Thursday 22 April 2010

ඉන්ටර්නෙට් බ්ලොග් සමග මගේ ජීවිත කතාව සහ අනංමනං සහ දිගම ලිපිය සහ :D! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !

මාතෘකාව නිකන් පොස්ට් එකක් වගේ වූනා. :D කොහොම හරි මම අද කියන්න යන්නේ මට ගොඩක් සතුටුදායක දෙයක් ගැන. අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි. ඉතින් මම තීරණය කලා මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියලා දාන්න. ඉතින් මෙන්න මෙහෙමයි වුනේ.............



මගේ නම ඉතින් දනනවනේ මම ඉස්කෝලේ ගියේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට. ඒක තියෙන්නේ වරකාපොල කෑගල්ල අතරමැද නුවර පාර අයිනේ.



මේ තියෙන්නේ පාරට පේන හැටි

හරි ඉතින් ඉස්කොලේ ගැන නෙමේනේ කියන්න යන්නේ ඒක හන්ද ඒ ගැන ඔය ඇති. ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා අවුරුද්දකට පස්සේ මම තීරණය කලා IT පැත්තෙන් ඉස්සරහට යන්න. ඊට පස්සේ සල්ලි සල්ලී කියලා බලන්නේ නැතුව :D ගත්තා කොම්පියුටර් එකක්. තුන් පාරම විභාගෙ කරන්න වුන හන්ද කොම්පියුටර් එක ගෙදර තියාන ඒකෙන් එතරම් වැඩක් නොගෙන තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. මෙන්න මේ අවුරුද්දේ මැද අම්මට බර බරේ දාලා ගත්තා SLT Sity Link ෆෝන් එකක් නෙට් කනෙක්ෂන් එකකුත් එකක. ඔන්න ඔහොමයි මම නෙට් එකට ඉස්සෙල්ලාම පය ගැහුවේ. ඉතින් නෙට් ගත්තට පස්සේ නෙට් ඇවිල්ලා මුලින්ම හෙව්වා සීගිරිය ගැන, මට හොදට මතකයි. වැඩකට නේමේ, නිකන් මොනා හරි හොයන්න ඔන හන්දා :D පස්සේ හැමදාම නෙට් එනවා. ඔහේ මොකක් හරි බලනවා යනවා. එච්චරයි, වැඩිවෙලාවක් ඉන්නේ නම් නෑ ඇයි ඩයල් අප්නේ. මම ඒ දවස් වල නෙට් එකෙන් කිලා ප්‍රයොජන ගත්තේ වයිරස් ගාඩ්එක අප්ඩේට් කරන එක විතරයි.

පස්සේ දවසක් මට අපේ පැත්තේ අයියා කෙනෙක් දුන්නා xp sinhala කියලා සොෆ්ට්වෙයාර් එකක්. මමත් ගෙදරඇවිත් දාලා බැලුවා ඒක. ෆෝල්ඩර් රීනේම් කරන්න පුලුවන්, සින්හලෙන් නමක් දාන්න පුලුවන් එච්චර තමා මම දැක්කේ, ඒකේ ප්‍රයෝජනවිදියට. ආ කියන්න බැරිවුනානේ, මගේ කීබොර්ඩ් එකේ සිංහල තියනවා ඒක හන්දා සිංහල ටයිප්කිරීම ගැන ප්‍රස්නයක් වුනේ නෑ. ඔන්න ඉතින් නෙට් ආපු වෙලාවක මට නිකමට ගූගල් වල ගහලා බැලුවා මොකක් හරි වචනයක් මට දැන් නම් ඒ මොකද්ද කියලා මතක නෑ. හැබැයි ඒකේ රිසල්ට් වලට ආව සයිට් වලින් 3/4 කම සුපුන් සුදාරක කියලා නම තියනවා. මම ඉතින් හිතුවා මෙච්චරම මෙයාගේ නම තියෙන්නේ මෙයා හෙන වැඩකාරයෙක් වෙන්න ඇති කියලා. මොකද ඒ දවස්වල නෙට් එක කියන්නේ මට හරි අමුතු තැනක්(අපේ සුදාරක මලයාට අපහාස කිරීමේ චේතනාවක් එහෙම නැ ඔන්න)

