Friday, 26 February 2010

අපි වෙනස් වුනා

අපි වෙනස් වුනා, අලුත් උනා, නරකුත් වුනාද මන්ද?

කොහොම වුනත් ගොඩක් දෙනාගේ ඉල්ලීම පරිදි පරන ඇදුම ගලෝල වෙන එකක් ඇන්ද.
කෝමද? මේක

Thursday, 25 February 2010

Auto CAD (ඔටෝ කැඩ්) සිංහලෙන්

සමහරු මෙයට ඔට කැඩ් කියාද හදුන්වයි. පාඩමට ඇතුලත් වීමට ප්‍රථම අපි Auto CAD කුමක් සදහා කවුරුන් පාවිච්චි කරනවාදැයි බලමු.

ගෘහ නිර්මාන ශිල්පීන්,
සැලසුම් ශිල්පීන්,
වාස්තු විද්‍යගදයින්,
සිවිල් ඉංජිනේරුවන්
විදුලි යාන්ත්‍රික ඉංජිනේරුවන්,
මිනුම් ශිල්පීන්.

Auto CAD කවුලුව මේ ආකාරයට දිස්වේ.


















මෙය Auto CAD පාඩමක් නිසා Menu ආකාරයට පැහැදිලි නොකර පාඩමක් ආකාරයට ඉදිරියට ගෙනයාමට මම බලාපොරොත්තු වෙමි.


Units

Auto CAD මගින් යම් දෙයක් ඇදීමට පෙර අප විසින් අප භාවිතා කරන මිනුම් වර්ගය Auto CAD වෙත ලබාදිය යුතුය.
ඒ සදහා
Format ----> Units ක්ලික් කරන්න

එවිට පහත කවුලුව විවෘත වනු ඇත


මෙහි
Length
Type ----> දිග මැනීම පිනිස අප විසින් භාවිතා කරන ඒකක වර්ගය.
Precision ----> අප බලාපොරොත්තු වන නිවැරදි තාවය.

Angle
Type ----> කෝණ මැනීම පිනිස අප විසින් භාවිතා කරන ඒකක වර්ගය.
Precision ----> අප බලාපොරොත්තු වන නිවැරදි තාවය.

Drawing units for Design Center blocks
When inserting block into this drawing. Scale them to
මෙලෙස සදහන් වනතැන
අපි භාවිතා කරන ඒකකයේ මිමි වර්ගයක් යොදන්න.

උදා Architectural නම් Feet හෝ inches
Decimal නම් Millimeters හෝ meters

මෙ පිලිබද වැඩි කරුණු ප්‍රමාණයක් ඉදිරි පාඩම් වලින් බලාපොරොත්තු වන්න.


ඇදීමේ විධානයන් සමග ඉදිරි දිනක හමුවෙමු.



Wednesday, 24 February 2010

Auto CAD

සමහරුන්ට මතක ඇති මම බ්ලොග් එක පටන් ගන්න කොට කීව Auto CAD කියල දෙන්නම් කියලා. ඉතින් මේ හදන්නේ ඒ පොරොන්දුව ඉටු කරන්න. මගේ අදහස කොටස් වශයෙන් U tube එකට දාන්නයි. වෙනත් ක්‍රමයක් තියනවන්ම් කියන්න. පලමු කොටස හෙට උදයේ බලාපෙරොත්තු වෙන්න. දැන් ඉගෙන ගන්න කැමති අය AutoCAD 2007 දාලා තියාගන්න.

ඒ වගේම මම කැමතියි පංතියට සහභාගි වෙන්න කැමැත්තේන් ඉන්න අය අදුන ගන්න. අඩුම 5 දෙනෙකුටවත් ප්‍රයොජනයක් තියනවනම් තමා මම පටන් ගන්නේ. නැත්නම් ඉතින් මම වෙන මහන්සියට තේරුමක් නැහැනේ.
හරි එහෙනම් පංතියට සහභාගි වෙන අය (එනවෝ) කිය හරි කියලා යන්න

