසා මෙය එතර්ම් ප්රවස්නයක් නැහ මන්ද යත් සිදුවන දේ ඔවුනට පැහැදිලිව තේරෙන නිසා

@ මාතලන්
තිසරනය එකම සරන ලෙස සලකන. පන්සිල් පද පහ රැකීමට යම් තරමකට හො රැකීමට තැත්කරන භාග්ය වත් බුදු රාජානන් වහන්සේ පිලිබද නොසැලෙන ශ්ර ද්දාවකින් සිටීම අන්ද බක්තිකයන්ට ලෙස සලකනවා නම් ඒ පිලිබද මම තවදුරටත් කීමට යන්නේ නෑ. නමුත් ඔබ කියන්නේ බුදු රැස් බැලීමට මෙතරම් ජනතාවක් පැමිනුනා යි මනම් මම මෙන්මේ උදාහරන ඔබට කියන්නම්
සාමාන්යායෙන් යුද්දය පැවති කාලයේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන වහනසේ විසින් අවුරුද්දකට මෙවැනි වැඩසටහන් 2 ක් හො ඊට වැඩියෙන් පැවැක් වූවා සාමනෘයෙන් එවැනි වැඩසටහනකට ලකෂ 4 ක් 5ක් පමන පිරිසක් සහබාගී වෙනවා. නමුත් මෙම වැඩසටහන යුද්ධය අවසන් වීමට පසුව තීබු ප්රලදාන වැඩසටහනක් ඉතින් අනිවාර්යයෙන් ජනතාව බිය සැක නැතිව එලියට බසින කාලයක්. එබැවින් මේ වැඩසටහනට සහබාගීවිමට මහ මෙව්නා අසපු සංචිතයට සම්බන්ද සියලු දෙනාගේ දැඩි කැමැත්තක් තිබ්බා ඒ නිසයි මෙතරම් සෙනගක් පැමිනීයේ.

චතුරංග රූපසිංහ said...

@ තරිදු
පිංවත් ස්වාමීන්වහන්සෙලා හා රැස්ව සිටි ජනතාව එලෙස ඉල්ලීමෙන් සාර්තක වු අවස්තාවන් රැසක් මම පුද්ගලිකව අත්දැක තිබෙනවා. එ මෙන්ම ‍ෛඑචර්යාතමක සිදුවීම් කීපයකට මමත් මූනදීලා තිබෙනවා. නමුත් මෙම අවස්තාවේදී වැටුනු වර්ශාපතය දැඩි ලෙස වැඩ සටහනට බපපෑ බව නම්මම පිලි ගන්නවා මම කලිනුත් කීවා 25% පමන පිරරිසක් එවෙලේම ආ පසු හරී ගියා කියා. 25% කියන්නේ ලක්ශ 2.5 ක් පමන පිරිසක්.මෙය සැලකිය යුතු තත්වයක්.
“ නියඟය තියෙන පලාත් වලට වැස්ස දෙන්න ගංවතුර එන පලාත් වලට ඒව නවත්තන්න මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් උදව් ගන්න පුලුවන්නෙ ?”
ඇත්තටම් ඔබ යම්තරමකට හෝ බුද්ධචරිතය ආහ්රිෙත සිදූවිම් දන්නවා නම් එලෙස වුන අවස්තා පිලිබද අනිවාර්යයෙන් දැන ගත යුතුයි. නමුත් ඔබ සිතනා ලෙස ඔබ ඇසුරු කල ස්වාමීන්වහස්සෙලා කුලකය ගෙන සෑම කෙනාම එලෙස මැනීම එතරම් නිවැරදි නැහැ.
ඹබද අනෙක් මහනවූ බොහෝ අය ලෙසම දර්මය කටපාඩම් කරගත් නමුත් එය මනසින් මෙහෙය නොවු (යොනිසොමනසිකාරයේ නොයෙදූ) හිස් මිනිසෙක්.ඔබට භාග්යහවත් බුදුරජානන් වහන්සේගේ ධර්මය නිවැරදි ලෙස අවබොද වුනානම් ඔබ කවරදාවත් සංගසමාජය ගැන කල කිරී උත්සාහය අත හරින්නේ නෑ.