කොහොම කොහොම හරි අන්තිමට මම ඔය එක එක ඒව සර්ච් කරද්දී දවසක් මට හම්බ වුනා පහන් ලබාදීපු rss කියවන එකත් සමග ෆයර්ෆොක්ස් එක. ඒක භාවිතා කරලා මම ඉස්සෙල්ලාම බ්ලොග් කියවන්න ගත්තා. ඒ දවස්වල් මම කරන්නේ නෙට් එනවා වයිරස් ගාඩ් එක අප්ඩේට් කරනවා එකෙන් ඔක්කෝම ලිපිටික වෙනවෙනම ටැබ්වල එකපාර ඔපන්වෙන්න දානවා ඔපන් වුනගමන් නෙට් ඩිස්කනෙක්ට් කරලා කියවන්න ගන්නට් එක එක. ඉතින් ඒක හන්දා කමෙන්ට් දැමිල්ලක් නම් වුනේ නෑ. කියවනවා විතරයි.

මෙන්න මේ විදියට දවස් ගෙවිලා යද්දී බ්ලොග් වල තිබිලා මට හම්බවුනා සිංහල බ්ලොග් කරුවනගේ සංසදය කියලා එකක් ඉතින් ගිහින් බැලුවා. ගියේ කෙලින්ම් සිංඩියට මෙන්න මේ දවස්වල කොහොම හරි RSS කියවන එක කැඩුනා මොකද්ද වුනේ කියලා නම් මම දන්නේ නෑ. ඊට පස්සේ බ්ලොග් කියවන්න මම දිගටම පාවිච්චිකලේ සිංඩිය. ඒ දවස්වල සිංඩියේ මතක හැටියට බ්ලොග් 150 - 200 ත් අතර ගානක් තිබ්බේ. දාන හැම පොස්ට් එකක්ම කියවනවා.ඇත්තටම බ්ලොග් මට දැනුම උල්පතක් වුනා කීවොත් නිවැරදියි.

මටත් හිතුනා කාලයක් යනකොට බ්ලොග් එකක් පටාං ගත්තොත් හොන්දයි කියලා. මේ වන විට බ්ලොග් කියෝලා ඒ ගැන යම් තරමක අවබෝදයක් මට තිබ්බා. ඉතින් පටංගත්තා "ඔබ දන්නවාද" කියන නමින් බ්ලොග් එකක්. පරණ බ්ලොග් කරුවන්ට සමහරවිට මතක ඇති ඒක. එක් සිංඩියට ඉල්ලුවාම ඇඩ්කරා කියලා ආපු ඊ මේල් එකෙන් මම මගේ අන්තර්ජාල පලමු යාලුවව අදුනා ගත්තා. ඒ තමයි කාලිංග සහොදරයා. මට ඒ දවස්වල ගොඩක් උදව් කලා. මම දන්නේ නැති දේවල් කියලා දෙමින් ඔහු. ඒ කාලයෙදි මට උදව් කරපු අනිත් සහෝදරවරු තමයි ශාකුන්තල හා මලිත්ත. ඇත්තටම ඔවුන්ට මම අදත් ස්තූතිවන්ත වෙනවා ඒ ගැන.

