Saturday 20 February 2010

අපේ සින්ඩිය සහ අලුත් සින්ඩිය

ඇත්තටම අන්තර්ජාලය ප්‍රයොජනවත් ලෙස යෙදවීමට, අපේ සින්ඩිය මම හිතන්නේ මට වගේම ඔයගොල්ලන්ටත් ගොඩක් උපකාරි වෙන්න ඇති. ලෝකය ගැන, තාක්ශණය ගැන, දේශපාලනය, ආගමික, විනෝදාත්මක වගේ මෙකී නොකී නොයෙකුත් දේ ගැන ඔයගොල්ලෝ ලියන දේවල් කකුල් දෙක ගාවටම ගෙනත් දුන්නේ අපේ සින්ඩිය. එක එක කාලවලදී එක එක ආකාරයට වෙනස්වෙමින්, අලුත්වෙමින් හුදකලා ගමනක අපේ සින්ඩිය ආව. මේ දුර එන කොට විවිද බාදක වැට කඩොලු අතරින් එන්න වුනේ, සමහර කාල වල සින්ඩියත් එක්ක හිටපු සින්ඩියේ දියුනුවට යම් තරමකින් දායක වුන අය සින්ඩිය අත හරලා ගියා. සමහරු අලුතෙන් ආව. සින්ඩියට තනියට හිටියේ කොත්තු විතරයි. නමුත් කොත්තු හිටියේ සින්ඩියට සැතපුම් ගනගක් ඈතින්. කොහොම වුනත් පසුගිය දවසක සින්ඩිය ආයෙත් වෙනස්වුනා. මම වගේම සමහරු ඒ වෙනසට එතරම් කැමතිවුනේ නෑ. ඉතින් එහෙම වුන එකෙන් වාසියක් වුනා. සින්ඩියට සහොදරියක් හම්බවුනා. මෙන්න මෙතන එයා ඉන්නවා ගිහින් බලන්න. (හැබැයි මම එහෙම නෙමේ එයාව හැදුවේ, හැදුවේ අපි නවුරුත් දන්න වැප්)

කොහොම වුනත් දැන් අපේ සින්ඩියේ තනියට තව කෙනෙක් ඉන්නවා. දැන් දෙන්නම මීට පස්සේ ඔය‍ ගොල්ලෝ ලියන එවා ගෙනත් දෙයි. අපේ සින්ඩියටයි අලුත් සින්ඩියටයි දෙන්නටම සහයොගයෙන් දිග ගමනක් යන්න හැකිවෙන්න ඔන. මම හිතනවා ඔය ගොල්ලොත් මාත් එක්ක එකග වෙයි කියලා.

9 comments:

සහන් සටහන් said...

එල එල..............
ඔන්න මමත් request එකක් දැම්මා

චතුරංග රූපසිංහ said...

වැදගත් ෙම්ක තව Beta මට්ටෙම්ලු තිෙයන්ෙන්

Unknown said...

මරු මරු, සිංහල අන්තර්ගතය වැඩි වෙන එකනෙ වෙන්නෝනා. මාත් එකතු වෙනවා..

බිඟූ said...

ela ela

Anonymous said...

මමත් ෆුල් සප් එක දෙනවෝ...........

Unknown said...

එල කිරිස් මමත් ඔන්න දැම්මා request එකක්

NUWAN said...

ඔන්න මාත් බෑලුවා ..තාම වෑඩ ඉවර නෑ නේද

Anonymous said...

අපේ සින්ඩියෙ අය විකාර කරනකොට ඕක වෙනවා

RanDil said...

වැඩේ නම් හොඳයි. හැබැයි අර 1956 දිද කොහෙද වුන වැඩේ වෙයිද කියා බය සිතේ.