DhammaMedicine ගූගල් සංගමයෙන් උපුටා ගැනීමකි
~ සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමකි. ඒ වෙත යන මාර්ගය ද වැටී ඇත්තේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන් ය. වල් අලි සහ වල් ඌරන් ගහණය. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න. අප ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න. තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව ගැන ද නිතර සිතන්න. භූමියේ මෙන්න මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට වගබලා ගැනීම බුද්ධිමත් ඔබ සතුය.
~ සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙමු. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරමු. සියළු අපද්‍රව්‍ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්න. වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන්න.
~ භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතය. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩා යෝග්‍ය වේ. ඉටිරෙදි ප්‍රමාණවත් නොවනු ඇත.
~ කිසිදු ආවරණයක් රහිත භූමියකි. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවූවා වැනිය. කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේ.
~ විශ්‍රාම ශාලා වැනි නවාතැන් පහසුකම් භූමිය තුළ අපේක්ෂා නොකරන්න.
ප්‍රවාහන පහසුකම්:
~ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පහත නගර වලින් 8 වන දින උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇත. පිටත්වන වේලාවන් සහ ආසන වෙන්කිරීම් සඳහා අදාළ ඩිපෝව අමතන්න.
කොළඹ කොටුව/පානදුර/ගාල්ල/මාතර/අකුරැස්ස/තංගල්ල/කෑගල්ල/මහනුවර/බදුල්ල/ගම්පහ/ඇඹිලිපිටිය
~ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන සේ බස් රථ වෙන්කරවා ගත හැක. මේ සඳහා ද ඔබට ආසන්නම ඩිපෝව හා සම්බන්ධ වන්න.
~ පෞද්ගලික වාහන මගින් පොළොන්නරුව දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධවිය හැක. මෙය 8-9 දෙදින පුර ක්‍රියාත්මක වේ.
~ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පින්වතුන් හට කඩුවෙල මහමෙව්නා අසපුව (+94 112537337) අසලින් 8 දින උදෑසන පිටත්වන විශේෂ බස් සේවාව හා සම්බන්ධ විය හැක. ටිකට් පතක් රු.700 යි. මැයි 02 දිනට පෙර ආසන වෙන් කිරීම සිදුකළ යුතු ය.
~ මීට අමතරව ඔබට ආසන්නම මහමෙව්නා අසපුව හරහා වැඩි විස්තර ලබා ගත හැක. Mahamevna website
ආහාර පාන:
සියළු කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් මේ වනවිට සපිරෙමින් පවතී. පැමිණෙන සියළු දෙනා තම පරිභෝජනය සඳහා වතුර බෝතලයක්, කෝප්පයක්, පිඟානක් රැගෙන පැමිණීම ඔබේත් අන් අයගේත් පහසුව පිණිස හේතුවනු ඇත. 8 වන දින දැන්සැල් මගින් ආහාර නොසැපයෙන අතර වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් සිය අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කළ යුතුය. 9 දින උදැසන පමණක් ආහාර දන්සැල් ක්‍රියාත්මක වේ. පානීය ජලය හා ගිලන්පස දන්සැල් 8 දින උදෑසන සිටම භූමිය පුරා ක්‍රියාත්මක ය.
වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේල් මගින් අප වෙතින් විමසන්න.
තෙරුවන් සරණයි!!!
Friday, 30 April 2010
8 වනදා සෝමාවතියට එන ඔබට......