චතුරංග රූපසිංහ said...

@කැලුම්
මෙතන සිදුවූ දෙය මම තවදුරටත් පැහැදිලි කරන්නම්
සොමාවතියට පැමිනෙන පාරේ සොමාවතියේ සිට කිලොමීටර 20 ක් පමන දුරට වන තුරු තැනින් නැක ඩොසර් මගින් රථගාල් තනා තිබුනා. එමෙන් එම පාරට වැටෙන් අතුරුපාරවල් වලද රථගාල් තිබුනා. ආපසු යනවිට පොලිසිය කලේ මුලින්ම තිබෙන රථගාල සම්පූර්නයෙන් හිස් කර දෙවන රථගාල හිස්කිීමට යෑමයි. මෙහිදී මුලින්ම පැමිනි නිසා සොමාවතියේ ආසන්නම තිබූ අතිවිශාල ප්ර්දාන රථගාල් වල තිබූ වාහන හෙල්ලීමටවත් හැකි වුනේ නැහැ. තවද එම පාර තැනින් තැන පටු පාලම් වලින් යුතුයි එමෙන්ම තැනින් තැන ජලයට යටවීද තිබුනා මෙවැනි තැන්වලින් වාහන ද්විත්වයක් එක පාර යැමේ හැකියාවක් නැහැ. නමුත් පොලිසීය වාන 2 බැගින් ගමන්කිරීමට සැලැස්වීම නිසා මෙවැනි තැනවල දැඩි අතනිපෙලකට ගැනීමේ ප්රමස්න පැමිනුනා. මෙම පුස්නය පොලීසය හොදින් අවබොද් කැග්තතේ නෑ. නමුත් ස්වාමීන් වහන්සේලා බැදිහත්වී හොදින් සංවිදානය වී වාහන ගාල්වලින් ඉවතට ගැනීමත් හා තනි පෙලකට ගැනීමත් සමග සීග්රලයෙන් වාහන ඉවත්වී යන අයුරු අපට දක්නට ලැබුනා. පොලීසියෙන් පැවසුවේ පසුදා දහවනතුරුත් වාහන සියල්ල එලියට ගැනීමට නොහැකි වේ යයි කියායි. නමුත් ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් පසුව රාත්රීම 9 පමන වනවිට වාහන සියල්ල ඉවත්වූ බව අපට දැනගන්නට ලැබුනා. මෙලෙස පොලිසියේ වැඩවලට ස්වාමීන්වහන්සෙලාට අත දැමීමට සිදුවූයේ රැස්වසිටි පිරිස කෙරෙහි උන්වහන්සේලාගේ සිත් තුල ඇති කරුනාව නිසාමයි. තවද අකාර්යක්ශම ‍ෙපාලිස් සේවාවයි.පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේද පැය 4 ක් පමන වාහන මෙහෙයවූ බව මට අසන්නට ලැබුනා.
@ සාගර
තරිදු පිලිබද ඔබේ කියමනත් සමග මම එකගයි.
@ awak
අනිවාර්යයෙන් තෙමුනා. නමුත් වැස්සට ඔව්න්ව නැවැත්වීට හැකිවුනේ නෑ. මේ සංසාර ගමන තුල ඔව්න් අනන්තවක් මෙලෙස වැස්සට කෙමෙන්න ඇති. මෙය නවත්වා නොගත හොත් ඉදිරියටත් කෙතරම් මෙලෙස වැසිවලට ට තෙමෙදැයි ඔවන් සිතන්නට ඇති. එමනිසා එම ගමනත නැවැත්වීමට දරන මේ උත්සාහයෙදී වැඩි පිරිසකට වැස්ස ආශිර්වාදයක් වුනා. පෙර දින රාත්රිියේත් සැරසිලිවලට නිදි මැරූ සමහරු වැස්ස නිසා හොදින් දියබාවී නින්ද යන්නේ නැතුව එලිවනතුරු දර්මදෙශනයට සවන් දුන්නා

චතුරංග රූපසිංහ said...