ඔබ දන්නවාද බ්ලොග් එක මම මාස කිහිපයක් කරගෙන ගියා. පස්සේ කුමක් හෝ හේතුවක් නිසා ඒක මකලා දැම්මා. ඊටත් මාස කිහිපයකට පස්සේ තමයි මම මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්දතාවයක් ලබාගත්තේ.මේ කාලය වනවිට මම සිංගප්පූරු ඉන්ෆොමැටික් ආයතනයේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරු ඩිග්‍රියක් කරන්න පටන් අරන් තිබුනා . පූර්න කාලීන නෙට් කිබිල්ල මට හරි පහසුවක් වුනා ඉගෙනීම් කටයුතුවලට. හරියටම දැනට අවුරුද්දකට පෙර අප්‍රේල් 21 දිනක මම ආයෙත් පටං ගත්තා බ්ලොග් එකක් ලියන්න. ඒ තමයි මේ Anything & Everything . අන්තරජාල සම්බන්ද තාව වෙනස් වුන හන්දා මට දවස පුරාම ඔන්ලයින් ඉන්න පුලුවන් වුනා.
ඉතිං මේ කාලයේදී මට වැඩි වැඩියෙන් බ්ලොග් කියවන්නටත් කොමෙන්ට් දමන්නටත් හැකියාවක් ලැබුනා. අපේ ශාකුන්තල වගේම මමත් ෆලෝව් නොකරපු බ්ලොග් එකක් නැති තරම්. බලන්න ඔයාලගේ බ්ලොග් එකෙත් මම මගේ මල්ලට දැනුම පුරෝගෙන යනගමන් ඉන්න රූපයක් අනිවාර්යයෙන්ම ඇති.



මේ ඉන්නේ මම, ඔයාලගේ බ්ලොග් එකෙනුත් මල්ලට දාගෙන යන ගමන්.

මගේ බ්ලොග් එක ගැන කියනවා නම් මම එච්චර දක්ෂ ව්දියට ලිවීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් නොවන බව මේ ලිපියෙන්ම ඔයාලට මොනවට පැහැදිලි වෙනවා ඇති. මම ගොඩාක්ම කලේ අනිත්අයට වැදගත් කියලා හිතෙන දෙයක් ඉදිරිපත් කිරීම තමයි. ගොඩාක් දුරට මම ලියන දේවල් අඩුයි. මම ගැනනම් නැතිම තරම්. මගේ බ්ලොග් එකේ එක ලිපියකටවත් කොමෙන්ට්ස් නැතිවෙලානම් නෑ. හැබැයි අනිත් අයට වගේ කමෙන්ට්ස් 50 60 ගනන් තිබිලත් නෑ වැඩිම කොමෙන්ට් සංක්‍යාව තමා 10 මම බ්ලොග් 600 කට වඩා ෆලෝව් කරලා තිබ්බට මගේ බ්ලොග් එකේ ඉන්නේ නම් 35 ක විතර පිරිසක් ඔයාලා දැන් බලනකොටනම් සමහරවිට එක්කෙනෙක්වත් නැතිවෙන්නත් පුලුවන් මොකද අද මම ෆලොව් අයින් කරලා ගූගල් ෆ්‍රෙන්ඩ් කනෙක්ටර් දැම්මා මම අරාධනා කරනවා හිටපු අයටයි හිටපු නැති අයටයි කැමතිනම් ආයෙත් එකතුවෙන්න කියලා.

මෙන්න මේ අවුරුද්දේ මම දාපු ලිපිවලින් විශේෂ ලිපි කීපයක්

Huawei මොඩම් අන්ලොක් කිරීමට, Unlock Huawei HSDPA Modem

මීට අමතරව ඔාටා්කැඩ් පිලිබද ලිපි ‍පෙලක් ලියන්න ආරම්භ කලා මැරතන් දවසේ ඒ ලිපි පෙල ඉදිරියට ලියන්න හිතාගෙනයි ඉන්නේ.

ඒ වගේම මාගේත් එක්ක ජීටෝක් ස්කයිප් හා ෆේස්බුක් මගින් ඇදිනගත්තු
කාලිංග ඇතුලත්මුදලි
මලිත්ත
ශාකුන්තල
රන්දිකා රනවීර
ප්‍රවීන් ඉද්‍රනාම
දසුන්
ඇන්ත්‍රැක්ස්
චමිලද අල්විස්
බිගුවා
ශාලික ගයාන්
වැප්
වානක අරුණ මුනසිංහ
චතුරංග සම්පත්
තාරක
රොකියා
බුද්ධි
කණියා
කාවින්ද කොටුවේගෙදර
ලිශ්
මාදව හබරකඩ
මගේ මරනය
මැක්ස්
නලියා
නුවන් අභයසිංහ
පහන්
රන්දික
රන්දීර
සහන්
අයි සමන්
සරත්ගුනතුංග
සසික නානායක්කාර
ශ්‍රී සානු
සුපුන් සුදාරක
සුමින්ද හේමාල්
සූ
තේජාන්
තිලින ගුනසේකර
බින්කු
දුකා

