ලියන්න මාතෘකාවක් නැතුව හොය හොය ඉන්නකොට අපේ වාසල සහොදරයා මූනුපොතේ බෙදහැරපු අපූරු විරිදු කවි පංතියක් හම්බවුනා. ඉතින් හිතුවා ඒත මෙහෙම බෙදාගත්තොත් හොදයි කියලා හැමෝම එක්කම. එහි තියන අපූර්වත්වය නිසාම මම ඒක අහගෙන ටයිප්කලා කවි ටික.
ජයමංගල ගී තාලෙට - ඉග බිග බට දඩුනලා
ජයපැන්බොන සෙනග රැලක් - ඉදසිටි හඩ තල තලා
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා
පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසගනොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මැල්ලුමකට වෙල්පලා - නෙලන්න සිහිනිග සලා
යනවිට රණ මොනරිවගේ - මගෙ හද කුල්මත් කලා
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
අඩ සදවන් නලලතේ - චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කලඔට - කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මුහුදෙහි රල පෙල ගැසී - ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට - ආසිරිමල් වැසි වසී
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
නැහැඹුල් හද කිතිකැවී - නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න - එනවද මදු මාදවී
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න - එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
කරදර බාදක මැද්දේ - දිවි ගග පහලට ඇද්දේ
ගල්පරදැක පෙරමුනේ - මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් - ඉමුද පරවි ජොඩුවක්
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න - එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මම කැමතියි නෑනට........ නෑනා කැමති නෑ මට..............
මෙන්න මේ තියෙන්නේ ඒ මම දැක්ක වීඩියෝ එක
පස්සේ එ ලගම තිබිලා මේක ගායනා කරන කෙනා විය හැකි තව වීඩියෝ එකක් ලැබුනා මෙන්න ඒක
මෙකත් බලලා තවත් විරිදු ගැන හොයද්දි තවත් අපූරූ විරිදු පන්තියක් හම්බවුනා. මේ විරිදු පංතිය කියන්නේ පාසල් 12 වසර ශිෂ්‍යාවියක් අපි කවුරුත් දන්න බටුවන්ගල ඉස්කොලේ. අරුනසර් තමයි මේ මුදාහැරලා තිබ්බේ. බලන්නකෝ ඒකත්
තවත් අපූරූ දෙවල් ගොඩක් හම්බවුනා. තවත් දවසක ඒ ටිකත් දාන්න බලාපොරොත්තුවෙමින් අදට මම යනවා.
18 comments:
පොඩ්ඩක් බීසී නිසාඅ උඩින් පල්ලෙන් කියෙව්වේ ආයි කියවලා කමෙන්ට් එකක් දාන්නම්
ආ නියමයි! විරිඳු කියන්නේ ඉතාමත් සරල භාෂාවෙන් සහ සරල සංගීතයකින් ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කළ හැකි සාහිත්‍යමය වටිනාකමක් ඇති දෙයක්. මම නම් විරිදු කියලනම් නෑ. ඒ වගේම වැඩිය අහලත් නෑ. හැබැයි දැන්නම් හොද විරිදු ටිකක් ඇහුවා. බොහොම ස්තූතියි සහෝදරයා!
ඒවගේම මට ප්‍රශ්නයක් ආවා. විරිඳු තියෙන්නේ සිංහල භාෂාවෙන් විතරද? වෙනත් රටවලත් විරිඳු වැනි ගායනා තියෙනවද?
මුගෙත් එක එක කාලෙට එක එක වයර් ෂෝර්ට් වෙනවා :D එල විරිදු :D
ෆන්ම තමයි. ස්තුති අපිටත් රස විදින්න් දැම්මට
මේක නම් මාරම ගති බන්...!!! කියලා වැඩක් නැහැ
හරිම ලස්සන විරිඳු පෙළක්..!!!
සිරා මචන්
නියමයි නියමයි ඉතුරු ටිකත් ඉක්මනටම දාමු නේද
අති විශිෂ්ඨ පද බැඳීමක්
@ ඩාර්ක්
ආ හරි හරි අහන් පස්සේ හිමීට
@ රන්දික
ඇත්ත මේ විරිදු ටික මට කවදාවත් නැති තරමට හිතට ඇල්ලුවා ඒකයි ඔක්කොටම බලන්න මේක දැම්මේ.ස්තූතියි කමෙන්ට් එකට
@ කණියා
හික් ස්තූතියි කමෙන්ට් එකට
@ ගීත්
ස්තූතියි කොල්ලා සහයොගයට
@ ලිශ්
ආ ලිශ් අයියා කාලෙකින් ඇත්තටම ලස්සනයි තමා ඒ වගේම කටහඩපාලනයත් විශිෂ්ඨයි
@මම
ස්තූතියි මචන්
@නුවන් අයියා
දාන්නම් දාන්නම් ඉක්මනටම
@ ස්තූතියි තරදු අනිවා ඇත්ත කතාව
යකෝ මේක රී පෝස්ට්.... නෑ කියන්න එපා... මමත් මේ සිංදුව බා ගත්තේ බ්ලොග් එකක තිබිලා...
නියමයි නියමයි ලොක්කා
කෝ කවුරුවත් කීවෙ නැහැනේ...... නෑන අකමැති ඇයි කියල෴
පද ටික ලියන්න මහන්සි උනාට ස්තුතියි! මම හිතං හිටියේ ඕක කියන්නේ අපි අදුරන එක්කෙනෙක් කියලා....
මමත් කැමති නෑනට නෑන කැමති නෑමට..........
සිරාවටම සුපිරි පද රචනයක්...
එළකිරි. ඇත්තටම ගොඩක් හොදයි.
සල්ලි ටිකක් හම්බුනා - නැන්දම්මා ෆිට් වුනා...
නෑන එවයි එස්.එම්.එස් - මගේ ඉන්බොක්ස් ෆුල් වුනා...
නෑන කැමති දැන් මට... මම අකමැති නෑනට...
නෑන කැමති දැන් මට... මම අකමැති නෑනට...
අමල් ශාන්ත ජයසුන්දර
පොළොන්නරුවෙන්
視訊交友聊天室
線上看a片直播a片下載
線上免費看a片
視訊聊天交友網
夫妻做愛a片直播
a片寫真
a片下載
Post a Comment