Tuesday 9 March 2010

ලාංකීය සිතුවිලි lankeeya sithuwili සහ லாங்கிய சிதுவிலி

පහුගිය දවස් වල මගේ පොස්ට් ගත්තොත් ලාංකීය සිතුවිලි ගැන දාපු පොස්ට් තමයි වැඩිපුර තියෙන්නේ.

අදත් මම හදන්නේ ලාංකීය සිතුවිලි ගැන මම දකින හැටි ගැන කියන්නම තමා. මුලින්ම කියන්න ඔන ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය වත් කොත්තු එකටවත් එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කියවන වලටවත් එරෙහිව යෑමට නිර්මාණය වුනු බ්ලොග් කියවනයක් නොවන බව. ලාංකීය සිතුවිලි අරමුණ අන්තර්ජාලයේ යුනිකොඩ් ව්‍යප්ත කිරීම නොවෙයි. අන්තර්ජාලයේ පවතින සියලු ශ්‍රීලාංකික වියුනු අඩවි වලට බිහි දොරක් නිර්මානය. ඒ වගේම
සිංහල බ්ලොග් කියවන‍යේ පසුගිය දින වල කරපු වෙනස්කම්ද යම් දුරකට බල පෑව. මේක හොන්දට පැහැ දිලි වෙනවා ලාංකීය සිතුවිලි නිර්මාණය කිරීමට පෙර එහි නිර්මානකරු දැක්වූ මෙන්න මේ අදහස්.

ලාංකීය සිතුවිලි සදහා පහත වර්ගවල වියුනු ඇතුලත් කීරීමට එහි නිර්මාපක කන්ඩායම බලාපොරොත්තු වෙනවා
සිංහල වියුනු
ඉංග්‍රීසි වියුනු
ඡායාරූප පමණක් අන්තර්ගත වියුනු
කුඩා වියුනු(මයික්‍රෝ බ්ලොග්)
මෙමගින් මෙවැනි අනෙකුත් වියුනු පවත්වාගෙන යන්නන් හට පාඨක පිරිසක් එක්කර දීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

ලාංකීය සිතුවිලි මේ වනවිට ලාංකීය සින්ඩිකේටර අතර අති වේගවත්ම සින්ඩිකේටරය බවට පත්වෙලා තියනව. ඒකට හේතුව විශාල අඩුපාඩුවක් වෙලාතිබ්බ මෙන්න මේ නිර්මාණය. මෙමගින් ඹබ විසින් දමනුලැබූ පොස්ට් එවෙලෙහිම බ්ලොග් කියවනය තුල පෙන්වීම කරනු ලබනවා. මෙය දැනට බහුලව භාවිතා කිරීමක් නොවුනත් ඉදිරියේදී බ්ලොග් කියවනය තුල බ්ලොග් ගනණ වැඩිවීමත් සමග මෙය වැඩි වැඩි යෙන් භාවිතාවේ යයි එහි නිර්මාණ කරුවන් බලාපොරොත්තු වෙනවා.

තවද වියුනු පරිශීලනය සදහා වැඩියෙන් පහසුකම් සපායාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. වියුනු ඔවුන් ආරම්භ කල කාල වකවානුව අනුව කොටස් කීරීම මේ දිනවල කෙරෙමින් පවතිනවා. එමගින් අලුතෙන් වියුන් වලට එකතුවුනේ කුමන වියුනුද යන්න වියුනු පාඨකයන්ට ඉක්මනින් සහ ලෙහෙසියෙන් බලාගැනීමට හැකි වේවි.

මෙය ඔබවනුවෙන් කිසිම ලාබ ප්‍රයොජනයක් නොගෙන යම් පිරිසකගේ කාලය ශ්‍රමය භාවිතයෙන් තැනෙන අඩවියක්. ඔවුන් කරන සේවාවට ඔබටත් යම් දායකත්වයක් දැරිය හැකියි. ඒ ඔබගේ වියුනු මෙයත් සමග එකතුකිරීමෙන් සහ සියලුදෙනා දැනුවත් කිරීම මගින්. මෙහි නිර්මාපක කන්ඩායම ඔබෙන් ඒ සහාය ඉතා හොදින් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.


10 comments:

isaman said...

ඕකට අලුත් දේවල් එකතු කරලා අපි ඕක හොදම එක කරමු...

චතුරංග රූපසිංහ said...

ඔව් isaman මේ වෑයම බ්ලොග් කියවනයකට එහා
පහසුකම් ඇති එකකට

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

අපේ සහයෝගය සහෝදරත්වයෙන් ඉදිරියට යමු

Anonymous said...

අළුත් වැඩේට ජය වේවා!!
මම දැක්කා ඒ සින්ඩියෙනුත්, මගේ බ්ලොග් එකට කට්ටිය ඇවිත් කියලා, ඊයේ..

මහන්සි වෙන හැමෝන්ටම ස්තූතියි!!

චතුරංග රූපසිංහ said...

@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදර
බොහෝබ ස්තූතියි දිගටම රැදී සිටින්න

චතුරංග රූපසිංහ said...

@ ::පිස්සා::.
තවම ලාංකීය සිතුවිලි සමග බ්ලොග් 250 කට ආසන්න ප්‍රමාණයක් තමයි රැදී සිටින්නේ බ්ලොග් ප්‍රමාණය වැඩි වූ වහාම කියවන පිරිස වැඩි වේවි

සහන් සටහන් said...

සාම්ප්‍රධායෙන් ඔබ්බට ගිය හැමෝටම තමන්ගේ සිතුවිලි ඉදිරිපත් කලහැකි තැනක්.........

දුකා said...

මමත් දැන් පරන එකට වැඩිය බලන්නේ මේක ද මංදා . . .දේශපාලන ලිපි නැති පරන සින්ඩිකේටරයේ මට හරි අඩුවක් දැනෙනවා වගේ.

දුකා said...
This comment has been removed by the author.
මනුසත් said...

අලුත් වැඩේට ජය වේවා