මලී
සරදියෙල්
තරිදු
සසේන්ද්‍ර
සිතිජ සහන්
ඩනිශ්ක
ඇතුලු සියලුම අන්තර්ජාල යාලුවනුත් මතක් කරන්න ඔන.
(අනේ වැරදිලා හරි නමක් බැරි වුනානම් සොරි වෙන්න ඔන)

ලිපිය ‍ගොඩක් දිග වුනා දැන්නම් නවතින්නයි හදන්නේ අමාරුවෙන් මෙච්චර වෙලා කියෝපු ඔයගොල්ලන්ටත් ස්තූතියි. අද නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඔන්න

49 comments:

වැප් said...

තවත් බොහෝ කලක් වැජඹිමට හැකිවේවා ...........!!!!!!!!!!!!!

Kanishka said...

ඔන්න මගෙන් උනුසුම් සුබ පැතුම්.. චිරාත් කාලයක් ලියන්න ලැබේවා කියලා පතනවා :)

ත‍රිඳු said...

මගේ උණුසුම් සුභ පැතුම් සහෝදරයා. එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා

Chanaka Aruna Munasinghe said...

"මම ඉතින් හිතුවා මෙච්චරම මෙයාගේ නම තියෙන්නේ මෙයා හෙන වැඩකාරයෙක් වෙන්න ඇති කියලා"

මම තවමත් හිතන් ඉන්නෙ එහෙමනෙ. ඇයි එහෙම නෙවෙයිවත්ද ?

Unknown said...

ඔයාගේ ගමේ මගෙත් යාලුවො ඉන්නවා.
අවුරුද්දක බ්ලොග් කෙරුවාවට මගෙන් සුබ පැතුම්! දිගමට Anything & Everything ගේන්ට හොදේ

බුද්ධි - සයිබර් යාය

Shirosh said...

මගෙන් උණුසුම් සුභපැතුම්! ඔය බ්ලොග් ලියන්න හැකියාවක් නෑ කියලා කිව්වට මුළු කතාවම යස අගේට ලියලා තියෙන්නේ. අර යාළුවන්ගේ නම් අතරේ මගේ නමත් තියෙනවා. බොහොම ස්තූතියි නම මතක් කළාට!දිගටම ලියන්න සහෝදරයා!!!.

චතුරංග රූපසිංහ said...

@ වැප්, කනී, තරිදු, ස්තූතියි කීවා

Shirosh said...

මගේ උණුසුම් සුභ පැතුම්! අයියා. බ්ලොග් ලියන්න හැකියාවක් නෑ කිව්වට ඔය යස අගේට මුළු කතාව ලියලා තියෙන්නේ. අර නම් ලෑයිස්තුවේ මගේ නමටත් බොහොම ස්තූතියි! දිගටම ලියන්න..

චතුරංග රූපසිංහ said...

@බුද්ධි ඇත්තට ආ සෙට් වෙන්නකෝ බලන්න කවුද කියලා

චතුරංග රූපසිංහ said...

@ Chanaka Aruna Munasinghe
හා හා වැඩකාරයෙක් තමා මොකද නැතුව


@ Shiroshan Randika
හරි මලේ අනිත් අය ලියන දේවල් බලද්දී මේක බ්ලොග් එකක්ද ස්තූතියි කොල්ලා කමෙන්ටුවට

Dar[K] said...

බොහෝ කලක් වැජඹිමට හැකිවේවා !!

පරක්කු උනාට සොරි

Gayan Tharaka said...