@Anonymous
“වැඩසටහන අන්තිමට ස්වමීන් වහන්සේ කිව්වේ කුමක්ද? හුග දෙනෙක් ආව කාරනය ඉ‍ටුවුන් නැති බවයි. ඒ කියන්නේ බුදු‍රැස් විහිදුන් නැති බවයි. වැස්සෙන් වැඩසටහන සාර්ථක නොවූ බව උන්වහන්සේ නොකියා කිවා. එය මාර බලයක් කියලයි කිව්වේ. කොහොම හරි වැස්ස නිසා උන් වහන්සේගේ කවි කොල පවා කියවා ගත නොහැකි විදියට පෙගී ගොස් තිබුනා. කිහිප දෙනුකු අතරමං වී ඇතිබව කී උන් වහන්සේ සංසරේ අතරමං වීම බලන විට මේ අතරමං වීම සුලු දෙයක් කී අතර ඉක්මනට ඒ අය නැවත හමු වෙයි කියාද කිවා”
ඔබත් සමග මම එකගයි උන්වහන්සේ මෙලෙස පැවසුවා.
@samantha
අනතුරනම් කොතැනත් තියනවා එසෙනම් කිසිම වැඩසටහනක් සංවිදානය නෙකර ඉන්නයි වෙන්නේ. අනතුර් නැති තැනක් ඔබ මට කියන්න මම එතන විය හැකි අනතුරු අඩුම 5ක් වත් කියන්නම්. පැහැදිලිවම මෙම වැඩ සටහන් පටන් ගැනීමට ප්ර්තම සොමාවතිය අවට ප්රා දශය දැඩි දූවිලිකින් පිරී පැවතුනා . වැස්ස ලැබී තිබුනේ නැහැ
@Kaniskha Dilshan
හිස් තරකවලට පිලිතු බැදීමට ඔබගත් වෙහෙසට මම ස්තූතිය පලකරන්නම්. ඔබත් සමග මම එකගයි.

චතුරංග රූපසිංහ said...

@හෝමෝ සේපියන්ස්
“මෙතන යම් අඩු පාඩුවක් වෙච්ච බව නම් පිළි ගත යුතුයි. ඥාණානන්ද හාමුදුරුවෝ කවදාවත් ප්රාමතිහාර්ය ග්න කියමින් පිරිස එක් රැස් කළ බව මම නම් අහල නෑ. 2001 දී අනුරාධපුරට සිල් ගන්න ලක්ෂයක් රැස් වෙනවයි කියල ප්රයචාරය කළාම අපේ අන්යාමගමික මිතුරෝ ඔට්ටු ඇල්ලුවේ පණස්දාහක් වත් ගේන්න බෑ කියල. හැබැයි ඒ වැඩසටහනට 450,000ක් සහභාගි වුනා. ඥානානද හාමුදුරුවන්ට පිරිස ගෙන්වන්න ප්රා.තිහාර්ය ගැන කියන්න කොහොමටවත් වුවමනාවක් නැ.”
ඔබත් සමග එකගයි
“නමුත් අනික් අතට සෝමාවතියේ මේ ප්රාචතිහාර්ය කතාව 2000 ව්තර ඉඳන් එන කතාවක්. මට හිතෙන්නේ යම් පිරිසක් (සෝමාවතිය භාර හාමුදුරුවන්) විසින් ඥාණානද හාමුදුර්වන්ව පාවිච්චි කළා කියල තමයි හිතෙන්නේ.”

එහෙම දෙයක් මම දකින්නේ නැහැ.පාවිච්චි කරන්න අත්සාහ කරන්න ඇති නම්ත් උන් වහන්සේ එලෙස ලෙහෙසියෙන් රැවටිය හැකි පුද්ගලයෙන් නෙවෙයි. මෙතන පැවැත්වූවන් සාමාන්ය් වැඩසටහනනක්
මීට කලින් මෙලෙස වැඩසටහන් ගොඩක් දිවයිනේ විවද ස්තානවල පවත්වා තියනවානේ

පිටස්තරයා said...