Posted by චතුරංග රූපසිංහ at 21:54 1 comments
Tuesday, 27 April 2010
ලේක්හවුස් සිංහයා හා නෝර්වේ
මකරා විසින් පලකරනලද මෙය මූනුපොතෙන් උපුටා ගන්නා ලදී
රාජ්‍ය මාධ්‍යයහි හැසිරීම ඉතාමත් හෙදින් මෙයින් පැහැදිලිවේ
Posted by චතුරංග රූපසිංහ at 08:24 3 comments
Saturday, 24 April 2010
ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ
මේක නොකියා ඉන්නයි හිතන් හිටියේ. නමුත් දිගන් දිගටම ෆේස්බුක් ජීටොක් හා ස්කය්ප් හරහා අසන නිසා ලියලා දාන්නයි හදන්නේ. බ්ලොග් මැරතන් එක නිල වශයෙන් නිවේදනය කරපු දිනවල ලාංකීය සිතුවිලි වලින් SBU එකට මේල් එකක් මගින් ඉල්ලිමක් කලා සමගාමී විකාශයකට තොරතුරු සපයන ලෙස. ඊට පිලිතුරු ලෙස කාලිංග මහතා එවා තිබුනා. එය ලබා දෙන බව. ඒ අනුව ලාංකීය සිතුවිලි කන්ඩායම් පූර්ව ප්රචාරක කටයුතු පටන් ගත්තා. ඊයේ දිනයේ ලාංකීය සිතුවිලි කන්ඩායම මගින් නැවතත් SBU එකට මේල් පනිවිඩයක් යැව්වා. දැනට ලියාපදිංචි වි සිටින තරග කරුවන්ගේ විස්තර ලබාදෙන ලෙස. නමුත් එයට අද රාත්‍රී 8.00 වන තෙක් කිසිම ප්‍රතිචාරයක් SBU එකෙන් දැක්වූවේ නෑ. කාලිංග ඉද්‍රනාම ශාකුන්තල තීපවරක්ම සම්බන්ද කරගන්න හැදුවත් ඔවුන් මග හැර ගියා. රාත්‍රී 8.00 මැරතන් පටන් ගත් පසුව ඔව්න් අපිට තොරතුරු එවා තිබුනා. නමුත් අප් එකින් එක එවා ඇතුලත් කල යුතුව තිබුනා විශේෂ නාලිකාවට. මෙවැනි කුමන්ත්රනයක් බලා පොරොත්තුව සිටි අපි අපට හැකි පමණින් මැරතන් එක සදහා සහභාගීවන බ්ලොග් වල තොරතුරු සොයා ගෙන තිබුනා. ඒ නිසා අපිට යොදන්න තිබුනේ අඩු බ්ලොග් සංක්‍යාවක්.
Posted by චතුරංග රූපසිංහ at 21:39 70 comments
ඔටෝකැඩ්
ඔටොකැඩ් ගැන ලියන්නයි හිටියේ. ඒත් දැන් මොකද්ද මොකද්ද වගේ. බලමු ඊලග පොස්ට් එකේ ඉදන් මොකද කරන්නේ කියලා
Posted by චතුරංග රූපසිංහ at 21:25 2 comments
ඔන්න මාත් දුවනවා
ඔන්න එහෙනම් මාත් දුවන්න ගත්තා.මැරතන් එක පටන් ගද්දීම කරදරයක් වුනානේ. අපේ SBU යාලුවෝ හන්දා.දැන් හරි ඔක්කොම දේවල්. මිනිසුන් විශ්වාස කිරීම ගැන පාඩමක් ඉගෙන ගත්තා.
Posted by චතුරංග රූපසිංහ at 21:12 1 comments
මැරතන් වෙලාව ලගයි....................
එන්න මැරතන් බලන්න ...... වතුර ගහන්න........... එක්වන්න...........
ලාංකීය සිතුවිලි විශේෂ නාලිකාව සමග
Posted by චතුරංග රූපසිංහ at 16:56 0 comments
Thursday, 22 April 2010
ඉන්ටර්නෙට් බ්ලොග් සමග මගේ ජීවිත කතාව සහ අනංමනං සහ දිගම ලිපිය සහ :D! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !
මාතෘකාව නිකන් පොස්ට් එකක් වගේ වූනා. :D කොහොම හරි මම අද කියන්න යන්නේ මට ගොඩක් සතුටුදායක දෙයක් ගැන. අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි. ඉතින් මම තීරණය කලා මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියලා දාන්න. ඉතින් මෙන්න මෙහෙමයි වුනේ.............

මේ තියෙන්නේ පාරට පේන හැටි
Huawei මොඩම් අන්ලොක් කිරීමට, Unlock Huawei HSDPA Modem
Posted by චතුරංග රූපසිංහ at 22:07 49 comments
Wednesday, 7 April 2010
මැරතන් මැරතන් මැරතන් මැරතන්.! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !!!!!!
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ක්‍රියාත්මක කරනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉසවුවට ඔන්න මමත් ලියන්නයි හදන්නේ. මේ බ්ලොග් එකමයි භාවිතා කරන්නේ. මේක අමාරු වැඩක් නෙමෙයි. එන්න ඔබත් හිත හිතා ඉන්න දෙයක් නැහැ.
Posted by චතුරංග රූපසිංහ at 14:45 5 comments
Monday, 5 April 2010
බුදුරැස් විහිදෙන සෝමාවතිය
Posted by චතුරංග රූපසිංහ at 10:42 3 comments