නවත්තන්නැතිව ලියාගෙන ලියාගෙන යන්න පුලුවන් වෙන්න ඕන.

හෙළයා said...

සුබ පැතුම් සහෝදරයා. දිගු ගමනක් යමු.

චතුරංග රූපසිංහ said...

@ ඩාර්ක්
පරක්කූ නෑ තාම පැයයි ලිපි‍ය දාලා

ගයාන් තාරක
මගේ බ්ලොග් එකට දාපු මුල්ම කොමෙන්ටුව නේද?
තාම ඩයල් අප්ද?
බලමු බලමු හැකි තාක් කල් ලියනවා
ස්තූතියි කමෙන්ටුවට

චතුරංග රූපසිංහ said...

@ හෙළයා
ස්තූතියි දිරිමත් කිරීමට

uS said...

උණුසුම් සුභපැතුම්
තව ඉදිරියට තව හොඳ හොඳ ලිපි සමඟ හමුවෙමු...

චතුරංග රූපසිංහ said...

@ US
අනිවා පුලුවන් පුලුවන් වෙලාවට දිගටම ලියන්නම්
ඹබටත් ස්තූතියි

සුමින්ද said...

තමන්ගෙ මල්ල පුරව ගන්න ගමන්, මල්ලෙ තියෙන දේවල් අනිත් අයත් එක්කත් බෙදා හදා ගනිමින්, බොහෝ දුර යන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා!!

චතුරංග රූපසිංහ said...

@ සුමින්ද ස්තූතියි යාලුවා මම හැමදාමත් බැලුවේ මමත් ගන්න ගමන් අනිත් අයවත් දෙන්න. ඉදිරියටත් එහෙම්ම කරන්නයි කල්පනාව

සංදීපගේ මයික්කරපෝනය said...

උණුසුම් සුභ පැතුම් සහෝදරයා..........
දිගටම ඉදිරියට කරගෙන යන්න......
අද ඉඳන් මාත් එනවා කියවන්න :) :)

චතුරංග රූපසිංහ said...

@ සංදීපගේ මයික්කරපෝනය
ආ සතුටුයි සතුටුයි එන්න එන්න

Praසන්ன said...

මගෙනුත් උණුසුම් සුබ පැතුම්. දිගටම ලියන්න.

චතුරංග රූපසිංහ said...

@ බිඟුවා...!
@ Praසන්ன

ස්තූතියි දිරිමත් කිරීමට

දේවා said...

මමත් නම් ඔයාගේ බ්ලොග් එකට නිතර ආවා ගියා.. කමෙන්ට් එකක් දාන්නේ සමහර විට අදම වෙන්න ඈති.. කවෘ මොනවා කිවත් ඔයාගේ බ්ලොග් එක එල හදවතින්මයි කියන්නේ.... අනිත් එක 1 අවුරුද්දක් විතරක් නෙමේ තවත් බොහෝ කල් වෑජබෙන්න ලෑබේවා කියලා මම සුබ පතනවා

http://www.athugalpura-zone.co.cc/

RanDil said...

මල්ලීට මෙන්න අක්කාගෙනුත් සුභ පැතුම්.

මෙතරම් කෙටි කාලයකදී මෙතරම් දුරක් ආපු ඔයාට තවත් ඉදිරියේදි හොඳ දියුණුවක් ලැබේවි.


මම හිතුවා වගේම මල්ලිට මේ ලිපියට නම් කොමෙන්ට්ස් ගොඩායි නේද?

Danishka said...

ඉගෙනීමත් මේ වගේම හොදින් කරගෙන යන්න :)
ජයවේවා!

චතුරංග රූපසිංහ said...

@ දේවා ස්තූතියි සහෝ මම දාන දේවල් වලින් කවුරු හරි වැඩක් ගන්නවා නම් ඒක තමා මගේ බලා පොරොත්තුව .
හැමදාමත් ආවා වගේ කොමෙන්ට් නොකලාට ඉදිරියටත් එයි කියලා මම බලාපොරොත්තු වෙනවා

චතුරංග රූපසිංහ said...