@Kaniskha Dilshan

හික් හික්... මමනම් හැංගිලා නෑ මචං... ඊයෙ පෙරේදා කඩා පාත් වුන උඹ දන්නෙ නැති වුනාට http://chamiladealwis.com වලට ආවොත් ඕනෙම කෙනෙක්ට මම කවුද කියන එක හොයාගන්න පුලුවන් වෙයි..

අනිත් එක මචං වල් බූරු නිදහස කියන්නෙ මොකද්ද? කියවන්න බැරි නම් දාගන්න එක ද? අරිසෙන් අහුබුදු එහෙනම් තියන්න වටින්නෙ නෑ නෙ...

මේ අනිත් එක.. මගෙ ලැජ්ජව ගැන ප්‍රශ්න කරන්නෙ ඒක මෙතනට අදාල නිසා වගේද ? නැත්තන් තියෙන අඳබාල කමට ද? මොකද මම කියන ඒව මගේ ලැජ්ජාවට වැඩිය නම් මෙතන යන දේට අදාලයි...

මේකයි මචං උඹට මගේ කමෙන්ට් කියවගන්න බැරි.. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පිහිටන දෙයක් තියෙනවා සාමාන්‍ය දැනීම කියල.. ඒක නැති වුනාම තමයි මේසන් බාස්ලා ටිකක් බැන්ඳ චෛත්‍යයක මුදුනෙ බුදුරැස් බලන්න දුවන්නෙ.. ඒක නැති නිසා තමයි උඹට මගේ කමෙන්ට් වල අගක් මුලක් තේරෙන්නෙ නැත්තෙ.. කියනවනේ තම තම නැණ පමණ කියල.. නැත්තන් sorry.com තමයි ඉතින්..

Kanishka Dilshan said...

