Monday 8 February 2010

නුහුරු නමුත් වටිනා ගීත ඇල්බමයක්











අප්පච්චී ( appachchi )

මම හිතන විදියට මේ ගීත ඇල්බමය ලංකාවෙ ගොඩක් දෙනෙක් අහල නැහැ. දැනට අවුරුදු 4/ 5 කට පමණ පෙර නිපදවූ ඇල්බමයක් වුනත් මේක රෙකෝඩ්බාර් වල විකීනීමට දාල තිබුනේ නැහැ. ඉතාමත් ලස්සන හරවත් ගීත 14 ක් මේ ඇල්බමයේ අඩංගුයි. ඒක මම කියනවට වඩා ඔයගොල්ලන්ට අහලම තීරනයකට එන්න පුලුවන්. මේ ඇල්බමයේ නිර්මාන කතාව බොහෝම ලස්සනයි. මම ඒ ගැන ඉදිරි ලිපියකදී කියන්නම්.





බොහෝ දුර
පියමං කරන සද,
දකින්නට හගින්නට
ඇවැසිවූ මනුෂ්‍යත්වය සොයා
පඩු පැහැගත් වලා අතරින්,
නික්මීගත් සරා සද ඔහුමවිය.........
" ආදරනීය අප්පච්චී "
මම ඔහු ඇමතුවෙමි..........
කිසිදිනෙක නාදුනන මා,
ඔහුට දියනියක්ම වීය.........
සුවහසක් දරුවන්ගේ
දුක්ඛ දෝමනස්සයන් හමුවේ
ඔහුගේ දෑසට නැගුනු කදුලුවල
මනුෂ්‍යත්වයේ පැහැය මම දුටිමි.
දහසක් ගැරහුම් මැද නොසැලී,
නොනැවතී ඉදිරියටගිය,
ජීවමාන බුද්ධත්වයේ ප්‍රතිමූර්තිය
එහුම වීය..........
මෙහි ගැයෙන සෑම පදයකම ඇත්තේ
" ඒ සැබෑ මිනිසාගේ කථාවයි "
එහි රචකයා මා ද,
නැතහොත් ඔහුගේ
අපරිමාණ මනුෂ්‍යත්වයදැයි
අද ද මම නොදනිමි...........
දුව
මෙතනින් ගන්න

විශේෂ ස්තුතිය
මෙවැනි ගීත ඇල්බමයක් අපිට ලබාදීමට මූලිකවුනු ආර් එස් පින්නපොල ගුරු පියනන්ට
නදීකා විජේසිංහ සොයුරියට

10 comments:

විශ්මි said...

ස්තූතියි ඔබට.

විශ්මි said...
This comment has been removed by the author.
LG said...

මා ගාව මේ ඇල්බම් එක තිබ්බා..ගොඩක් ලස්සන සින්දු තියෙනව මේකේ..

ස්තුතියි මේ සින්දුවට!

gayan8677 said...

Bohoma Sthuuthi me album 1a labadunnata. Loku udauwak me album 1a mediafire 1ata upload karanna puluwannam.

Sandun Dasanayake said...

හිතට වදින හරිම ලස්සන සින්දු ටිකක්. බෝම ස්තුතියි මල්ලි අපි එක්ක බෙදාගත්තට.

RanDil said...

මට තාම හොයා ගන්න නම් බැරි වුනා. ඒත් මල්ලී ඇතුළු පිරිස කියන නිසා ලස්සන ඇතැයි සිතමි.

Anonymous said...

ඔබට ‍ගොඩක් ස්තුතියි.. මම මේ සිංදු හැමතැනම හෙව්වා..

Anonymous said...

සර්ට පින් සිද්ද වෙන්ට අපිත් ගොඩ ගියා!
සර්ට ගොඩක් පින්...

ybay said...

අපේ සර් තමා අපේ ජීවිතේට හම්බුන වටිනාම කල්‍යාණ මිත්‍රයා මගේ සර් ට ගොඩක් පින් අපිට කල උපකාර වලට
http://www.mediafire.com/?o1g5olihkbp52r7

SMS said...

පින්නපොල සර්. අපට පාර පෙන්වූ ගුරුවරයා.