@ RanDi
මම බලාපොරොත්තුවුනේ නෑ එයාගේ කොමෙන්ට් එක ඇයි අර කොමෙනට් දාන්න බැරි එක හදා ගත්තද. කොම වුනත් ගොඩක් ස්තූතියි
මගේ කොමෙන්ට් වාර්තාව කැඩුවා මේ ලිපිය

චතුරංග රූපසිංහ said...

@ ඩනිෂ්ක
ස්තූතියි ඔව් කොල්ලා ඒක නැත්නම් එකක්වත් නෑනේ

සු said...

හුළඟ එන්න ජනෙල් ඇරලා තියන්න කිවුවලු හැබැයි හුළඟට තමන්ගේ දේවල් ගහගෙන යන්න ඉඩ නොතියා...මල්ල ගැනත් කියන්න තියෙන්නේ එහෙමයි :) මගේ හෘදයාංගම සුබ පැතුම්.. දිගටම ලියන්න

චතුරංග රූපසිංහ said...

@ සූ
පුන්චි උදාහරනෙකින් ලොකු දෙයක් කිව්වා නේද?
ඇත්ත අක්කා ඇත්ත. උත්සහා කරන්නම්. ස්තූතියි ඇවිත් ගියාට.

Supun Sudaraka said...

මෙන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්. බ්ලොග් අඩවියට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය ගැන වැඩිදුර හිතන්නැතුව දිගටම ලියන්න. එතකොට නිකන්ම ලිවිල්ලත් වැඩිදියුණු වෙයි, කමෙන්ට් වුනත් වැඩිවෙයි. මොනව වුනත් කමෙන්ට් ප්‍රමාණය ගැන හිතන්න යන්න එපා.

එහෙනම් ජීවිත ගමනට අපෙන් සුබාසිරි.
ජයවේවා!

චතුරංග රූපසිංහ said...

@ සුපුන්
කමෙන්ට්ස් ගැන නම් එච්චරම හිතුවේ නෑ තමයි. කමෙන්ට්ස් ගොඩක් වැටෙයි කියලා බලාන ලියපු එකම ලිපිය මේක විතරයි. ඔයා කියන්නේ සම්පූර්න ඇත්ත.ස්තූතියි ඇවිත් ගියාට

Madhuranga Rathnayake said...