@පිටස්තරයා
මේකයි පිටස්ත‍රයො,
මට උඹ කවුද කියන එක සත පහක වැඩක් නෑ.දැන්නේ ඔය ලින්ක් එකක් දැම්මෙ තමන්ගෙ identity එක බලාගන්න පුලුවන් විදියට. කලින් ඔහෙගෙ comments වලට replies දාන අයට ඒක බලා ගන්න පුලුවන් වුනේ නෑ නෙ.
මම කිව්වෙ හොයාගන්න බැරි විදියට comments දාන අය ලැජ්ජා විය යුතු පිරිසක්. මොකද නියම මිනිහෙක් තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න ඕන තමන්ගෙ නමින්. මම අකමැතිම දෙයක් තමයි අනන්‍යතාවයක් නැති අය සමග සංවාදයට යන එක.(මොන කුණුහරුපයක් කියයිද කවුද දන්නෙ).
දෙවනි කාරණාව තමයි මම ඊයෙ පෙරේදා කඩාපාත් වුනා කියන එක. මගෙ blogger profile එක බලපන් මම ඒයෙ පෙරෙදා කඩා පාත්වුනාද කියල දැනගන්න ඕනනම්. මම උඹ වගේ ඕන එකටයි එපා එකටයි හැම එකකටම comments දදා යන්නෙ නෑ අත්‍යාවශ්‍ය දේකට comment එකක් දැම්මොත් මිසක්. උඹගෙ තියන අවිද්‍යාව නිසයි විචක්ෂණශීලි නැති බවයි නිසා තමයි මම "ඊයෙ පෙරේදා කඩාපාත් උනබව" උබට පේන්නෙ. අනික මම ඊයෙ පෙරේදා කඩාපාත් උනත් උඹට මොකද. උඹට බ්ලොග් අවකාශය ලියලා දීලද.පුදුම ආණ්ඩුවක්නෙ යකෝ මේක.!
මගෙ තියන සාමාන්‍ය දැනුමත් අසාමාන්‍ය වෙනවා උඹගෙ විකාර comments බැලුවාම.
"අර ඉසිපතනාරාමයේ චෛත්‍යයෙන් බුදුරැස් විහිදෙනවය කියන්ටකො..." උඹ කියන්නෙ මේ වගේ පල් හෑලි කියවන්න සාමාන්‍ය දැනුමක් ඕන කියලද. මේවා බුද්ධිමත් මිනිස්සු විසින් ප්‍රතික්ෂේප ක‍රන ජාතියෙ කතා.ඒවට replies දැම්මොත් උබලා තව තවත් ඔය ශෛලියම භාවිතා ක‍රනව comments දාන්න.
තමුන්ට සංවාදයකට එන්න ඕන නම් ඒකට ඔබින විදියට එනවා.
උඹට සෝමාවතිය කියන්නෙ "බාස්ලා ටිකක් බැන්ඳ චෛත්‍යයක්" වුනාට බෞද්ධයන්ට එම පුදබිම ඊට වඩා දෙයක්. තමන්ගෙ අම්මා තාත්තා දිරායන පංචස්කන්ධයෙන් යුතු පුද්ගලයන් වුනා කියලා අපිට ඔවුන් කෙරෙහි තියන ගෞරවය අඩුවෙනවාද බන්. ඒ වගෙ තමයි එම පුදබිමට යන සැදැහවතුන්ට සෝමාවතිය ගඩොලෙන් බැඳලා කියන එක ගැටලුවක් නෑ. උඹටනෙ බලන් ගියාම "සාමාන්‍ය දැනුම" නැත්තෙ. අනික උඹ මොකද මේ "චෛත්‍යයක මුදුනෙ බුදුරැස් බලන්න" ගියා කිය කියා කෑගහන්නෙ උබ ඒක දන්නෙ කොහොමද උබට 800,000 කගෙ සිත් කියවන්න පුලුවන්ද? අනික උඹට තියන රුදාව මොකක්ද.
ඕන එකටයි එපා එකටයි හැම එකටම comments නොදා ඉදපන් අනිත් එවුන්ගෙ කාලෙ නොකා. comments දානවා නම් හත‍රව‍රං නැතුව හොඳ ක්‍රමයකට දාපන්.

Anonymous said...

දැන් එතකොට ඕකට රාජ්‍ය අනුග්‍රහය හම්බුනේ නිකන්ද ? ඕක තිබ්බේ මහ රජාගේ භාරයක් ඔප්පු කරන්න. ඉන්දියාවේ ඉන්න බලගතුම කට්ටඬි ටික අරලිය ගහ මැදුරේ තියාගෙන ගුරුකම් වලින් පිස්සු නටන අපේ රජතුමාගේ භාර වලට අහිංසක මිනිස්සු බිල්ලට දෙන එක හරිද ?

පිටස්තරයා said...

@Kaniskha Dilshan,

//දැන්නේ ඔය ලින්ක් එකක් දැම්මෙ තමන්ගෙ identity එක බලාගන්න පුලුවන් විදියට. කලින් ඔහෙගෙ comments වලට replies දාන අයට ඒක බලා ගන්න පුලුවන් වුනේ නෑ නෙ.
මම කිව්වෙ හොයාගන්න බැරි විදියට comments දාන අය ලැජ්ජා විය යුතු පිරිසක්. මොකද නියම මිනිහෙක් තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න ඕන තමන්ගෙ නමින්. //


//උඹට බ්ලොග් අවකාශය ලියලා දීලද.පුදුම ආණ්ඩුවක්නෙ යකෝ මේක.!//

ලොක්කා නිකන් තමන්ම තමන්ට උත්තර දුන්න වගේ නැද්ද? බීල ද කමෙන්ට් ලියන්නෙ ? :D

//මගෙ තියන සාමාන්‍ය දැනුමත් අසාමාන්‍ය වෙනවා උඹගෙ විකාර comments බැලුවාම.
"අර ඉසිපතනාරාමයේ චෛත්‍යයෙන් බුදුරැස් විහිදෙනවය කියන්ටකො..." උඹ කියන්නෙ මේ වගේ පල් හෑලි කියවන්න සාමාන්‍ය දැනුමක් ඕන කියලද.

