කියල කතාවක් මේ දවස්වල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තුල යනවා.
Monday, 15 February 2010
ආයෙත් සුහද හමුවක් තියමුද ?
Posted by චතුරංග රූපසිංහ at 00:57 2 comments
Thursday, 11 February 2010
දැන්වීමයි (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී)
එබැවින් මම Anything & Everything හරහා මගේ අලුත් ලිපියට link එකක් දීමට අවස්ථාවක් ලබා ගතිමි
Posted by චතුරංග රූපසිංහ at 11:37 4 comments
Monday, 8 February 2010
නුහුරු නමුත් වටිනා ගීත ඇල්බමයක්
අප්පච්චී ( appachchi )
මම හිතන විදියට මේ ගීත ඇල්බමය ලංකාවෙ ගොඩක් දෙනෙක් අහල නැහැ. දැනට අවුරුදු 4/ 5 කට පමණ පෙර නිපදවූ ඇල්බමයක් වුනත් මේක රෙකෝඩ්බාර් වල විකීනීමට දාල තිබුනේ නැහැ. ඉතාමත් ලස්සන හරවත් ගීත 14 ක් මේ ඇල්බමයේ අඩංගුයි. ඒක මම කියනවට වඩා ඔයගොල්ලන්ට අහලම තීරනයකට එන්න පුලුවන්. මේ ඇල්බමයේ නිර්මාන කතාව බොහෝම ලස්සනයි. මම ඒ ගැන ඉදිරි ලිපියකදී කියන්නම්.
බොහෝ දුර
පියමං කරන සද,
දකින්නට හගින්නට
ඇවැසිවූ මනුෂ්‍යත්වය සොයා
පඩු පැහැගත් වලා අතරින්,
නික්මීගත් සරා සද ඔහුමවිය.........
" ආදරනීය අප්පච්චී "
මම ඔහු ඇමතුවෙමි..........
කිසිදිනෙක නාදුනන මා,
ඔහුට දියනියක්ම වීය.........
සුවහසක් දරුවන්ගේ
දුක්ඛ දෝමනස්සයන් හමුවේ
ඔහුගේ දෑසට නැගුනු කදුලුවල
මනුෂ්‍යත්වයේ පැහැය මම දුටිමි.
දහසක් ගැරහුම් මැද නොසැලී,
නොනැවතී ඉදිරියටගිය,
ජීවමාන බුද්ධත්වයේ ප්‍රතිමූර්තිය
එහුම වීය..........
මෙහි ගැයෙන සෑම පදයකම ඇත්තේ
" ඒ සැබෑ මිනිසාගේ කථාවයි "
එහි රචකයා මා ද,
නැතහොත් ඔහුගේ
අපරිමාණ මනුෂ්‍යත්වයදැයි
අද ද මම නොදනිමි...........
දුව
මෙතනින් ගන්න
විශේෂ ස්තුතිය
මෙවැනි ගීත ඇල්බමයක් අපිට ලබාදීමට මූලිකවුනු ආර් එස් පින්නපොල ගුරු පියනන්ට
නදීකා විජේසිංහ සොයුරියට
Posted by චතුරංග රූපසිංහ at 08:11 10 comments
Saturday, 6 February 2010
ඇඩ් සදහා රැවැට්ටීම
අද මම ලක්බිම පත්තරය බලන්න කියල ගිය ලක්බිම සයිට් එකට, පත්තරය බලද්දී තිබ්බ ඇඩ් එකකට මගේ ඇහැගියා. ඹය උඩින් තියෙන්නේ ඒක, ඉතින් මම ඒක උඩ ක්ලික් කරල, ඒ සයිට් එකට ගියා. ඒකෙත් මේ විදිහටම තිබ්බා තවත් එක එක ඇඩ් එක්ක, ඔය විදියට මේ පින්තූරෙ උඩ ක්ලික් කරකර මම සයිට් කිහිපයකටම ගියා. අන්තිමට නැවතුනේ මෙන්න මෙතනින්. වීඩියෝ එකක් නම් එතන නැහැ. තිබ්බේ ගූගල් ඇඩ් ගොඩක්, දන්නේ නැති අය ඇවිත් මේ ඇඩ් උඩත් ක්ලික් කරල බලනවනේ. එතනින් එහාට වෙන දේ ගැන මම කියන්න ඔන නැහැනේ. මේ ගොල්ලෝ කාලෙක ඉන්දන් මේ වදියට කට්ටිය රවට්ටනව .ලක්බිම වගේම දිවයින පත්තරෙත් මේ විදියටම දානවලු. ඉතින් මේ ගැන පුලුවන්නම් ඔයාලගේ යාලුවොත් දැනුවත් කරන්න. මේවට ක්ලික් නොකර ඉන්න එක තමා කඑන්න තියෙන්නේ.
Posted by චතුරංග රූපසිංහ at 13:43 7 comments
Thursday, 4 February 2010
අපි නොදන්න සුනෙත්
මෙහෙම කියද්දී ඔය ගොල්ලෝ ඔක්කොටම මතක්වෙන්නේ කාලයක් ලංකාවේ ජනප්‍රිය වෙලා තිබ්බ අපිනොදන්න ලයිවු වැඩසටහන කීවොත් මම හිතන්නේ මම නිවැරදියි. මතකද ඒකේ හිටපු චූටි මල්ලී, චූටි මල්ලීගේ වෙඩින් එක පසුගිය දා පැවත්වුනාලු. ඉතින් මේ, චූටිමල්ලි නැත්නම් සුනෙත් ගැන සුනෙත් වැඩ කරන ආයතනයේ යහලුවන් කියන කතා, බලන්නම වටිනවා.
Posted by චතුරංග රූපසිංහ at 22:19 7 comments
Wednesday, 3 February 2010
ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු
වලපනේ දිසාවේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර නිදහස් සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්‌වා ඉතා අප්‍රකටව පැවතීමේ හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා යටපත් කළ බිමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේJද්‍රd මණික යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.
උහුන් ජාත පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක
මන්ඨාෙච්න බලපති වී
උහුන් ජාත පුතුරාක
කේවේසස්‌ථ මණ්‌ඨක වායිමන
කේවේසස්‌ථ රක්‌ඛ පදියම බලපති වී
(උපුටා වරිග පූර්ණිකා පුස්‌කොල ග්‍රන්ථය)
විජයගේ පැමිණීමට පෙර කේවේසස්‌ථාන පරපුරේ පෙළපත වරිග පූර්ණිකාවට අනුව,
* කේවේසස්‌ථාන රජු
* සොලිස මණ්‌ඨක රජු
* සකුදල ගිරි රජු
* පඡ්ජල මූණ රජු
* කේසි කෙහෙළියපුර රජු
* විපුලත්තාන රජු
* සුගුලිත රජු
ඉතිරිය
Posted by චතුරංග රූපසිංහ at 13:11 1 comments