Saturday, 20 February 2010

අපේ සින්ඩිය සහ අලුත් සින්ඩිය

ඇත්තටම අන්තර්ජාලය ප්‍රයොජනවත් ලෙස යෙදවීමට, අපේ සින්ඩිය මම හිතන්නේ මට වගේම ඔයගොල්ලන්ටත් ගොඩක් උපකාරි වෙන්න ඇති. ලෝකය ගැන, තාක්ශණය ගැන, දේශපාලනය, ආගමික, විනෝදාත්මක වගේ මෙකී නොකී නොයෙකුත් දේ ගැන ඔයගොල්ලෝ ලියන දේවල් කකුල් දෙක ගාවටම ගෙනත් දුන්නේ අපේ සින්ඩිය. එක එක කාලවලදී එක එක ආකාරයට වෙනස්වෙමින්, අලුත්වෙමින් හුදකලා ගමනක අපේ සින්ඩිය ආව. මේ දුර එන කොට විවිද බාදක වැට කඩොලු අතරින් එන්න වුනේ, සමහර කාල වල සින්ඩියත් එක්ක හිටපු සින්ඩියේ දියුනුවට යම් තරමකින් දායක වුන අය සින්ඩිය අත හරලා ගියා. සමහරු අලුතෙන් ආව. සින්ඩියට තනියට හිටියේ කොත්තු විතරයි. නමුත් කොත්තු හිටියේ සින්ඩියට සැතපුම් ගනගක් ඈතින්. කොහොම වුනත් පසුගිය දවසක සින්ඩිය ආයෙත් වෙනස්වුනා. මම වගේම සමහරු ඒ වෙනසට එතරම් කැමතිවුනේ නෑ. ඉතින් එහෙම වුන එකෙන් වාසියක් වුනා. සින්ඩියට සහොදරියක් හම්බවුනා. මෙන්න මෙතන එයා ඉන්නවා ගිහින් බලන්න. (හැබැයි මම එහෙම නෙමේ එයාව හැදුවේ, හැදුවේ අපි නවුරුත් දන්න වැප්)

කොහොම වුනත් දැන් අපේ සින්ඩියේ තනියට තව කෙනෙක් ඉන්නවා. දැන් දෙන්නම මීට පස්සේ ඔය‍ ගොල්ලෝ ලියන එවා ගෙනත් දෙයි. අපේ සින්ඩියටයි අලුත් සින්ඩියටයි දෙන්නටම සහයොගයෙන් දිග ගමනක් යන්න හැකිවෙන්න ඔන. මම හිතනවා ඔය ගොල්ලොත් මාත් එක්ක එකග වෙයි කියලා.

Wednesday, 17 February 2010

ප්‍රජනන සෞඛ්‍ය පිලිබද සින්හලෙන්
















අන්තර්ජාලය තුල ප්‍රජනන සෞඛ්‍ය පිලිබද සින්හලෙන් දැනුවත් කරන අඩවියක් මට මුන ගැහුනා. මම හිතුවා ඒක ගැන ඔයගොල්ලනුත් දැනුවත් කරන එක හොදයි කියලා.

සමහරු මේ ගැන දන්නවත් ඇති.

ඔවුන් පවසන ආකාරයට මේය පවත්වාගෙන යන්නේ වෛද්‍යවරුන් විසින්මයි.

මෙහි පවතින අනිත් වැදගත් කාරනය තමයි ඹබට යම්කිසි ගැටලුවක් තිබේනම් අන්තර්ජාලය හරහා සිංහලෙන්ම වෛද්‍යවරයකු මුනගැසීමට හැකියාවයි.




Tuesday, 16 February 2010

ජංගම දුරකථන භාවිතයේදී ඔබ මේගැන සැලකිලිමත් වුනාද?

මේ ගැන ඉතා වැදගත් ලිපියක් විදුසර පත්‍රයේ පලවී ඇත එහි පහත සදහන් මාතෘකා ඔස්සේ ලිපිය විහිදීයයි.


1 අත්‍යවශ්‍ය හදිසි අවස්‌ථාවක දී හැරෙන්නට
කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා
දිරිමත් නො කරන්න

2 ජංගම දුරකථන සංවාද සඳහා
ගත කරන කාලය සීමා කරන්න


3 ජංගම දුරකථනයේ අභ්‍යන්තර ඇන්ටනාව
කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන
පරිදි භාවිත කරන්න


4 දුරකථන සංඥා (Signal) වඩාත් හොඳින්
පවතින ප්‍රදේශවල දී පමණක්‌ දුරකථන
ඇමතුම් ලබාගැනීමට කල්පනාකාරී වන්න


5 රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන
ක්‍රියා විරහිත කර තබා ගැනීම වඩාත් සුදුසු වෙයි


6 හිසට සහ කනට සෘජුව ම සම්බන්ධ
කෙරෙන ජංගම දුරකථන උපාංග (Headsets)
පැළඳීමෙන් වළකින්න

7 ජංගම දුරකථනයේ ආදේශකය "වොසෙරා"

මෙතනින් ලිපියට යන්න





Monday, 15 February 2010

ආයෙත් සුහද හමුවක් තියමුද ?

කියල කතාවක් මේ දවස්වල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තුයනවා.

ඉතින් මම හිතුවා පොඩි චන්ද විමසීමක් කරල බලන්න.
ඔන්න දකුණු පැත්තේ උඩ තියනව චන්ද කොලේ,
හොර නෑ බොරු නෑ දිනුව හෝ පැරදුනා කියල ලැබෙන දේකුත් නෑ .
ඒකට කමක් නෑ ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාෂ කරල යන්න.