Friday 30 April 2010

8 වනදා සෝමාවතියට එන ඔබට......

DhammaMedicine ගූගල් සංගමයෙන් උපුටා ගැනීමකි

~ සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමකි. ඒ වෙත යන මාර්ගය ද වැටී ඇත්තේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන් ය. වල් අලි සහ වල් ඌරන් ගහණය. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න. අප ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න. තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව ගැන ද නිතර සිතන්න. භූමියේ මෙන්න මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට වගබලා ගැනීම බුද්ධිමත් ඔබ සතුය.

~ සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙමු. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරමු. සියළු අපද්රව්ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්න. වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන්න.

~ භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතය. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩා යෝග්ය වේ. ඉටිරෙදි ප්රමාණවත් නොවනු ඇත.

~ කිසිදු ආවරණයක් රහිත භූමියකි. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවූවා වැනිය. කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේ.

~ විශ්රාම ශාලා වැනි නවාතැන් පහසුකම් භූමිය තුළ අපේක්ෂා නොකරන්න.

ප්රවාහන පහසුකම්:
~ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පහත නගර වලින් 8 වන දින උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇත. පිටත්වන වේලාවන් සහ ආසන වෙන්කිරීම් සඳහා අදාළ ඩිපෝව අමතන්න.
කොළඹ කොටුව/පානදුර/ගාල්ල/මාතර/අකුරැස්ස/තංගල්ල/කෑගල්ල/මහනුවර/බදුල්ල/ගම්පහ/ඇඹිලිපිටිය

~ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන සේ බස් රථ වෙන්කරවා ගත හැක. මේ සඳහා ද ඔබට ආසන්නම ඩිපෝව හා සම්බන්ධ වන්න.

~ පෞද්ගලික වාහන මගින් පොළොන්නරුව දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධවිය හැක. මෙය 8-9 දෙදින පුර ක්රියාත්මක වේ.

~ කොළඹ හා තදාසන්න ප්රදේශ වල පින්වතුන් හට කඩුවෙල මහමෙව්නා අසපුව (+94 112537337) අසලින් 8 දින උදෑසන පිටත්වන විශේෂ බස් සේවාව හා සම්බන්ධ විය හැක. ටිකට් පතක් රු.700 යි. මැයි 02 දිනට පෙර ආසන වෙන් කිරීම සිදුකළ යුතු ය.

~ මීට අමතරව ඔබට ආසන්නම මහමෙව්නා අසපුව හරහා වැඩි විස්තර ලබා ගත හැක. Mahamevna website

ආහාර පාන:
සියළු කටයුතු සඳහා අවශ්ය ජල පහසුකම් මේ වනවිට සපිරෙමින් පවතී. පැමිණෙන සියළු දෙනා තම පරිභෝජනය සඳහා වතුර බෝතලයක්, කෝප්පයක්, පිඟානක් රැගෙන පැමිණීම ඔබේත් අන් අයගේත් පහසුව පිණිස හේතුවනු ඇත. 8 වන දින දැන්සැල් මගින් ආහාර නොසැපයෙන අතර වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් සිය අවශ්යතා සපුරා ගැනීමට කටයුතු කළ යුතුය. 9 දින උදැසන පමණක් ආහාර දන්සැල් ක්රියාත්මක වේ. පානීය ජලය හා ගිලන්පස දන්සැල් 8 දින උදෑසන සිටම භූමිය පුරා ක්රියාත්මක ය.

වැඩි විස්තර අවශ්ය නම් ඊමේල් මගින් අප වෙතින් විමසන්න.

තෙරුවන් සරණයි!!!

1 comments:

Anonymous said...

අර උඩ තියෙන ටික කොචර කිව්වත් පිලි ගන්නන එකක් නම් නැහැ කොහොම උනත් ලිපිය හොදා