මටත් මතකයි ඒ කාලෙ "ඔබ දන්නවාද" එකට බ්ලොගර් කනපිට පෙරලපු හැටි. ඒ කාලෙයි මේ කාලෙයි ගත්තාම දැන් ගොඩාරියක් දේවල් ඉගෙන ගෙන නේද? (ඔයා විතරක් නෙමෙයි අපිත්)
එහෙනම් දිගු ගමනකට ආසිරි...

``` Outsider``` said...

එළ එළ සුබ පැතුම් !
ජයවේවා !

said...

අපෙනුත් ඕන් සුභ පැතුම්!!!!
චියර්ස්ස්ස්ස්ස්!!!!!!!!

චතුරංග රූපසිංහ said...

@ Madhuranga Rathnayake
අම්මේ දැක්කාම සන්තොසේ බැරුවා
කොච්චර කාලෙකින්ද කමෙන්ට් එකක්වත් දැක්කේ
මොකෝ වෙලා තියෙන්නේ දැන්
ඔයාගේ බ්ලොග් එකේ මෙන්න මේ ලිපිය බලාන තමයි මම මුලින්ම බ්ලොග් එක හැදුවේ

http://pvgm.blogspot.com/2008/10/google-blogger.html

මම මේ ලිපිය ලියනකොට ඔයාව මතක්වුනා
එත් නම අමතක වෙලා තිබ්බේ
සොරිවෙන්න ඔන ලිපියේ සදහන් කරන්න බැරි වුන එක ගැන
ගොඩක් ස්තූතියි කමෙනට් එකට

චතුරංග රූපසිංහ said...

@ ``` Outsider```
@ ම

ස්තූතියි ගොඩ වැදුනට සහ කමෙන්ට් එකට
හැමවෙලාවෙම කමෙන්ට් නොකලට ගොඩවැදිලාවත් යන්න කියලා ඉල්ලනවා

Anonymous said...

අයියේ ඔයාට සුභ පැතුම්

චතුරංග රූපසිංහ said...

@ Anusha Nadun Ranaweera
ස්තූතියි ෙකාෙමන්ට් එකට පුලුවන් කරම් ප්‍රශ්න අැති ෙනෙවන විදියට ඉන්න මහන්සී ගන්න

isaman said...

ඔහොම යන් .. ජය වේවා....

Anonymous said...

සුබ පැතුම් සහෝදරයා !
දිගු ගමනකට සුබ පැතුම්.
ජයවේවා !

සහන් සටහන් said...

හත්වලාමේ..... අවුරුද්දක්?
:D එල එල කොල්ලෝ.....
මාත් එක දවසක් බ්ලොග් ලියන සහෝදරයෙකුගෙ ලිපියකට comment එකක් දැම්මා මට Google wave ආරාදනාවක් එවන්න කියලා.... ඔන්න දවසක් බලනකොට වේව් එකක් ඇවිත්.. ඒත් එක්කම ඊමේල් ලිපිනය මුලට මොබිටෙල් අංකයක් තියන එකෙක් ජීමේල් චැට් ඉන්වයිට් කරලා. නමකුත් නැති එකෙක් මොකාද බලන්න ඒකා එක්ක චැට් කලා මෙන්න මූ කියාපි මම ඔයාට "Google wave ආරාදනාවක් එව්වා කියලා"
බලනකොට මේකා Google wave ආරාදනාවක් එවලා........
ඒ මොකාද ඉතිං මේකා තමා..........

Happy Birthday "Anything & Everything"

චතුරංග රූපසිංහ said...

@ isaman
හා හා තැන්කූ තැන්කූ

@ roylyfernando
roylyfernando කීවාම රටම දන්නවැ නොවැ
ස්තූතියි කමෙන්ටුවට

චතුරංග රූපසිංහ said...

@ සහන්
හා හා මම අමාරුවේ වැටුන කතාව උඔම කියලා තියෙන්නේ
අනේ මම එදා ඒක නොඑව්වා නම්
එක පාප මිත්‍රයෙක් හරි අඩු වෙනවානේ
මොනා කරන්නද
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ
ස්තූතියි සුපුරුදු පරිදි උ‍ෙඔ කමෙන්ටුවට
හැම ලිපියකම වගේ කොම් හරි කොමෙන්ට් එකක් දාකවා නොවැ

NUWAN said...

සුභපෑතීමට ප්‍රමාද වීම ගෑන කනගාටු වෙනවා මුලින්ම....ඒත් ඉඩක් ලෑබුන ගමන් අනිවාර්යෙන් කියවනවා ඔබේ ලිපි.මගෙනුත් තවත් දිගු ගමනක් යාමට ඔබට සුභ පෑතුම්

චතුරංග රූපසිංහ said...

@ නුවන් අයියා
පරක්කුවුනාට කමක් නෑ නුවන් අයියා. ආවනේ ගොඩ වැදිලා යන්න. දැන් බ්ලොග් එක්ක කාලය ගතකරනවා අඩුයි වගේ නේද. ස්තූතියි කොමෙන්ට් එකට

රොකියා | Udara said...

අපිත් ඉතින් මේ බ්ලොග් කලාවට බොහොම අලුත් උදවිය. සයිබර් අවකාශය තුල අඳුරගන්න ලැබීම සතුටක්. දිගටම සිංහල බ්ලොග් කරනයත් සමඟ රැඳිලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා

සසීන්ද්‍ර වීරසිංහ said...

චතුරංග අයියට මගෙන් සුභම සුභ, සුභ පැතුම්.
තවත් හොඳට බ්ලොග් ලියන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

මීට සසීන්ද්‍ර...