උඹට සෝමාවතිය කියන්නෙ "බාස්ලා ටිකක් බැන්ඳ චෛත්‍යයක්" වුනාට බෞද්ධයන්ට එම පුදබිම ඊට වඩා දෙයක්. තමන්ගෙ අම්මා තාත්තා දිරායන පංචස්කන්ධයෙන් යුතු පුද්ගලයන් වුනා කියලා අපිට ඔවුන් කෙරෙහි තියන ගෞරවය අඩුවෙනවාද බන්. ඒ වගෙ තමයි එම පුදබිමට යන සැදැහවතුන්ට සෝමාවතිය ගඩොලෙන් බැඳලා කියන එක ගැටලුවක් නෑ. උඹටනෙ බලන් ගියාම "සාමාන්‍ය දැනුම" නැත්තෙ. අනික උඹ මොකද මේ "චෛත්‍යයක මුදුනෙ බුදුරැස් බලන්න" ගියා කිය කියා කෑගහන්නෙ උබ ඒක දන්නෙ කොහොමද උබට 800,000 කගෙ සිත් කියවන්න පුලුවන්ද? අනික උඹට තියන රුදාව මොකක්ද.
ඕන එකටයි එපා එකටයි හැම එකටම comments නොදා ඉදපන් අනිත් එවුන්ගෙ කාලෙ නොකා. comments දානවා නම් හත‍රව‍රං නැතුව හොඳ ක්‍රමයකට දාපන්.//

එක පාරක් කිව්වනේ ලොක්කා.. තම තම නැණ පමණ තමයි... නැති වුනා කියල මට කරන්න දෙයක් නැහැ..

මේ තව එකක්...

//තමුන්ට සංවාදයකට එන්න ඕන නම් ඒකට ඔබින විදියට එනවා.//

අනේ නිකන් පලයන් බන් යන්න කතා මැද්දට පැනලා සංවාදයක් ගැන කියවන්නෙ නැතුව.. //උඹට බ්ලොග් අවකාශය ලියලා දීලද.පුදුම ආණ්ඩුවක්නෙ යකෝ මේක.!// :D

Kanishka Dilshan said...

@පිටස්තරයා
අනේ මන්දා පිටස්ත‍රයො...මටත් උඹට කියන්න තිබෙන්නෙ තම තම නැණ පමණින් දැනගතයුතු කියන එක එකම තමයි....ඊට වඩා උඹට මොනවා නම් කියන්නද....................................................................

Anonymous said...

මල් මාමට මහින්ද පුකේ ඈරලාද කොහේද කොයි වෙලෙත් ඒ ගෑනම කිය කියා අඩන්නේ පව් ගොන් හරකා

සාගර said...

@මල් මාමා

@පිටස්තරයා

මට කියන්න තියෙන්නෙ ඔය දෙන්නටම බුදු සරණයි.

"නොදන්නා දේ දන්න බව ඇඟවීම තරම් නොදන්නා කමක් තවත් නැත"

Unknown said...

@චතුරංග රූපසිංහ
මම ඔබගෙන් මුලින්ම අහන්නෙ ඔබ ස්වාදීනද කියල.මොකද ඔබ මේ සිදුවීම දකින්නෙ සන්ධාන පාක්ශිකයෙකු විදියටයි.ඕනෙ දෙයක දෙපැත්තක් තියෙනව.මේ වගේ දෙයක් ලියද්දි මුලින්ම හිතන්න බුදු දහම ගැන.අද හැම දෙනාම අපේ ආගමික උත්සවයක් ගැන විවේචනය කරනව.නමුත් මේක බලන අන්‍යාඅගමිකයො මොනවද හිතන්නෙ.ඒක ගැන මුලින්ම කල්පනා කරන්න.
"බුදු රැස් විහිදෙන සෝමාවතිය" ආකාරයට ප්‍රචාරය කරමින් අපේ මිනිස්සුන්ව රවටා සෙනග ගෙනවා ගැනීම බෞධයෙකු ලෙස මම දුක් වෙනව.ඇත්තටම මේක කාගේ තේමාවක්ද කියල මට තේරෙන්නෙ නෑ.කිරිබත්ගොඩ හාමුදුරුවන්ට මම ගෞරව කරනව.ඒත් උන් වහන්සෙත් දැක්කෙ නැද්ද මේකෙ තියෙන වැරැද්ද.මෙම වැඩසටහනේ සංවිධානය ගැන කතා කරන්න ඕනෙ.සෝමාවතී පුදබිම තියෙන්නෙ මහ කැලයක් මැද්දෙ.ගමක් තියෙන්නෙ කි.මි 25 ක් විතර දුර.සංවිධායකයො දැනගන්න ඕනෙ මුලින්ම මෙච්චර සෙනගක් එද්දි මූලික පහසුකම් සලසන්න.මිනිස්සුන්ට උවමනා කරන ජලය,වැසිකිලි,කැසිකිලි පහසුකම් සලසන්න සංවිධයකයො දැනගන්න ඕනෙ.එදා ආපු සෙනග වැසිකිලි,කැසිකිලි වලට පාවිච්චි කලේ අවට පරිසරය.ඒ පැය කීපයේදී පරිසරයට කල විනාසයට ආෂ්චර්යයක් සිදු උනා.ඒ මෙතෙක් කාලයකට සිදු නොවුන දෙයක්.ලක්ෂ ගානක් මිනිස්සු වැස්සට තෙමුන.ලමයි වඩාගෙන හිටපු අම්මල හොදටම තෙමුන.ඒ අම්මලට නොතෙමි හිටින්න තැනක්වත් තිබුනෙ නෑ.3ක් මැරුණ.තව කීප දෙනක් රෝහල් ගතකරල.බෞද්ධ උත්සවයක මේ වගේ දෙයක් ගැන මෙච්චර කාලෙකට මම අහල නෑ.මේකෙ සම්පූරණ වගකීම සංවිධායකයන් සතුයි.
ඒ වගේම බුදුරෑස් විහිදෙනකල් කැමරා අල්ලගෙන හිටපු ITN එකේ කට්ටිය සිද්ද උන දේ හංගන්න හදනව.ඒ ගොල්ලො මොනබොරුව කිව්වත් ආණ්ඩුවෙන් පඩි හම්බ වෙන හින්ද වගකීමක් නැතුව ඕනැ බොරුවක් කියනව.පෞද්ගලික මාධ්‍යකින් විතරයි අද ඇත්ත දැනගන්න තියෙන්නෙ.
අවසාන වශයෙන් මේ හැම දෙයක් දිහෑම UNP සංධාන ඇහෙන් බලන්න එපා.සිංහල බෞධයෙක් ලෙස හොද සහ නරක පැත්තගැන විතරක් බලල අදහස් දක්වන්න.පක්ෂ පැත්තකට දාල අපේ නිර්මල බුදු දහම මේ වසලයන්ගෙන් බේරාගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!!!!!!

Lakmal said...
This comment has been removed by the author.
Lakmal said...

මෙන්න ඒ අසිරිමත් පිංකමේ සැබෑ තතු:

ලොව ම මවිත කළ බුදුරැස් විහිදෙන සෝමාවතිය මහ සෑ වන්දනාව - http://mahamevnawa.blogspot.com/2010/05/blog-post_14.html

සැදැහැ සිත් ඇත්තෝ සතුටු සිත් උපදවා ගනිත්වා!

Technopitara said...

It’s really a great and helpful piece of information. I’m satisfied that you shared this useful information with us. Please stay us informed like this. Thanks for sharing. Also check hacking facebook account
Xfinity Wifi Username and Password Hack
Sites to Send Free SMS without Registration